ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අද (11) පැවැත්වෙන පළමු සැසිවාරය ශ්‍රී ලංකාවට ඉතා තීරණාත්මක එකක් වනු ඇති බවත්, එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පවසනවා. (Sri Lanka Latest News)
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාද එම සැසිවාරයට සහභාගි වී සිටින බවත්, සෞඛ්‍ය ක්ෂේත්රය තුළ උද්ගතවී ඇති දැඩි අර්බුදකාරී තත්ත්වය සහ ඖෂධ මාෆියාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කිරීමට ඔහු කටයුතු කරන බවත් කාවින්ද ජයවර්ධන මහතා අද (11) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියා.










