ශ්‍රී ලංකාවේ ඓතිහාසික පුරාණ දේවාලයක්වන සීනිගම ශ්‍රී දෙවොල් දේවාලයේ ඉදිරි වසර 05 සදහා භාරකාර ධූරයට සම්මුඛ පරික්ෂණයක් සඳහා ඉදිරිපත් වූ 24 දෙනෙක් අතරින් අවසන් 05 දෙනා අතරට තොරාගෙන ඇත්තේ හිටපු සහ සිටින භාරකරුවන් දෙදෙනෙක්, දේවාලයේ කපු මහත්තයෙක් සහ එජාපයේ හා පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් බවත්, ඉන් එක් පුද්ගලයෙක් ගිනි අවියක් සමග විශේෂ පොලිස් ඒකකයක් විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට දඬුවම් නියම වූ අයෙකු බවත් වාර්තා වේ. (Sri Lanka Latest News)
ශ්‍රී ලංකාවේ ඓතිහාසික පුරාණ දේවාලයක් වන සීනිගම ශ්‍රී දෙවොල් දේවාලයේ භාරකාර තනතුරට ඉහල අධ්‍යාපන මට්ටමක් ඇති හැකියාවෙන් පරිපූර්ණ, පිරිස් කළමනාකරණයේ හා පාලන භාරකාරත්ව කටයුතු මැනවින් දන්නා අයෙකු පත්කිරීමට පියවර ගන්නා බව බෞද්ධ කටයුතු කොමසාරිස් කේ. සිරිබද්ධන අද (31) ප්‍රකාශයක් කරන්නේ මේ පුද්ගලයන් සම්බන්ධව ඇගයීමක් කිරීමෙන් දැයි අභ්‍යන්තරයේම ප්‍රශ්න කිරීමක් සිදුවන බව දැනගන්නට ඇත.
බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා අද වැඩිදුරටත් කීවේ පසුගිය අගොස්තු මස 16 සහ 17 දෙදින භාරකාර තනතුර සඳහා සම්මුඛ පරික්ෂණ පැවැත්වූ බවත් ඒ සදහා සහභාගී වූ අයදුම්කරුවන් 24 දෙනාගෙන් සුදුසුම 05 දෙනෙකු අවසන් වටයේ සම්මුඛ පරික්ෂණයට තෝරාගෙන එයද පසුගිය සතියේ පවත්වා අවසන් කර ඇති බවත්ය.
අවසන් සම්මුඛ පරික්ෂණයට සහභාගී වූ 05 දෙනාගෙන් අයෙකු දේවාලයේ භාරකරු සදහා පත්කරන බව ඔහු කීවේය.
1918 විහාර දේවාලගම් පනතේ අංක 19 වගන්තියට අනුව නුසුදුස්සන් නම්කර ඇතිනම් එවන් නුසුදුස්සන් එම වගන්තියෙන්ම ඉවත් කිරීමටද බලය තිබෙන බව කොමසාරිස්වරයා පැහැදිලි කළේය.
කෙසේ වෙතත් මනා පරිපාලන මෙන්ම අධ්‍යාපන සුදුසකම් සහිත පුද්ගලයින් මගහැර දේවාලයේ භාරකාර තනතුරට අවසන් වටයේ තේරී සිටින පුද්ගලයින් දැක මවිත වන බව කියන ප්‍රදේශවාසීන්, මේ තෝරාගැනිම සිදුකර ඇත්තේ ඓතිහාසික වටිනාකමක් ඇති පුරාණ දේවාලයක භාරකාරත්වයට තෙල් බෙහෙත් විකුණන, නයි නටවන දුර්වල භාරකරුවන් මින් ඉදිරියට පත් නොකරන ලෙස තමන් ඉල්ලා සිටියදී බවද කීවේය.
lankasara










