ඊයේ (15) පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 45ක් ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. (Sri Lanka Latest News)
එමෙන්ම ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය විභාගයෙන් පසු සමාජ මාධ්‍ය වෙත මුදාහැරිය පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
විභාග ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතින බව විභාග දෙපාර්තමේන්තුවේ අවධානයට ලක්වීමෙන් අනතුරුව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
lankasara










