වියළි කාලගුණය හේතුවෙන් පොළොන්නරුවේ පානීය ජල අර්බුදයෙන් පීඩා විඳින පවුල් 25,000ටත්, පොළොන්නරුව මහ රෝහලට, රාජ්‍ය ආයතන රැසකටත් පානීය ජලය අඛණ්ඩව ලබාදීමට ජල සම්පාදන මණ්ඩලයේ පොලොන්නරුව කාර්යාලය මනම්පිටිය මහවැලි ගඟ ආශ්‍රිතව තිබෙන ප්‍රධාන පොම්පාගාරයට ජලය ලබා ගැනීම සඳහා අද (31) වැලි කොට්ට දමා මහවැලි ගඟ හරස් කළහ. (Sri Lanka Latest News)
මෙම මෙහෙයුම සඳහා ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින්, මනම්පිටිය මහවැලි ගඟේ වම් හා දකුණු ඉවුරේ වැලි ගොඩදමන කම්කරුවන් සහ මංකඩහිමියන් ද එක් වී සිටියේය.
පවතින වියළි කාලගුණික තත්වය යටතේ මනම්පිටිය මහවැලි ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැසීමත් සමගම පසුගිය කාලවල පොළොන්නරු දිස්ත්‍රික්කයේ පවුල් 17,500 කට පානීය ජලය ලබාදීමට අසීරුතාවයක් පැවති බව ඔහු කීවේය,
මනම්පිටිය මහවැලි ගඟ ආශ්‍රිතව පිහිටා තිබෙන ජල පොම්පාගාරය හරහා පොලොන්නරුව, කදුරුවෙල, ගල්ලෑල්ල, නවනගරය, බැඳිවැව ආවරණය කරන පවුල් 25,000 කට අධික ප්‍රමාණයකට පානීය ජලය ලබාදෙන බව ජාතික ජල සම්පත් මණ්ඩලයේ පොලොන්නරුව කාර්යාලය සඳහන් කරයි.
lankasara










