හිග වාරික මුදල් නොගෙවීම නිසා, සිය බස් රථය, අදාල ලීසිං සමාගම විසින් රැගෙන යාම හේතුවෙන් සිත් වේදනාවට පත්ව සිටි ව්‍යාපාරිකයෙකු සිය දිවි නසා ගැනීමේ පුවතක්, දොම්පේ ප්‍රදේශයෙන් වාර්තා වේ.Sri Lanka Latest News
අදාල ව්‍යාපාරිකයා හතලිස් එක් වියැති දෙදරු පියෙකි.
සියදිවි නසාගෙන තිබෙන ව්‍යාපාරිකයාගේ පියා විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරීවරයෙකු වන අතර, ලීසින් සමාගම ඔහුගේ බස් රථය රැගෙන යාම සම්බන්ධයෙන් සිය පුතා වන දිවි නසා ගත් ව්‍යාපාරිකයා කණස්සල්ලෙන් පසු වූ බව, ඔහු පවසා තිබේ.
අදාල ව්‍යාපාරිකයා සිය දිවි නසාගෙන ඇත්තේ කැළණි ගගට පැණීමෙනි.










