අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා බීමතින් රිය පදවා අනතුරක් කිරීමේ වරදට වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. (Sri Lanka Latest News)
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහුට අයත් සුඛෝපභෝගී මෝටර් රථයෙන් ඊයේ (28) රාත්‍රියේ බම්බලපිටියේ සිට දෙහිවල දෙසට ගමන් කිරීමේදී මාර්ගය අසල නවතා තිබූ මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුවී තිබූ බව නිහාල් තල්දූව මහතා පැවැසීය.
සිදුකළ විමර්ශනවලදී රවී සෙනවිරත්න මහතා මත්පැන් පානය කර සිට ඇති බව තහවුරු වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා අද (29) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.










