තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී පක්ෂ ජ්‍යෙෂ්ඨයන් අතර අසුනක් හිමිවූයේ තමන් පක්ෂයේ විදේශ කටයුතු සම්බන්ධ ලේකම්වරයා වශයෙන් කටයුතු කිරීම නිසා බව සජින් වාස් ගුණවර්ධන මහතා සදහන් කරයි.Sri Lanka Latest News
ඊයේ අප පළ කළ පුවතක් මුල් කරගෙන මව්රට වෙත විශේෂ පණිවුඩයක් තබමින් සජින් වාස් ගුණවර්ධන මහතා මේ බව සදහන් කොට තිබේ.
ඒ අනුව තමන් පක්ෂයේ නිලධාරී මණ්ඩලයේද සිටින බව පෙන්වා දී ඇති ගුණවර්ධන මහතා ඒ හේතුව මත සම්මේලනයේදී තමන්ට ජ්‍යෙෂ්ඨයන් අතර අසුනක් හිමිව තිබූ බවද පෙන්වා දී ඇත.
සම්මේලනය වෙනුවෙන් සජින් නිකුත් කර තිබූ පණිවුඩය!











