• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිර්වින්දනය අහිමි රටක මරණයේ වින්දනය සහ දේශපාලන ස්වයං වින්දනය I Sri Lanka Latest News

September 11, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපි දන්නවා ශ්‍රී ලංකාව තියෙන්නෙ පණ අදින තත්ත්වයක. එක එක තාලෙට ලෙඩ හොඳ කරන්න කියලා ආපු දොස්තර මහත්තුරු කළේ ලෙඩ්ඩුන්ගෙ වකුගඩුවෙ ඉඳලා විකුණ ගත්ත එක. ලෙඩාගෙන් හම්බකරගෙන කාපු එක. ලෙඩාගෙන් පොඩි සොමියක් ගත්ත එක. ලෙඩා තව තවත් ලෙඩ වුණ එකයි වුණේ. ලෙඩාගෙ ලෙඩේ ගැන හොයන්න කියලා ආපු හුඟාක් දොස්තර මහත්තුරු ලෙඩේ වවාගෙන කෑවා.(Sri Lanka Latest News)

හැමෝම පාවිච්චි කළේ ලෙඩා මළත් බඩ සුද්දයි කියන න්‍යායෙ වැඩ. අවාසනාවකට අපිත් හිටියෙ ලෙඩා මැරුණත් ඒ මැරුණ විදිය දොස්තර මහත්තයගෙ දක්ෂතාවක් මත වුණ දෙයක් කියලයි. ඒ නිසා දොස්තරලා දොස්තරලාගෙ ආතල් එක ගත්තා. දොස් තර වුණා. ලෙඩ පණ අදින ගානටම ආවා. දැං ඉන්නෙ ඒ ගානටම පත්වෙලා.

ඔය අස්සෙ ලංකාවෙ වෙච්ච නරකම දේ වෙන්නෙ රෝහල්වල. ඔබට මතකද අද වෙනකොට කීදෙනෙක් රෝගීන් රෝහල ඇතුළෙ මියගිහිල්ලද? කිරිසප්පයො පවා මියගිහිල්ලා ඉවරයි. ඒ මරණ හරිම සැහැල්ලුවෙන් විස්තර කරන්න අපේ බලධාරීන්ට පුළුවන්. අපි හිතන්නෙ ඒ මහත්වරු නෝනාවරු අනිත්‍ය බව ප්‍රගුණ කරලා කියලා. තමන්ගෙ ජීවිතවල වටිනාකම මෙනෙහි කරන බව අනුන්ගෙ ජීවිත ක්ෂිණිකව නැති වෙන බව ඒ මහත්වරු දැනගෙන. ඒ නිසා දුකක් වේදනාවක් නෑ.

ඔය අස්සෙ අපිට දොස්තරලා අහිමි වීගෙන යනවා. දිගින් දිගටම ඒ අය ලංකාව අතැරලා යනවා.

‘ඒ යන්නෙ ඉගෙන ගන්නනෙ…’

කියන එක බොරුවක් නෙවෙයි. ඒත් ඇත්තටම අපි දන්නවා ඒ මිනිස්සු යන්නෙ මේ රට එපාම වෙලා කියන එක. ඒ එපාවෙලා ඒ මිනිස්සු යන්නෙ සැනසිල්ල හොයාගෙන. ලොකු සල්ලි බාගෙම නෙවෙයි, හැදියාවක් තියෙන මිනිස්සු එක්ක ජීවිත් වෙන එක පහසු බව ඔවුන් කියනවා. විනයගරුක රටවල සුවපහස ලැබෙනවා නම් මේ රටෙන් යන එකට හිත හදාගන්න අමාරු වුණත් කරන්න දෙයක් නෑ. ඒ නිසා දොස්තරලා රටෙන් ගියා කියලා බොරුවට එක එක සෙල්ලම් දාලා කෑකෝ ගහලා වැඩක් නෑ. එයාලා යනවා. එයාලා එයාලට ආදරය කරන එයාලගෙ මිනිස්සුන්ව අරගෙන යන්න යනවා.

එක කාලයක් ඔබට මතක ඇති ළමා රෝග විශේෂඥවරු ලංකාවෙන් ගියා. දරුවො වෙනුවෙන් ප්‍රතිකාර කරගන්න බැරිවුණා. දරුවො අසරණ වුණා. ප්‍රමාණවත් දොස්තරලා නැතිව රෝහල් ගානක් අවුලෙන් අවුලට පත්වෙන්න ගත්තා. ඒ වෙලාවෙවත් මේක වෙන්නේ ඇයි කියලා හිතන්නෙ නැතිව විකල්ප සකස් කරන්නෙ නැතිව බලධාරීන් ඇඟ බේරගත්තා.

ඊළඟට හම්බන්තොට රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයා ලංකාවෙන් ගියා. ඔහු පැදුරටත් නොකියා පලායන්නෙ රෝගීන් දහස් ගානක් මරණය ළඟ දාලා. ඒ වෙනකොටත් ලංකාව රෝගීන් මියයන රටක් වෙලා තිබ්බෙ. විශේෂයෙන්ම රෝගීන් කීපදෙනෙක්ම නිර්වින්දන එන්නත විද්දට පස්සෙ ආයෙ ගෙදර ගියේ නෑ. මේ විදියෙ සිදුවීම් ගානක්ම ලංකාව පුරා රෝහල්වලින් වාර්තා වෙන පසුබිමකයි මේ වෛද්‍යවරයා නොකියාම පලායන්නෙ. සාමාන්‍යයෙන් සේවයෙන් ඉවත් වීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ සඳහා මාස තුනකට පෙර දැනුම් දීම වගේ සාමාන්‍ය ක්‍රමවේද තියෙනවා.

ඒකට හේතුව ඔහු හෝ ඇය යන බව කිව්වම බලධාරීන්ට පුළුවන් විකල්පවලට යන්න. ඒත් එහෙම නොකියා අතුරුදන් වුණාම සාමාන්‍ය ක්‍රමවේදය නම් ඔවුන් යම් වරදකට දඬුවමක් ලැබිය යුතුයි. පුද්ගලික ආයතනවල නම් මේ වගේ තත්ත්වයකදී මාස කීපයක වැටුප සහ තව ගෙවීම් කීපයක් නීතියෙන්ම අයකරගන්න පුළුවන්. නමුත් මේ වගේ අතිශය අවදානම් රැකියාවකට සහ ඉහළ වරප්‍රසාද ලබාදී ඇති අයෙක්ට එහෙම එකක් නෑ කියන එක ගැන සන්තෝෂයි. හැබැයි එහෙම හිතන කොට ජීවිතේ ගැන හරි බයයි.

හිටපු නිර්වින්දන වෛද්‍යවරුන් ‌දෙදෙනාම රට හැරයාම හේතුවෙන් වැඩ රාජකාරී අධික වීම නිසා ඇඹිලිපිටිය මහ රෝහලේ සේවය කරපු එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියත්, දවස් කීපයක් තිස්සෙ රාජකාරියට වාර්තා නොකර ඉන්න තීරණය කරලලු. ඒ නෝනා වෙනත් අයකුගේ වට්ස්ඇප් අංකයකින් රෝහල් බලධාරීන් වෙතට දැනුම්දීමක් සිදුකර ඇත්තේ නැවත සේවයට නොපැමිණෙන බව.

පහුගිය සිකුරාදා ඉඳලා විශේෂඥ වෛද්‍යවරිය රෝහල වෙත වාර්තා නොකිරීම හේතුවෙන් මේ වෙනකොට ඇඹිලිපිටිය මහ රෝහලේ හදිසි ශල්‍යකර්ම නතරකිරීමට සිදුවෙලා. ඒ හේතුවෙන් අර්බුදයක් නිර්මාණය වෙලා කියලයි කියන්නෙ. ඇත්තටම ඒ අර්බුදයෙන් වෙන්නෙ මහ ලොකු දෙයක් කියලා කාටවත් හිතෙන්නෙ නෑ. ඒ නිසා කලබල වෙන්න තරම් කාරණාවකුත් නෑ. මොකද ඕවයෙන් මහ එවුන්ගෙ කවුරුවත් මැරෙන්නෙ නෑ. මැරෙන්නෙ අපේ පන්තියෙ අපි වගේ අහිංසකයන්. මහ එවුන් වෙනුවෙන් නිර්වින්දනය කරන්න ඔය නෝනලා මහත්තුරු පුද්ගලික රෝහල්වල ‘වර්ක් ලෝඩ්’ කොහොම හරි දරාගෙන වැඩකරගෙන යනවා.

දැන් ඇඹිලිපිටිය මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයට සහ ශල්‍යාගාර දෙක සඳහා දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

මීට කලින් මේ රෝහලේ හිටපු නිර්වින්දන වෛද්‍යවරුන්ගෙන් එක්කෙනෙක් 2022.10.01 ද විදේශගත වෙලා. ඉන් පස්සෙ 2023.04.10 දී තවත් නිර්වින්දන වෛද්‍යවරයකු යන්න ගිහිල්ලා.

ඒ වෛද්‍යවරුන් මේ දක්වා යළි මෙරටට පැමිණ නොමැති බව දැනගන්න තියෙන්නෙ. එයාලා නොආව කියලා එයාලගෙ යාළු මිත්‍රාදීන් මිය නොයන බව එයාලා දන්නවා. ඒ වගේම එයාලා ආවාම එයාලට අවම වශයෙන් මනුස්සයෙක්ට ලැබිය යුතු ජීවත් වීමේ වුවමනාවන් ටිකවත් නොලැබෙන බවත් දන්නවා. මේ රටේ මහ එවුන් ඔය වගේ යන අයව ගෙන්න ගන්න උත්සාහ නොකරන බවත්, යන අයට නොයන්න පරිසරයක් හදන්න ඕනෙ කියලා නොහිතන බවත් අපි දන්නවා. ඉතිං ඇයි එයාලා එන්නෙ. එක්කො නීතිය ක්‍රියාත්මක කරලා මොකක් හරි උපක්‍රමයක් හදන්න ඕනෙ. නැත්නම් ඒ මිනිස්සුන්ට ඉන්න පුළුවන් තත්ත්වයක් රටේ හදන්න ඕනෙ.

කොහොම වුණත් දැන් ඇඹිලිපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ශල්‍යකර්ම සිදුකිරීම සඳහා රත්නපුර සහ කරාපිටිය රෝහල් වෙත මාරුකර යැවීමට සිද්ධ වෙලාලු. මේවායේ පෝලිම් දික්වෙලා සාමාන්‍ය රෝගීන් පවා මියයන්න පුළුවන්. ඒ වගේම ඉතාම ඉක්මනින් ඔය රෝහල්වල කට්‍ටියත් වර්ක් ලෝඩ් එක වැඩියි කිව්වම ඒ ප්‍රදේශවල ඉන්න මැතිඇමැතිවරුන්ට භාරදෙමු නිර්වින්දන වැඩේ. එයාලා කරයි ඕක හරිම ලේසියෙන්. මොක ද මෙච්චර තක්කඩි වෙලත් රටේ උන් මේ යක්කුන්ට ආදරේ කරනවා කියන්නෙ එයාලා පියවි සිහියෙන් ඉන්නව වෙන්න බෑනෙ. නිර්වින්දනය වෙලාමයි ඇත්තෙ…

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කෙහෙළියව විශ්වාසභංගයෙන් බේරගත්තට පස්සේ රටේ සෞඛ්‍ය ප්‍රශ්න ටික ඉවර වුණාද? ඖෂධ මාෆියාව, ඖෂධ හිඟය, වෛද්‍යවරු රට හැරයෑම දැන් අවසන්ද? ජිනීවා මානව හිමිකම් සමුළුවෙදි මේ හැම දේටම උත්තර දෙන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ජිනීවා වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරයි! පාස්කු ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න නිර්දේශ කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

Load More
අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.