• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැම අවුරුද්දකට වතාවක් හොල්මන් කරන කවුද මේ තිලීපන් I Sri Lanka Latest News

September 28, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දකුණට මෙන්ම උතුරටද මාතෘකාව වී ඇත්තේ තිලීපන්ය. ඊට හේතුව සැප්තැම්බර් 27 වැනිදාට යෙදී ඇති ‘තිලීපන් සමරුව’ ඉලක්ක කර ඇතැම් කොටස් විසින් සිදුකරන වෛරී ප්‍රකාශ සහ හැසිරීම්ය. එහෙත් අද පරපුරේ බහුතරයකට තිලීපන් කවුදැයි පැහැදිලි අවබෝධයක් නැත.(Sri Lanka Latest News)

ඔවුන් තිලීපන් අඳුනන්නේ බහුතර ජාතිකවාදීන් කරනු ලබන නිර්වචනයන්ට අනුව ත්‍රස්තවාදියෙක් ලෙසය. සැබැවින්ම තිලීපන් ත්‍රස්‍තවාදියෙක්ද නැද්ද යන්න ඉතිහාසය විසින් තීරණය කරමින් සිටී. එහෙයින් තිලීපන් සම්බන්ධව වර්තමානයේ මතුවන විවිධ තොරතුරු මධ්‍යයේ ඔහුගේ සැබෑ තොරතුරු සොයා අතීතයට ඔබ ගෙනයාම මේ ලියුම්කරුගේ උත්සාහය වන්නේය.

1987 සැප්තැම්බර් 15 දා ඓතිහාසික නල්ලූර් කන්දස්වාමි කෝවිල ඉදිරිපිට ඉන්දීය සාම හමුදාව ශ්‍රී ලංකාවෙන් පිටවන ලෙසත් උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ගැටලුව සඳහා සාධාරණ විසඳුමක් ලබදෙන ලෙසත් බලකරමින් එක්තරා තරුණයෙක් උපවාසයක් ආරම්භ කළ පුවත රට පුරා පැතිර ගියේය. උතුර එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත්‍රස්තවාදයටද, දකුණ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ භීෂණයටද සින්න වෙමින් පැවතුණු ඒ යුගයේ මිනිස් ජීවිතයක අගය තුට්ටුවට වැටී තිබිණි.

දෙකොණේ දේශපාලන බලවතුන් විසින් තරගයට මෙන් දැල්වූ ජාතිවාදී ගිනිමැලය උතුර දකුණ යාකළ පාලම දවා හළුකර තිබුණේය. එවන් යුගයක උතුරේ දෙමළා නම් නිසැක ත්‍රස්තයෙක් ලෙස කියවන්නට පුරුදුව සිටි දකුණේ බහුතරයකට යාපනයේ කොල්ලෙක් උපවාසයක් ආරම්භ කිරීම කිසිසේත් කම්පාවක් නොවූයේය. එහෙත් මේ දෙමළ කොල්ලාගේ උපවාසය ලෝකයේ අවධානය දිනාගන්නට සමත් වූයේය. එදා ඒ මාරාන්තික උපවාසය ආරම්භ කළ හීන්දෑරි කොල්ලා අන් කවුරුවත් නොව අද රටම කතාකරන තිලීපන්ය.

1963 නොවැම්බර් 29 වැනිදා යාපනය වඩුක්කොඩෙයිහි උපත ලබන තිලීපන්ගේ මුල් නම රාසයියා පාර්තීපන්ය. ඔහුගේ පියා ගුරුවරයෙක් බව පැවැසේ. එහෙත් ඔවුන් කෘෂිකර්මය මුල්කොට ජීවිකාව ගොඩනගාගත් පවුලක් බව ඇතැම් තැන්හි සඳහන් වෙයි. කුඩා රාසයියා තුන්මස් වයසැති බිලිඳෙක්ව සිටියදී ඔහුගේ මව මියයන්නේය. අධ්‍යාපනයට දස්කම් දක්වන රාසයියා පාර්තීපන් වඩුක්කොඩෙයි දෙමළ පාසලෙන් සහ යාපනය හින්දු විද්‍යාලයේ ඉගෙනුම ලබන්නේය. උසස් පෙළ උසස් ආකාරයෙන් සමත්ව යාපනය විශ්වවිද්‍යාලයට පිවිසෙන්නට ඔහු සමත් වන්නේය.

ඉතා දිගුකලක් දකුණේ දේශපාලනය විසින් නොතකා හරින ලද උතුරේ තරුණ කොටස් 80 දශකය ආරම්භ වන විට පසුවූයේ දේශපාලනිකව දැඩි ආවේගශීලී තත්ත්වයකය. ඔවුහු දකුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන උතුරේ සාම්ප්‍රදායක දේශපාලන නායකත්වයට එරෙහි වූහ. තම ප්‍රශ්න සඳහා එකම විසඳුම ස්වයං පාලනයක් බව විශ්වාස කළ කොටස්ද උතුරේ බිහිවන්නට විය.

1980 දශකය ලබනා විට භද්‍ර යෞවනයට එළඹෙමින් සිටි තිලීපන්ලාගේ වයසේ කොල්ලන්ට මෙකී මතවාද ආකර්ෂණීය විය. එහෙයින් උතුරේ තරුණයෝ එහි බිහිවෙමින් තිබූ සන්නද්ධ කණ්ඩායම් වෙත ආකර්ෂණය වීම පුදුමයක් නොවේ. රාසයියා පාර්තීපන්ද ඒ ආකාරයෙන් 1983 මුල් භාගයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය හා එක්වන්නේ ඡන්දයෙන් දිනාගන්නට බැරිවූ අයිතීන් උණ්ඩයෙන් දිනාගන්නටය. රාසයියා පාර්තීපන් තිලීපන් ලෙසින් නම් කරන්නේ කොටි සංවිධානය විසිනි. 1987 මැයි මාසයේ රජයේ හමුදා සමග සටනකදී බරපතළ තුවාල ලත් ඔහු අනතුරුව යාපනයේ දේශපාලන නායකයා බවට පත්කරන්නට එල්.ටී.ටී.ඊ. සංවිධානය කටයුතු කරන්නේය.

1987 වසරේ අගෝස්තුව වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වැනි සංශෝධනය එක් කරමින් ගෙන ආ ඉන්දු ලංකා ගිවිසුම බලාත්මක වන්නට පටන් ගෙන තිබිණි. උතුරු නැගෙනහිර ක්‍රියාත්මකවූ සන්නද්ධ කණ්ඩායම් බහුතරයක් ආයුධ අතහැර දේශපාලනයට එළඹ අලුතින් හඳුන්වා දෙන පළාත් සභා සඳහා සූදානම් වෙමින් සිටිහ. එහෙත් එල්.ටී.ටි.ඊ. සංවිධානය යළි යළිත් සිය සන්නද්ධ ක්‍රියාවන්ට නැඹුරු වෙමින් සිටි අතර, ශ්‍රී ලංකාවේ හමුදා බැරැක්ක වෙත කැඳවීම නිසා ඉන්දීය සාම හමුදාව එල්.ටී.ටී.ඊ.ය සමග අඛණ්ඩව ගැටෙමින් සිටියහ.

එම තත්ත්වය මත උතුරේ ජනතාවට ඉන්දීය හමුදාව එපාවී තිබිණි. දකුණේ ක්‍රියාත්මක දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයද ඉන්දීය හමුදාව වහා පිටවිය යුතු බවට අරගල කරන්නට විය. ඔවුන් ඉන්දීය හමුදාව හැඳින්වූයේ ආක්‍රමණික වඳුරු හමුදාව යන නමිනි. උතුරේත් දකුණේත් කෝපයට ලක්වෙමින් සිටි ඉන්දීය හමුදාව රටින් පිට කිරීම තිලීපන්ගේ ප්‍රධාන ඉල්ලීම විය. එය උතුරේ පමණක් නොව දකුණේද ඉල්ලීමක් ලෙස පැවැසීම සාධාරණය.

1987 සැප්තැම්බර් 15 අරම්භ කළ උපවාසය සැප්තැම්බර් 26 වැනිදා නිමාවූයේ තිලීපන්ගේ මරණයෙනි. මේ අවාසනාවන්ත මරණය සමග දෙමළ සමාජයට තිලීපන් වීරයකු වීම වැළැක්විය නොහැකි විය. ඒ සමගම ලෝක දෙමළ ප්‍රජාව අතර තිලීපන්ගේ නම පැතිර යන්නට විය. ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ පැතිර ගියේ වෙනත් කතාවකි. තිලීපන් වකුගඩු රෝගියකු බවත් ඉක්මනින් මියයාමට නියමිතව සිටි බවත් ඒ ආකාරයේ එක් කතාවකි.

ඔහු බීමට වතුර ඉල්ලූ නමුත් එල්.ටී.ටී.ය ඊට ඉඩ නොදී ඔහුට මැරෙන්නට සැලසූ බව තවත් කතාවකි. දකුණේ මොන ආකාරයෙන් අවතක්සේරු කළද උතුරට තිලීපන් වීරයෙක්ම විය. ‘මරණය ජයගත නොහැකිමුත් මරණයෙන් බොහෝ දේ ජයගත හැකි බව’ උපවාසය අරඹමින් තිලීපන් කී කතාවට උතුරේ ඉහළ ජනප්‍රිය බවක් හිමිවිය. එහෙත් ‘ගැටුම ඇත්තේ සිංහල මිනිහා සමග නොව අපට වෙඩි තියන හමුදාව සමග බවට’ ඔහු කළ ප්‍රකාශය දකුණට එතරම් සංවේදී වූයේ නැත. මේ කතා කෙසේ වෙතත් වසර 36කට පසු අදත් උතුරු නැගෙනහිර ජනයා තිලීපන් සමරන්නට එක්වන්නේ ඔවුන්ගේ හදවතේ තිලීපන් නමට ඉඩක් වෙන්ව ඇති නිසාය. දකුණේ ජාතිවාදී නඩය තේරුම්ගත යුත්තේ මෙන්න මේ කතාවය.

උතුරේ යුද්ධය නිමාවී මේ වන විට වසර දහයකට වඩා වැඩි කලක් ගොස් ඇත. එහෙත් උතුරුකරයේ ජනයා සම්බන්ධව තවමත් දකුණේ ඇතැමුන් තුළ පවතින්නේ පසමිතුරු ආකල්පය. වාර්ගික යුද්ධයක් විසින් ගිනිබත් කළ උතුරේ ජන ජීවිතය අළු දූවිලි මතින් නැගී සිටීම ‘කොටි නැගිටීම ’ලෙසින් වරදවා කියවා ගන්නා ඇතැම්හු ඕනෑම ජන කොටසකට හිමිවිය යුතු සිය මියගිය ඥාතීන් සැමරීමේ මූලික මිනිස් අයිතිය පවා දිගු කලක සිට චේතනාන්විතව උල්ලඝනය කරමින් සිටී.

දකුණේ ජාතිවාදී හනුමන්තලා කියනා හැටියට එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයකි. එබැවින් එහි සාමාජිකයන් සැමරීම නීති විරෝධීය. තිලීපන් සැමරුමටද ආරෝපණය කරනුයේ එකී තර්කයය. එක ජන කොටසකට වීරයන් වන චරිත තවත් ජන කොටසකට ද්‍රෝහීන් වීම අරුමයක් නොවේ. එසේ වූ පමණින් තම ළබැඳියන් සැමරීම නීති විරෝධී යැයි නගන තර්කය වර්ගවාදී මනසක් ඇති පිරිස් මිස, ශීලාචාර ලෝකය පිළිගන්නේ නැත.

ලෝකයටම වීරයෙක් වන මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය වෙනුවෙන් පෙනී සිටි උන්මත්තකයන්ට ද්‍රෝහියෙක් විය. 1818 ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය දුන් කැප්පෙටිපොළ, කොහුකුඹුරේ රටේරාළ වැන්නෝද, 1842 මාතලේ කැරැල්ලට නායකත්වය දුන් වීර පුරන්අප්පු වැන්නෝද අපට වීරයෝ වෙති. එහෙත් ලංකාව බි්‍රතාන්‍ය කිරීටයට නතුව පැවැති සමයේ මේ වීරයන්ට සැලකුවේ ද්‍රෝහීන් ලෙසය.

එසේ වූවාට ලාංකිකයන්ගේ හිත්වලින් එකී වීර චරිත අතුරුදන් වූයේ නැත. සියවස් දෙකකට පසුවද ලාංකිකයෝ එකී වීරයන් සමරති. වෙනකක් තබා 1970දී සහ 1987 – 89 කාලයේ අසාර්ථක කැරැලි දෙකක් මගින් රාජ්‍ය බලය අල්ලන්නට උත්සාහ ගෙන විශාල පිරිසක් මරාදමූ සහ රාජ්‍ය දේපොළ ගිනිබත් කළ ජනතා විමුක්ති පෙරමුණ පවා අදටද තම නායකයන් ඇතුළු ඝාතනය කරන ලද සාමාජිකයන් සමරති. ඒ සඳහා ඔවුනට ශුද්ධවූ අයිතියක් ඇත්තේය. එකී අයිතිය සිංහලයාට ඇති බව පිළිගන්නා බහුතරයක් දෙමළාටද එම අයිතියම ඇති බව පිළිගන්නට මැලිවෙති.

ජනමතයක් නැති බංකොලොත් දේශපාලන බලවේග වෙනුවෙන් ජාතිවාදය වපුරන්නෝ දකුණේ මෙන්ම උතුරේද නැත්තේ නොවේ. පසුගියදා කුරුන්දි විහාරය අල්ලාගෙන ආගමික කැරැල්ලක් ඇති කරන්නට උත්සාහගත් පිරිසේ අරමුණ වූයේ අමාරුවෙන් පැළවීගෙන එන සංහිඳියාවේ ගස මුලිනුදුරා දැමීමය. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නිවෙස වට කළේද කොහෙන් හෝ කෝලාහලයක් ඇතිකරගන්නටය.

ඒ සියල්ල වැරැදුණු කල තිලීපන්ගේ සැමරුමේ එල්ලෙන්නට උත්සාහ ගනිමින් සිටිනුයේද එකී පිරිස්මය. ජනතාව වටහාගත යුත්තේ මෙකී හනුමන්තලාගේ හෙලුව මිස අනෙකක් නොවේ. ද්‍රවිඩ ජනයාගේ මළවුන් සැමරීමේ අයුතියට චාරිත්‍රයක් ලෙස විරුද්ධ වීමට ඇතැම් පාර්ශ්වයන් පෙලඹ සිටින්නේ ඒකය. නොඑසේ නම් එකී විරුද්ධ වීමට කිසිදු පදනමක් නැත්තේය.

ඊට හොඳම උදාහරණය ලෙස පසුගිය 17 වැනිදා ත්‍රිකුණාමලයෙන් වාර්තා විය. ඒ තිලීපන් සැමරුම වෙනුවෙන් ගමන්ගත් නිරායුධ සාමකාමී පෙරහැරකට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය දැක්විය හැක්කේය. පොලු මුගුරු ගෙන සාමකාමී පෙරහැරට නින්දිත ලෙස පහර දුන්නේ සිංහල ජන කොටස් බව ඊට අදාළ වීඩියෝ නිරීක්ෂණයෙන් වටහාගත හැකිය. එම ප්‍රහාරයට එක්වූ ජාතිවාදී මැරයන් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්ට පවා බිහිසුණු ලෙස පහර දුන්නේ පොලිස් නිලධාරීන් බලා සිටියදීය.

සිවුදෙසින් නැගෙන්නට වූ විරෝධය නිසා එම මැර පිරිසෙන් හතර දෙනෙක් චීන වරාය පොලිසිය මගින්ද, තවත් දෙදෙනෙක් ත්‍රිකුණාමලය පොලිසිය මගින්ද අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන ලදුව රාක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

තිලීපන් විරෝධය ත්‍රිකුණාමලයට සීමාවූයේ නැත. එම සමරු පෙරහැරට වවුනියාව නගරය මැදින් යාමට නොදෙනා ලෙස ඉල්ලමින් වවුනියා අධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමක් එම අධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇත. ඊට අමතරව තිලීපන් සමරුවට එරෙහිව මුලතිව් පොලිසිය ඉල්ලා සිටි වාරණ නියෝගය කිකුත් කිරීම එම අධිකරණ ප්‍රතික්ෂේප කර ඇත. මේ සෑම ක්‍රියාවකින්ම පෙනෙන්නේ තිලීපන්ගේ නමටද ඇතැම් පාර්ශ්ව දක්වන බිය මිස අන් කිසිවක් නොවේ.

එහෙත් සමස්ත දකුණම තිලීපන් හෝ ද්‍රවිඩ ජනයාගේ මළගිය ඥාතීන් සැමරුමට එරෙහි වන්නෝ නොවෙති. තිලීපන් වෙත නොමඳ සහෝදරත්වය පළකරන්නෝ දකුණේද ඕනෑ තරම්ය. ඔහු වෙනුවෙන් ගී කවි ලියැවී ඇත්තේ දෙමළ භාෂාවෙන් පමණක් නොවේ. සිංහල භාෂාවෙන්ද තිලීපන් වෙත සහෝදරත්වය පළකළ ගී කවි නොලියවුණාම නොවේ. කෝ. ආනන්ද හිමියන් විසින් විරචිත, විශාරද ජයතිලක බණ්ඩාරයන් ගායනා කළ ‘ජීවිතයෙන් වන්දි ගෙව්ව සොයුරු තිලීපන්’ ගීය ඒ ආකාරයේ සහෝදරත්ව නිර්මාණයන්ට හොඳ උදාහරණයකි.

(කිසිම ප්‍රසිද්ධ මාධ්‍යක ප්‍රචාරය නොවන මෙම ගීතය Jayathilaka Bandara – Thileepan Song යනුවෙන් යූටියුබ්හි සර්ච් කිරීමෙන් ඔබටද නැරඹිය හැක)

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සංචාරකයන්ගේ නොමනා වැඩ නිසා විනාශ වෙන සුන්දර හාවාගල කන්ද I Sri Lanka Latest News

Next Post

නව තත්ත්වයට මුහුණ දීමට IMF එකට යාන්ත්‍රණයක් නෑ! ලෝක බැංකුව-සමන්තා පවර් නැත්නම් මම අද මෙතන නෑ! කැමැති වුවත් නැතත් ආසියාව රඳා පවතින්නේ චීනයේ සමෘද්ධිය මත! චීනය වැටුණොත් අපිත් වැටෙනවා! අමෙරිකාවයි-යුරෝපා සංගමයයි චීනය සමග සාකච්ඡා කළ යුතුයි! රනිල් බර්ලින් සමුලුව අමතයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.