• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි ගණන් රත්තරං උකසට තියලා ජීවිතේ ඉල්ලන අපේ උන් I Sri Lanka Latest News

September 4, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ රටේ මිනිස්සුන්ගෙන් වැඩි පිරිසක් ගොවීන්. විවිධාකාරයේ ගොවිතැන්වලින් තමයි ඒ අය තමන්ගේ ජීවිකා වෘත්තිය සරිකර ගන්නේ. පවුල් ආරක්ෂා කරගන්නේ. බඩවියත රැකගන්නේ. මුම්මාරිය සහ මානාවාරිය කියන්නේ ලංකාවේ තියෙන ප්‍රධාන ගොවිතැන් ක්‍රම දෙක. එකක් අහස් දියෙන් ගොවිතැන් කිරීම.(Sri Lanka Latest News)

අනෙක වැව් ජලයෙන් ගොවිතැන් කිරීම. අහස් දියත් වැව් ජලයත් මේ දෙකම උල්පත්වලින් ලැබෙන අවස්ථාවලදී පවා ඒවාට බලපාන්නේ වැස්ස. අහසෙන් ලැබෙන වැස්ස තමයි මහපොළොව සරු කරන්නේ.

නිසි කලට වැහි නැතුව ගියාම ඒ මිනිස්සුන්ට තමන්ගේ ජීවිකා වෘත්තිය කරගන්න බැරිව යනවා. ඒ වගේම අපේ පොළොවට දැන් පොහොර ඕනේ. ඒක රසායනික පොහොරද, නැත්නම් වෙනත් ආකාරයක පොහොරක්ද කියන එක නෙවෙයි. දැන් අපේ පොළොවේ නයිට්‍රජන් සංයුතිය වෙනස් වෙලයි තියෙන්නේ. ඒකට හේතුව දීර්ඝකාලීනව පොහොර සහ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ගොවිතැන් කිරීම.

මනුස්සයෙකුත් කාලයක් යද්දී ඕනෙම දේකට හුරු වෙනවා වගේ බව බෝගත් ඒවාට හුරු වෙනවා. එතකොට මුලින්ම අපේ ගොවීන්ට මුහුණ දෙන්න සිදුවෙන ප්‍රශ්නය තමයි රසායනික පොහොර තහනම. රසායනික පොහොර තහනම් කිරීම අපි නම් මේ මොහොතේ පවා හිතන්නේ ඉතාම හොඳ දෙයක් විදියට. හැබැයි තහනම් කිරීම, නතර කිරීම කියන දේවලට ක්‍රමවේද තියෙනවා. මේවා පියවරෙන් පියවර සිද්ධ කළ යුතුයි.

ලෝකෙ ඇතැම් රටවල් රසායනික පොහොර තහනම් කිරීමට යෝජනා කරලා තියෙන්නේ 2050 අවුරුද්දෙදී. ඔවුන් දැන් ඒ වෙත ක්‍රමයෙන් ගමන් කරමින් ඉන්නේ. නමුත් අපේ රටේ ආණ්ඩු කළේ මොකක්ද? හදිසියේම ගහෙන් ගෙඩි එන්නාක් සේ කිසිවකුගෙන් උපදෙස් නැතිව පොහොර තහනම් කිරීම. මිනිස්සුන්ගේ අස්වනු නැතිවුණා. බවබෝග කුණුවෙලා ගියා. පැළ කාලෙම ඒවා මියැදුණා. මිනිස්සු සුදහ ගින්දරේ එල්ලිලා මැරුණා. ජීවත් වෙන්න විදියක් නැතුව මිනිස්සු පෝලිම්වල කෑගැහුවා. පොහොර මිටිය හය හත් ගුණයකින් ගණන් ගියා. කුඹුරු අතහැරලා දාලා මිනිස්සු විවිධ රස්සාවල් හොයාගන්න තීරණය කළා. හැබැයි අපේ රටේ රැකියා තිබුණේ නෑ.

මේ ගතවෙලා යන්නේ රට ඇතුළේ තියෙන බරපතළම රැකියා අර්බුදය නිර්මාණය වෙන කාලේ. ප්‍රධාන පෙළේ කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් වහලා දාලා ඒ මිනිස්සු රටෙන් පිටවෙලා යනවා. ඒ වගේ ගාමන්ට්වලට ගියපු කොල්ලො කෙල්ලන්ට රස්සාව නැතිවෙලා ඉවරයි. බොහෝ රැකියා ස්ථානවලට තමන්ගේ සේවකයන් සීමා කරන්න සිදුවෙලයි තියෙන්නේ. එහෙම කාලෙකයි ගොවිතැනට කණකොකා ඇඬෙව්වේ අපේ රටේ පාලකයෝ. දැන් ඒවා පරණ කතා.

හැබැයි ඒ අස්සේ ඔබට දකින්න ලැබෙන්න ඇති සමහර වෙලාවට සමනල වැවේ ඉඳන් වලවට වතුර ටිකක් ඉල්ලගන්න මිනිස්සු කෑගහන හැටි, වේදනා විඳින හැටි, පොරකන හැටි. වලව සමනල වැව විතරක් නෙවෙයි බොහෝ ජලාශ හිඳී යමින් තියෙන්නේ. අපි දැක්කා එක තැනක ප්‍රවෘත්තියක් තියෙනවා සමනල වැව ඉදිකළාට පස්සේ අඩුම ජල ප්‍රමාණයක් තියෙන්නේ දැන් කියලා. මොරගහකන්ද ජලාශය යට තිබිච්ච ගම්මානය මතුවෙලා.

ඒ මොරගහකන්ද හැදුවට පස්සේ ප්‍රථම වතාවට. ප්‍රධාන වැව් සියල්ලම සිඳීගොස් අවසානයි. ඒවායේ තියෙන්නේ අවසාන ජලය ටික. මේ ජලයෙන් ගොවිතැන් කරන්න බෑ. මොකද මේ ජලය බෙදාදිය යුතුයි ක්‍රමවේදයකට. එක ගමකට, එක කුඹුරු යායකට විතරක් නෙවෙයි මේ ජලය දෙන්නේ. ඇළ මාර්ග ඔස්සේ ලබාදෙන ක්‍රමවත් ජලයෙන් තමයි මිනිස්සු ගොවිතැන් කරන්නේ. බොහෝ වෙලාවට මේ පැළ කාලේ. වතුර අවශ්‍යයි.

පොළොව ඉරිතැලිච්ච කුඹුරුවල යන්තම් ඉහ උස්සගත්ත ගොයම් පැළ අපි අනන්තවත් දකිනවා. ගොයම විතරක් නෙවෙයි, කුඹුර විතරක් නෙවෙයි. ලංකාවේ හේන් ගොවිතැනත් ඉතා සරුවට සිද්ධ වෙනවා. මොනරාගල, අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, උඩවලව, හම්බෙගමුව වගේ ප්‍රදේශවල විශාල වශයෙන් හේන් ගොවිතැන සිදුවෙනවා. බඩඉරිඟු විතරක් නෙවෙයි බොහෝ එළවළු මේ හේන්වල වගා කරනවා.

ඒවාට මිනිස්සු තමන්ගේ කනකර උකස් තියලා ආයෝජනය කරලා ඉවරයි. මේ ගොවිතැන කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ගොවියෙක්ට ට්‍රැක්ටරයක් මිලදී ගන්න බැරි තරමටම මේ කෘෂිකර්මාන්තය කඩාගෙන වැටිලා. දැන් ට්‍රැක්ටරයක මිල රුපියල් ලක්ෂ 60කට ආසන්නයි. ට්‍රැක්ටරයක් මිලදීගෙන කන්න ක්‍රමයට ගෙවාගෙන යන්න බෑ. ඒකට හේතුව දැන් මිල වැඩියි. අමතර කොටස්වල මිල ඉතා වැඩියි. මේවා ගේන්න දුන්නේ නෑ. තහනම් කළා. කෘෂිකාර්මික උපකරණ ලංකාවට ගෙන්වපු ඇතැම් සමාගම් වහලා දාන්න සිද්ධ වුණා. මිනිස්සුන්ට තමන්ගේ කර්මාන්තශාලා වහලා දාන එක ඊට වඩා ලාභයි කියන තැනට පත්වුණා.

මේ සියල්ලත් එක්ක අපේ රටේ මිනිස්සුන්ට ගොවිතැන කියන එකෙන් වෙච්ච පාඩුව ඉතා වැඩියි. මේ කියන්නේ ගොවිතැන ගැනම නෙවෙයි. මේ ප්‍රවෘත්තියක් පහුගිය දවසක එළියට ඇවිල්ලා තිබුණා ලංකාවේ මිනිස්සු කොච්චර නම් රත්තරන් බඩු උකස් තියලද කියන එක සම්බන්ධයෙන්. ලංකාවේ මිනිස්සු රත්තරන් බඩු උකස් තියලා කිව්වම කෙනෙක් කියන්න පුළුවන් ලංකාවේ මිනිස්සු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා, ඒ මිනිස්සු නරකයි, ගෙවල්වල කන්නෙ බොන්නෙ නැතත් අරක්කු ටික බොනවා කියලා.

මේ ඔක්කොම හරි. අපි ඒවා නෑ කියන්නේ නෑ. හැබැයි මේ මිනිස්සු කනකර උකස් තියලා තියෙන්නේ කසිප්පු බොන්නම කියලා කෙනකුට කියන්න බෑනේ. ජීවන බර දරාගන්න බැරුව වසරක් තුළ රුපියල් කෝටි 68,729ක කනකර උකස් තියලා තියෙනවා කියලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අකුකෝරල පහුගිය දිනෙක වෙබ් අඩවියකට පවසා තිබුණා. මේ තත්ත්වයට හේතුව අධික නියඟය පවතින දිස්ත්‍රික්ක 15 ජනතාව විවිධ ආර්ථික ගැටලු හේතුවෙන් රුපියල් කෝටි 10,000කට වැඩි කනකර සහ දේපළ උකස් තියලා තියෙනවා කියලත් ඔහු කියනවා.

මෙතැන කතා දෙකක් තියෙනවා. එකක් තමයි අධික නියඟය ඇති ප්‍රදේශවල මිනිස්සු කෝටි 10,000ක රත්තරන් බඩු උකස් තියලා. මේක සාමාන්‍යයෙන් මැද රටට පොදු දෙයක්. මොකද ඒ මිනිස්සු කරන්නේ කොහොමත් කුඹුරු කන්නයට පෙර මහට සහ යලට පෙර තමන්ට අවශ්‍ය කරන උපකරණ මිලදී ගන්න, සමහරු ට්‍රැක්ටරයක් පවා මිලදී ගන්නවා. ට්‍රැක්ටරයක් මිලදී ගත්තම මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්. ඒක නරක දෙයක් නෙවෙයි.

සාමාන්‍යයෙන් කරන්නේ ඔවුන් කන්නෙට කලින් කීයක් හරි හොයාගෙන ඒක ආයෝජනය කරන එක. ලංකාවේ තියෙන කුඹුරු ක්‍රමවේදය අනුව ලක්ෂ ගානක් නැතුව කුඹුරු කරන්න බෑ. ලක්ෂ 10ක්, 15ක්, 20ක්, 30ක් ආයෝජනය කරන්න ඕනේ. හැබැයි ඒකෙන් ඔවුන්ට නරකක් නෑ. ඔවුන් දන්නවා ගොයම් කැපුණට පස්සේ ඒවායෙන් හොඳ ආදායමක් එන බව. රජය මිලදී නොගත්තත් ප්‍රධාන වෙළෙන්දෝ කිහිප දෙනෙක් ඉන්නවා, ඔවුන් කුඹුරටම ඇවිල්ලා වී ටික මිලට ගන්නවා.

ඒ නිසා ඔවුන්ට ලොකු ප්‍රශ්නයක් නෑ. ඒක නිසා වෙන්න ඇති ඔවුන් මෙහෙම සල්ලි වියදම් කරලා තියෙන්නේ. හැබැයි මේ සල්ලි හම්බ වෙයිද ආපහු? මේ රත්තරන් බඩු ටික ආපහු බේරගන්න පුළුවන් වෙයිද? මේ මිනිස්සුන්ගේ කනකර උකස් තියලා තියෙන්නේ. මංගල මුද්ද පවා බැංකුවේ තියලයි තියෙන්නේ. දරුවගෙ කරාබු දෙක විතරයි තියෙන්නේ. එහෙම තත්ත්වයක් මේ රටේ නිර්මාණය වෙලා.

ඊළඟ කතාව තමයි කෝටි 10,000ක දේපළ නියඟය පවතින දිස්ත්‍රික්කවල උකස් කරද්දී, කෝටි 58,000ක දේපළ නියඟය නොමැති ප්‍රදේශවල මිනිස්සු උකස් තියලා තියෙනවා. ඔවුන්ට ප්‍රශ්නෙ ගොවිතැන නෙවෙයි. ඔවුන්ගෙත් ආර්ථිකය කඩාගෙන වැටිලා. මිනිස්සු අන්තිම තුරුම්පුව ගහලා ඉවරයි. රත්තරන් බඩු ටිකවත් උකස් තියමු කියන අන්තිම තුරුම්පුවත් ගැහුවට පස්සේ ඒ මිනිස්සුන්ට වෙන විකල්පයක් නෑ ජීවත් වෙන්න.

මේක අපේ පාලකයෝ තේරුම් ගන්න ඕනේ. මේ තමයි රටකට වෙන්න තියෙන නරකම දේ. කණකර උකස් තියලා කන තැනට මිනිස්සු පත් කරපු පාලකයෝ. දැන් ඡන්දයක් එනවා. ඉතින් ඔබ කණකරත් උකස් තියලා කන්න හොයාගත්ත මනුස්සයෙක් නම් ඊළඟ ඡන්දෙදීත් උදේම ගිහිල්ලා කතිරයක් ගහලා ගෙදර එන්න. ඊට පස්සේ ඉතින් උකස් තියන්න වෙන්නේ ……………… තමයි. වෙන කියන්න දෙයක් නෑ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

A/L ප්‍රතිඵල නිකුත් වෙයි! Sri Lanka Latest News

Next Post

සෞඛ්‍ය ඇමැති කෙහෙළියට විරුද්ධව අත්සන් කරන මහජන පෙත්සමට අත්සන් තැබීමට රට පුරා ජනතාවගේ විශාල උනන්දුවක්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.