අපොස උසස් පෙල 2022 විභාගයේ ජිවි විද්‍යා අංශයේ දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය දිනාගැනිමට මාතර සුජාතා විද්‍යාලයේ ප්‍රමුදි භාෂණි මුණසිංහ සිසුවිය සමත් වූවාය. (Sri Lanka Latest News)
ජීව විද්‍යා අංශයෙන් දිවයිනෙන් දෙවන ස්ථාන දිනාගැනිමටද මාතර සුජාතා දියණියක සමත් වුවාය. ඇය නුපේ පදිංචි එස්.එම්.පී ලෙමාෂා උදයන්ගනීය
ප්‍රමුදිට ජීව විද්‍යා අංශයෙන් පළමු තැන ලැබද්දේ ඇගේ හොඳම මිතුරිය වූ ලෙමාෂා දිවයිනෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට සමත්වීම පාසල ලැබූ විශාල ජයග්‍රාහණයකි
මේ අතර, මෙවර උසස් පෙළ භෞතික විද්‍යා දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ජි.මානෙත් බානුල ශිෂ්‍යයා හිමිකර ගත්තේය.
lankadeepa










