• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිටිහැටියේ ආණ්ඩුවට හොඳ වුණු එමිල් කාන්තන් ගැන ඔබ දන්නවාද? I Sri Lanka Latest News

October 30, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
හිටිහැටියේ ආණ්ඩුවට හොඳ වුණු එමිල් කාන්තන් ගැන ඔබ දන්නවාද? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික එමිල් කාන්තන්ගේ වරෙන්තුව අවලංගු කිරීම මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරයි…’ පුවත්පත් මාධ්‍ය වාර්තාවක්, 2016 පෙබරවාරි 14දා. යට කී වාර්තාව තවදුරටත් මෙසේ කියයි.(Sri Lanka Latest News)

‘හිටපු එල්.ටී.ටී.ඊ. ප්‍රබලයකු වන එමිල් කාන්තන් හෙවත් ඇන්ටනී එමිල් ලක්ෂ්මී කාන්තන් අත්අඩංගුවට ගැනීම සඳහා පනවා තිබූ විවෘත වරෙන්තුව අවලංගු කරන ලෙස නීතිඥවරුන් කළ ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් සිකුරාදා ප්‍රතික්ෂේප කළේය. ඔහු ශ්‍රී ලංකාවේ ඕනෑම වරායකට හෝ ගුවන් තොටුපළකට පැමිණි විට වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට නිකුත් කර ඇති වරෙන්තුව ඉවත් කිරීමට රහස් පොලිසිය විරෝධය පළකිරීමත් සමග මහෙස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. එමිල් කාන්තන් RADA ආයතනයේ මුදල් භාවිත කරමින් රුපියල් කෝටි 100ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අවශ්‍යව සිටියි. RADA නඩුවට අදාළව ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවා ඇත….’

‘එමිල් කාන්තන් අත්අඩංගුවට ගන්න මහාධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කරයි…’ – පුවත්පත් මාධ්‍ය වාර්තාවක්, 2016 දෙසැම්බර් 15දා. එම වාර්තාව තවදුරටත් මෙසේ කියා සිටියි.

‘RADA ආයතනයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ලවී සිටින කොටි සංවිධානයේ හිටපු නායකයකු වන ඇන්තනී එමිල් කාන්තන් වහාම අත්අඩංගුවට ගන්නැයි කොළඹ මහාධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කළේය. චෝදනා පත්‍ර භාරදීම සඳහා විත්තිකාර එමිල් කාන්තන්ට අද (දෙසැ. 15) අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කෙරිණි.

කෙසේ වෙතත් විත්තිකරු වෙනුවෙන් නීතිවේදියකු අද දින අධිකරණයේ පෙනී සිටියද, විත්තිකාර එමිල් කාන්තන් අධිකරණයේ පෙනීසිටියේ නැත. මහාධිකරණ විනිසුරුවරිය ප්‍රකාශ කළේ නඩුව අද දින කැඳවන බව දැනුවත්ව සිටි විත්තිකරු අධිකරණය හමුවේ පෙනීසිටීම හිතාමතාම මඟහැර ඇති බවය. ඒ අනුව විත්තිකාර එමිල් කාන්තන්ව අත්අඩංගුවට ගන්නැයි දන්වා විවෘත වරෙන්තු නිකුත් කරන බව අධිකරණය ප්‍රකාශ කළේය.’

‘එමිල් කාන්තන් අල්ලන්න ඉන්ටපෝල් රතු වරෙන්තු නිකුත් කරයි…’ පුවත්පත් මාධ්‍ය වාර්තාවක්, 2017 ජනවාරි 20 දා. එම වාර්තාව මෙසේ කියයි.

‘සුනාමියෙන් විපතට පත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල නිවාස නැවත ඉදිකිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් RADA ආයතනයට ලබාදුන් රුපියල් මිලියන 200ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම පිළිබඳ වන නඩුවෙන් චෝදනා ලැබ අධිකරණය මඟහැර සිටින විත්තිකරු එමිල් කාන්තන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටපෝල් ජාත්‍යන්තර පොලිසිය රතු වරෙන්තුවක් නිකුත් කර ඇත.’

‘රජයේ සාක්ෂිකරුවකු වෙන්න කොටි නායක එමිල් කාන්තන් උසාවි එයි. මහින්ද රාජපක්ෂ එල්.ටී.ටී.ඊ. සමග ඇතිකරගත් ගිවිසුම එළියට එයි…’ පුවත්පත් මාධ්‍ය වාර්තාවක්, 2018 පෙබරවාරි 02දා. එම වාර්තාව තවදුරටත් මෙසේ කියයි.

‘ප්‍රබල කොටි නායකයකු බව කියන එමිල් කාන්තන් අධිකරණයට භාරවී රජයේ සාක්ෂිකරුවකු ලෙස ඉදිරිපත්ව, මහින්ද රාජපක්ෂ මහතා සහ එල්.ටී.ටී.ඊ.ය අතර ඇතිකරගත් ගිවිසුම් සහ මුදල් ගනුදෙනු ගැන කරුණු ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින බව තතුදත් ආරංචි මාර්ග හෙළිදරව් කරයි. ඔහුට පනවා තිබූ ජාත්‍යන්තර රතු වරෙන්තුව ඉවත් කිරීමට අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා ලද්දේ රජයේ සාක්ෂිකරුවකු වීමට කැමැත්ත පළකොට අධිකරණයට ඉදිරිපත් වීමට සූදානම් නිසා බවද වාර්තා වෙයි. මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා සහ එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් අතර රහස් ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා මැදිහත්කරුවා ලෙස ක්‍රියා කළ එමිල් කාන්තන්, එල්.ටී.ටී.ඊ. සමග කළ සියලු මුදල් ගනුදෙනුවලටද සම්බන්ධ වූ බවද වාර්තා වී ඇත.

2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා සහ කොටි නායක ප්‍රභාකරන් අතර සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇත්තේද, ඒ හා සම්බන්ධ මුදල් ගනුදෙනු මිලියන ගණනින් සිදුව ඇත්තේද එමිල් කාන්තන් හරහා බව පැවැසෙයි. මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ පරාජය කිරීම සඳහා එල්.ටී.ටී.ඊ.යට මුදල් ලබාදීමේ ගනුදෙනුවද සම්බන්ධීකරණය කර ඇත්තේ එමිල් කාන්තන් විසින් බව පැවැසෙයි. එදා එල්.ටී.ටී.ඊ.ය විසින් ඡන්දය දීම වැළැක්වීම සිදු නොකළා නම්, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට බොහෝ සෙයින් ඉඩ තිබූ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි…’

පසුගිය කාලයේ, එනම් වසර කිහිපයකට ඉහතදී පුවත්පත් වාර්තා ගණනාවක් හරහා අසන්නට ලැබුණු මෙම බැරෑරුම් ආන්දෝලනාත්මක කතාන්දර මොනවාද? එක්තරා පුද්ගලයෙක් කතා නායකයා වශයෙන් ගෙන සඳහන් කෙරුණු මෙම වගතුග බොහෝ දෙනකුගේ මතකයෙන් ගිලිහී නැත. මෙම කතා නායකයා කවරෙක්ද? ඔහු නමින් ඉහත සඳහන් ඇන්ටනී එමිල් ලක්ෂ්මී කාන්තන් නොහොත් එමිල් කාන්තන්ය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබලයකු වන ඔහු ගැන මෙලෙස අතීත වගතුගක් ඔබට මුලින්ම ලියා තැබුවේ ඇයි එයට හේතුව නම් මෙයට දින කිහිපයකට ඉහතදී අපට අසන්නට ලැබුණු සුවිශේෂ වගතුගක් හේතුවෙනි. පසුගියදා මාධ්‍ය වාර්තා රාශියක් හරහා මෙම අලුත්ම පුවත ප්‍රකාශ වී තිබුණේය. එසේ නම් එම පුවත් හරහාද ප්‍රකාශ වී තිබුණේ ඉහත සඳහන් කළ විශේෂිත පුද්ගලයා ගැනම වූ වගතුගකි. එම පුවත් වාර්තා හරහා කියැවුණු කතාව ගෙනහැර බලමු.

‘ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් නිසා අසාදු ලේඛනගත කර සිටි රමේෂ් හෙවත් නික්ලාපිල්ලෙයි ඇන්ටනී එමිල් ලක්ෂ්මී කාන්තන් හෙවත් එමිල් කාන්තන් සහ මුරුගේසු ශ්‍රී සන්මුගරාජා එම නිල ලැයිස්තුවෙන් ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඔහුට එරෙහිව අන්තර්ජාතික පොලිසිය විසින් රතු නිවේදනයක්ද නිකුත් කරනු ලැබ තිබිණි. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න විසින් එම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත. එමිල් කාන්තන් කොටි සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයකු ලෙස මෙයට පෙර හඳුන්වාදී තිබිණි…’

මෙම පුවත සමාජය බොහෝ සේ කැලඹූ ආන්දෝලනාත්මක පුවතක් ලෙස ප්‍රකාශ වී තිබිණි. ‘කලකදී වහ කලකදී රහ වෙනවාලු’ යන අපූරු සිංහල උපහැරණය මෙම පුවත කන වැකුණු ගමන් අපට මතකයට නැඟෙයි. එනම්, මෙම ප්‍රබල ත්‍රස්තවාදී නායකයාට එරෙහිව තහංචි පැනවූ රාජ්‍ය පාර්ශ්වයම අද එම තහංචි සියල්ල අල්ලා ඉවත දමා ඇත. ඒ විතරක් නොව එම තීන්දුව අති විශේෂ ගැසට් පත්‍රයක් මගින්ද ප්‍රකාශයට පත්කර ඇත.

මෙම විශාල කතාබහකට ලක්ව සිටින එමිල් කාන්තන් නමැති මිනිසා කවරෙක්ද? පසුගියදා මොහු ගැන අදාළ වූ සිදුවීම යම් පුවත් කිහිපයක් හරහා පමණක් ප්‍රකාශ වුවද ඔහුගේ සැබෑ ජීවිත වගතුග කිසිදු ස්ථානයක සඳහන්ව නොතිබිණි. මෙම ලිපියේ ආරම්භයේදීම අතීත කතා කිහිපයක් හරහා අප උත්සාහ කළේද එම අවබෝධය ඔබට ලබාදීමටය. එම අතීත වගතුග හරහාද සෑම විටකම හෙළිව තිබුණේ මෙම එමිල් කාන්තන් නමැති පුද්ගලයාට එරෙහිව තිබුණු විවිධ බැරෑරුම් චෝදනාවන්ය. කෙසේ හෝ අප මෙම සුවිශේෂ මිනිසා ගැන තවත් වගතුග සොයා බලමු.

එමිල් කාන්තන් යනු එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානයේ හිටපු උතුරු හා නැගෙනහිර පළාත් මූල්‍ය ප්‍රධානියා වශයෙන් සැලකෙයි. කොටි සංවිධානය තුළ සියලු දේශීය මූල්‍ය කටයුතු භාරව කටයුතු කිරීම සිදුකළ මෙම තනතුර ඉතා ප්‍රබල එකක් විය. කොටි සංවිධාන නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ අතිශය සමීප බලගතු පුද්ගලයකු වශයෙන් මොහු ප්‍රකට විය.

එනම් ශ්‍රී ලංකාව තුළදී කොටි සංවිධානයට අදාළ වන මූල්‍ය කටයුතු සියල්ලක්ම අධීක්ෂණය කර ඇත්තේ එමිල් කාන්තන් විසිනි. මොහු එකල රාජපක්ෂ පාලනය පැමිණීමට පෙර සිටම රාජපක්ෂ පවුලේ බලගතු සාමාජිකයන් සමග සමීපව ගනුදෙනු කළ බව පැවැසෙයි. එම සාමාජිකයන් අතර ප්‍රධානතම අයකු වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂය. ඒ බව ප්‍රබලව තහවුරු කෙරෙන ඡායාරූප පවා ඉතිහාසයට එකතුවී ඇත. එමවැනි වටපිටාවකදී එමිල් කාන්තන් ගැන විවිධ අවස්ථාවලදී අසන්නට ලැබුණු කතන්දර බොහෝය. මේ සියල්ලම ඔහුට එරෙහිව නැගුණු චෝදනාවන්ය. අප මෙහිදී එම වගතුග සොයා බලමු.

● රුපියල් මිලියන 200ක් වංචා කළැයි චෝදනා ලැබූ ආන්දෝලනාත්මක RADA නඩුවේ දෙවැනි විත්තිකරු වශයෙන් නම්කිරීම. උතුරු-නැගෙනහිර ප්‍රදේශවල කොටි පාලන ප්‍රදේශයන්හි විපතට පත් ජනතාවට නිවාස ඉදිකිරීම සඳහා RADA රාජ්‍ය ආයතනය හරාහ මෙම මුදල් ලබාදී තිබිණි.

● කොටි ත්‍රස්තවාදී ක්‍රියා රැසකට අදාළව අවස්ථා ගණනාවකදී එමිල් කාන්තන් චෝදනා ලැබ තිබීම සහ අධිකරණයේ නඩු ගොනුකර තිබීම. මේ අනුව ඔහු මාස 03ක කාලයක් කළුතර බන්ධනාගාරයේ සිරගත කර තිබීම.

● කළුතර බන්ධනාගාරයේ සිරගතව සිටි කාලයේදී එම බන්ධනාගාර නිරීක්ෂණයකට පැමිණි අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට එමිල් කාන්තන් ප්‍රධාන තවත් කොටි ත්‍රස්ත සිරකරුවන් පිරිසක් විසින් උල් ආයුධයකින් පහරදී ඝාතනය කිරීමට තැත් කළේ යැයි චෝදනා ලැබීම සහ නඩු පැවරීම.

● එමිල් කාන්තන්ට එරෙහිව විවිධ චෝදනා ගොනුවන කාලයේදී ඔහු හොර රහසේම ඩුබායි රාජ්‍යයට පැනගොස් සැඟව සිටීම. ඒ සඳහා එකල රාජ්‍ය අනුග්‍රහය පවා ලැබුණු බවට චෝදනා එල්ල විය.

● චම්පික රණවක විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ, ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණයට අදාළ වගතුග හෙළිකරන ‘පැනමා පත්‍රිකාවල’ පවා නම සඳහන්ව තිබුණු විද්‍යා අමරපාල සමග එමිල් කාන්තන් ඉතා සමීප සම්බන්ධතාවක් පැවැත්වීම. මොවුන් දෙදෙනා ඩුබායි රාජ්‍යයේදී හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි ඡායාරූප කිහිපයකින් හෙළිව තිබිණි.

● ප්‍රබල කොටි නායකයකුව සිටි එමිල් කාන්තන් පසුගිය ජනාධිපතිවරණයකදී මහින්ද රාජපක්ෂ පාර්ශ්වය සමග සම්බන්ධ වී කටයුතු කළේ යැයි චෝදනා ලැබීය. රාජපක්ෂ රජය සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර ඇතිකරගත් ගිවිසුම් සහ මුදල් ගනුදෙනු සඳහා ප්‍රධාන වශයෙන්ම මැදිහත්වී ඇත්තේ එමිල් කාන්තන් බව ප්‍රබල ලෙස චෝදනා එල්ල වී තිබීම. මහින්ද රාජපක්ෂ මහතා දිනවීම සඳහා එම රහස් ගිවිසුම එකල ක්‍රියාත්මක කළ බව ප්‍රකාශ වී තිබිණි.

● ඩුබායි රාජ්‍යය තුළ ඉතා සුපිරි මට්ටමේ දේපළ, නිවාස ආදිය මිලදී ගෙන තිබීම. එකල පාලක රජයේ බොහෝ ප්‍රබල දේශපාලකයන් පවා එම රටවලට යන විටදී නවාතැන් ගත්තේ එමිල් කාන්තන්ගේ නිවාසවලය. එමිල් කාන්තන් බොහෝ රහසිගත ව්‍යාපාරවලටද සම්බන්ධ වූ පුද්ගලයකු ලෙස ප්‍රකටය.

දැන් ඔබ මෙම එමිල් කාන්තන් යනු කවුරුන්දැයි හොඳින්ම දන්නවා ඇත. පසු කාලයකදී එමිල් කාන්තන්, ඩග්ලස් දේවානන්දා ඝාතන නඩුවෙන් නිදහස් වූ අතර, ඔහු RADA නඩුවෙන් දෙවැනි විත්තිකරු ලෙස නිදහස ලැබීය. අද එම කතාවේ කූටප්‍රාප්තිය වෙත පැමිණ ඇත. එනම්, එමිල් කාන්තන් අද ත්‍රස්තවාදී අසාදු ලේඛන ලැයිස්තුවෙන්ද ඉවත් කර ඇත්තේ අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද රජය ප්‍රකාශයට පත්කරමිනි. ‘කලකදී වහ කලකදී රහ වෙනවාලු…’

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව මකා දාපු අයවම නැවතත් තනතුරුවලට පත් කිරීමේ කුමන්ත්‍රණයක්! අලුත් සෞඛ්‍ය ඇමැතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි! I Sri Lanka Latest News

Next Post

මහින්ද ආණ්ඩුවට පවරා ගත් සෙවණගල සීනි සමාගම යළි දයා ගමගේට දෙන්න සියල්ල සූදානම්? I Sri Lanka Latest News

MORE NEWS

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

හෙට ඉඳන් බදුලු කෝච්චිය නානුඔයටම යනවා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල අදින් වසරකට පෙර තිබ්බ ගාණටම පහළට බසී! ඩොලර් 120ට ගිය බැරලය දැන් ඩොලර් 73යි! දෙනවා නම් දැන් පෙට්‍රල් ලීටරය රුපියල් 300ට දෙන්න පුළුවන්! I Sri Lanka Latest News

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News

වී අස්වැන්නට සාධාරණ මිලක් ලැබෙන්නේ නැති බව කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේ දී පිළිගනියි...Sri Lanka Latest News

Read more
ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

හෙට ඉඳන් බදුලු කෝච්චිය නානුඔයටම යනවා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

බොරතෙල් මිල අදින් වසරකට පෙර තිබ්බ ගාණටම පහළට බසී! ඩොලර් 120ට ගිය බැරලය දැන් ඩොලර් 73යි! දෙනවා නම් දැන් පෙට්‍රල් ලීටරය රුපියල් 300ට දෙන්න පුළුවන්! I Sri Lanka Latest News

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.