• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජපක්ෂ පවුලේ ඥාති මස්සිනා අනාවැකි කියයි I Sri Lanka Latest News

September 1, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රනිල්-බැසිල්-නාමල්-ප්‍රසන්න-ලන්සා මේ ඔක්කොටම වෙන්නේ මොකක්ද?

රාජපක්ෂ පවුලේ ළඟම ඥාතියකු වන උදයංග වීරතුංග මහතා පසුගිය දිනෙක අන්තර්ජාල නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ආණ්ඩුවත් සමග සිටින නිමල් ලන්සා සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් හට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය.(Sri Lanka Latest News)

එහිදී වීරතුංග මහතා කියා සිටියේ නිමල් ලන්සාට සිදුවන්නේ තනියෙන් නටන්නට ගිය නයාට සිදුවූ දේ යැයි කියාය. එමෙන්ම ප්‍රසන්න රණතුංග මහතා අගමැති – ජනපති ඇඳුම් මසාගෙන සිටියද ඔහුටද ලබන මැතිවරණයේදී ඉල්ලන්නට සිදුවන්නේ පොහොට්ටුවෙන් බව වීරතුංග මහතා කීය.

කිසිසේත්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබන ජනාධිපතිවරණයේදී පොහොට්ටු අපේක්ෂකත්වය ලබා නොදෙන බවද හෙතෙම පැවැසීය.

උදයංග වීරතුංග මහතා සිදුකළ එම ආන්දෝලනාත්මක අදහස් දැක්වීම පහත පළවේ.

දැන් හැමෝම අහන ප්‍රශ්නයක් තමයි කවුද පොහොට්ටුවේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කියලා. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවුරු වුණත් පළමු දේ අද අපට කියන්න පුළුවන් අද ඉන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිසිම විදියකට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වෙන්නෙ නෑ. මොකද හේතුව, ඇත්තටම ගෝඨා අයියා එළවන්න අරගලයක් කරලා, ඇමෙරිකානුවන් හැම දේම කළේ රනිල් වික්‍රමසිංහව ගේන්න.

එතකොට තවදුරටත් එහෙම ඡන්ද මතයක් නැති කෙනෙක් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න පොහොට්ටුවේ ජනතාව ඉඩ දෙන්නෙ නෑ. විශේෂයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරු අද ගමට ගිහිල්ලා කතා කරනවා. ඒ හැමෝම අහන ප්‍රශ්නයක් තමයි ඊළඟ සැරේ රනිල්ට අපි වැඩ කරන්න ඕනෙද කියන එක. අන්න ඒ උත්තරේ අද පොහොට්ටුව දීලා තියෙනවා. නැවත කිසිම අයුරකින් පොහොට්ටුවේ අපේක්ෂකයා විදියට රනිල්ව තෝරන්නේ නෑ.

ඒ නිසාම බලවේග හදන්න යනවා, නොයෙක් ව්‍යාපාරවලින් සල්ලි හම්බ කරලා උඩට ආපු අය ඒ සල්ලි වියදම් කරන්න තනියම පුළුවන් කියලා කයිවාරු ගහනවා. පොහොට්ටුවට සල්ලි නෑ, මට සල්ලි තියෙනවා කියලා කාර්යාල අරිනවා. අන්න ඒගොල්ලන්ට මම කියනවා ඔයාලට වෙන්නේ අහිකුණ්ඨිකයා නැතුව නයා ගියා වගේ තමයි කියලා.

බැසිල් මහත්තයාගේ සෙවණේ ඉඳලා දේශපාලනයට ආවා කියලා ඒ අත්දැකීම් ලැබුවා කියලා පොහොට්ටුවක් නිර්මාණය කරන්න බෑ කියලා මම ඔහුට කියනවා. දැනටමත් අපි පටන් අරගෙන ඉවරයි රැස්වීම් මාලාව. සාමාජිකයෝ බඳවාගන්න ලබන සතියේ පටන් ගන්නවා. ඒ නිසා ඊළඟ මැතිවරණයේදී නැවත පොහොට්ටුව ජයග්‍රහණය කරනවා කියලා මට විශ්වාසයි.

දැන් ඔබ ඔය ප්‍රහාරය එල්ල කළේ නිමල් ලන්සා මන්ත්‍රීවරයටද?

ඔව් ඉතින් අමුතු විදියට මුදල් හම්බ කරලා අද කියනවා නම් පොහොට්ටුවට සල්ලි නෑ, මට සල්ලි තියෙනවා, මම අද පක්ෂයක් හදනවා, මිලියන 30 අඩුයිලු අලුත් පක්ෂයක් ගන්න එයාට. කැමැති නම් ඉතිං ඒකත් මට දෙන්න පුළුවන්. මොකද මම මෝල්ටාවේ නෙවෙයිනේ සල්ලි දැම්මේ. මම දැම්මේ කොමර්ෂල් බැංකුවේ. ඒ නිසා මේ ජනතාව නැවත අන්දන්න බෑ. මේ අරගලයක් නෙවෙයි වුණේ, කුමන්ත්‍රණයක් වුණේ. ඒ කුමන්ත්‍රණයේ හවුල්කාරයොත් වෙන්න පුළුවන් ඔය අය. ඒ නිසා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා පොහොට්ටු නායකයෙක්. පොහොට්ටුවේ අදහස් තියෙන කෙනෙක්.

කවුද ඔහු?

ගිය සැරේ නම් 2019 අප්‍රේල් මාසේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමයි පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ විදියට නම් කළේ. අපිට කල් තියෙනවා. මේ අවුරුද්දේ නෙවෙයි අපි ඊළඟ අවුරුද්දේ ඒ අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. ඒ වගේම රනිල්ගේ බහින කලාවත් ලබන අවුරුද්දේ මුල වෙනකොට පටන් ගන්නවා.

දැන් පොහොට්ටුව දෙකට බෙදිලා නෑ කියලද ඔබ කියන්නේ?

පොහොට්ටුවේ එක කොටසක් ඩලස් සමග පාර්ලිමේන්තුවේ වෙන් වෙලා ඉන්නවා. නමුත් ඔවුන්ට ගමට යන්න ඡන්ද පදනමක් නෑ. තව පිරිසක් ජනාධිපතිවරයා වටේ කැරකෙනවා කොන්තරාත් ගන්න. ඒ හැමෝටම ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවට එන්න ඕනෙ. ඒ අවස්ථාවේදී ඔවුන්ට නැවත මතක් වෙනවා පොහොට්ටුව.

ඒ නිසා ඊළඟ ජනාධිපතිවරණයද, එහෙම නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණයද, මොන මැතිවරණයක් වුණත් පොහොට්ටුවේ දෙකට බෙදිලා ගිය කණ්ඩායම නැවත ඇවිල්ලා පොහොට්ටුවේ වැඩවලට සහාය දෙනවා. දැන් ඔය දෙකට බෙදිලා ඉන්න ගම්පහ පැත්තේ කෙනත් උදේ පාන්දරම නෙළුම් මාවතේ කාර්යාලයට ඇවිල්ලා සාමාජිකයෝ බඳවාගන්න ෆයිල් ටික අරගෙන ගියා. එහෙම නම් කොහොමද දෙකට බෙදිලා කියන්නේ? ජනාධිපතිවරයාගෙන් උදව් ගන්න එතැනට වෙලා ඉන්නවා. නමුත් බහුතරයක් ඉන්නේ පොහොට්ටුවත් එක්ක.

ගම්පහ පැත්තේ ප්‍රබලයෙක් කියන්නේ ප්‍රසන්න රණතුංගද?

මම දන්නෙ නෑ. ගොඩක් කාලයක ඉඳන් අගමැති ඇඳුම මහගෙන හිටියා. දැන් හිමින් හිමින් ජනාධිපති සූට් එකත් මහනවා, හෝදනවා, ඩ්‍රයික්ලීන් කරනවා.

සමහරු බලාපොරොත්තු වෙනවා බණ්ඩාරනායකලා ආවා, ඊට පස්සේ රාජපක්ෂවරු ආවා, සේනානායකලා හිටියා, එතකොට රණතුංගලත් එන්න ඕනෙ කියලා. එහෙම එකක් නෑ. පොහොට්ටුවේ ජනතාව ඉල්ලන කෙනෙක් පොහොට්ටුවේ අපේක්ෂකයා වෙයි. අද ඔය පොහොට්ටුවට ගහන අයට නැවත ජනතාව පිළිතුරු දෙයි.

ඔබතුමා පිළිගන්නවද පහුගිය කාලේ ප්‍රසන්න රණතුංග කැඩිලා ගිහින් හිටියා කියලා?

ප්‍රසන්න රණතුංගට ජනාධිපතිවරයාගෙන් සහාය ලබාගන්න ඔහු ළඟින් ඉන්නවා කියලා අපි පිළිගන්නවා. සමහර වෙලාවට ඔහුට මත ගැටුමක් තියෙන්න පුළුවන් වෙන රාජපක්ෂලා එක්ක. ඒ වගේම ඔහුට පක්ෂයේ ප්‍රධානියෙක් වෙන්න, අගමැති ධුරය, ජනාධිපති ධුරයට එන්න දැඩි කැමැත්තක් තියෙනවා. ඔහු පෞද්ගලිකව මට කිව්වේ, ‘අයියේ මම තව අවුරුදු පහයි ඉන්නේ. ඊට පසසේ විශ්‍රාම යනවා’ කියලා. මම ඒක විශ්වාස කරනවා.

ඒ කියන්නේ ඔහු ගැළවිලා ගිහින් ඉඳලා ආපහු ඔබතුමාලා ළං කරගත්තද?

ඔහු ගැළවිලා ගියේ නෑ. ජනාධිපතිවරයාගෙන් ලාභ ප්‍රයෝජන ගන්න ළංවෙලා හිටියට ඔහු පොහොට්ටුවත් එක්ක ඉන්නේ. පොහොට්ටුවෙන් නැතුව ඔහු යූ.ඇන්.පී. එකෙන් ඡන්දෙ ඉල්ලන්නද? එහෙම නැත්නම් සජිත්ගෙ පිලෙන් ඡන්දෙ ඉල්ලන්නද? ප්‍රශ්නෙ තියෙන්නේ පොහොට්ටුවෙන් ඉල්ලුවත් දිනන්න පුළුවන් වෙයිද කියන එකයි.

ඒ කියන්නේ ඔහු මේ පාර ඇපත් නැතිවෙන තත්ත්වයක්ද තියෙන්නේ?

අපි ඔහුට එහෙම වෙන්න ඉඩ තියන්නේ නෑ. නමුත් ඔහු ගියසැරේ නාලක ගොඩහේවටත් පැරැදුණානේ. ඊළඟ සැරේ නාලක ගොඩහේවා ගම්පහට යන්නෙ නැති හින්දා බලමු අපි ඔහු පළමුවැනියා වෙයිද, එහෙම නැත්නම් ඔහුට අභියෝගයක් වෙන කෙනෙක් පළමුවැනියා වෙයිද කියලා.

මේ අතර, තවත් යූටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් උදයංග වීරතුංග මහතා සඳහන් කළේ 2024 ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා තරග නොකරන බව තමන් කැට තියා පවසන බවයි. පොහොට්ටුවේ ඇතැම් ප්‍රබලයන් කීවද පොහොට්ටු පාක්ෂිකයන් රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබා ‌නොදෙන බවත්, මේ නිසා වික්‍රමසිංහ මහතා 2024දී දේශපාලනයෙන් ගෞරවාන්විතව සමුගනු ඇති බවද වීරතුංග මහතා එහිදී කියා සිටියේය. ඔහුගේ එම අදහස් දැක්වීම පහත දැක්වේ.

පොහොට්ටුවෙන් නැතුව ජනාධිපති අපේක්ෂකයා වීමේ කිසිම ගැටලුවක් නෑ. දැන් ඒකට පක්ෂෙකුත් හැදුවණේ. පක්ෂය හදපු ගමන් පක්ෂය විවෘත කරපු සුගීෂ්වර කියනවා මම ඒකට සම්බන්ධ නෑ කියලා. කවුද සුගීෂ්වර කියන්නේ? සුගීෂ්වර කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්. ඇත්තටම කියනවා නම් දුරකතන පණිවුඩ හුවමාරු කරපු පුද්ගලයා. ඒකෙත් එක පැත්තයි. ගෝඨා අයියට පුළුවන් සුගීෂ්වර කියන්න අහවලාට අරක කියන්න කියලා.

නමුත් සුගීෂ්වරට ගෝඨා අයියගේ කාමරේට යන්නවත් පුළුවන්කමක් නෑ. එතකොට සුගීෂ්වර පෞද්ගලික ලේකම් විදියට ඇවිල්ලා හෙට සමහර විට ජනාධිපති අපේක්ෂක වෙන්න හිතාගෙන තමයි ඒ කාර්යාලය අරින්නේ. එතකොට එක කෝල් එකයි දුන්නේ ඔහු කියනවා නෑ කියලා. අනිත් ඇමැතිවරයා රටෙත් නෑ. කෝ එතකොට ඒ කාර්යාලය. ඒ පුද්ගලයා දන්නවා ජනාධිපතිවරයෙක් විදියට කවුරු හිටියත් ඇමැතිවරයකුට ජනාධිපතිගේ සහාය අවශ්‍යයි ගොඩක් දේවල් කරගන්න. ඒ නිසා සමහර ඇමැතිවරු ගොට්ට අල්ලගෙන ඉන්නවා. නමුත් ජනතාව ඉදිරියට යන්න ඕනෙ පොහොට්ටුව හරහා.

අද ඒ කාර්යාලයට මුදල් වියදම් කරන පුද්ගලයාටත් ගමට යන්න පක්ෂයක් ඕනෙ. පුත්තලමෙන් ඊළඟට ඉල්ලන්න පක්ෂයක් ඕනෙ. අන්න ඒකට ජනාධිපතිට පොඩි බටර් පාරක් ගාලා මේ කාර්යාලයක් හැදුවා. එතකොට ගම්පහ ප්‍රධානියෙකුත් තව කාර්යාලයක් ඇරියා. ඊයේ කොහෙටද එයා උදේ පාන්දරම මාරු වුණේ? ආපහු බැසිල් මහත්තයා ගාවට. ‘අනේ සර් අපි ඉන්නේ සර් එක්ක’ ජනාධිපතිතුමත් කියන්නේ ‘ඔයා ඉතින් අහවලාගෙ එක්කෙනානෙ’ කියලා. එතකොට ඇයි ඉන්නේ? මොකද ඒගොල්ලෝ දන්නවා ජනාධිපතිවරයාගෙන් රාජකාරියක් කරගන්නවා වුණාට පාර්ලිමේන්තු ඡන්දෙදී ආපහු ගමට යන්න ඕනෙ කියලා. ගමට යන්න පොහොට්ටුව නැතුව ඒ කාටවත් ගිහින් දිනන්න බෑ.

මාතර එක්කෙනාටත් ඒකම තමයි කියන්න වෙන්නේ. ඒක නිසා අපි බලමු. දැන් ඔබ පුන පුනා කියනවා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා අද ජනාධිපතිවරයා කියලා. ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ සම්පූර්ණ බලතල තිබුණා පස් සැරයක්. ඔහු ඒ පස් සැරයෙන් දෙපාරයි ඉල්ලුවේ. ඒ දෙපාරේ ගම් මට්ටමෙන් ඔහුට ඉල්ලන්න දිනන්න පරිසරය තිබුණා කියලා ඔහු අධ්‍යයනය කරලා තේරුම් ගත්තා. විශේෂයෙන් 2005 සහ ඊට කලින්.

එක සැරයක් සජිත්ට දුන්නා, තව සැරයක් මෛත්‍රීපාලට දුන්නා, එක සැරයක් හමුදාපතිට දුන්නා. අද ඔහු දන්නවා හොඳටම පොහොට්ටුවේ භූමිය ඔහුට නෑ කියලා. පොහොට්ටුවේ නායකයන් කිව්වත් යහපාලන යුගයේ කරපු යම් යම් දේවල්, 1989 වගේ කරපු දේවල් දේශපාලන කරළියට එනකොට ගම් මට්ටමේ කාටවත් දෙන්නෙ නෑ. එහෙම නම් මම කැට තියලා කියනවා 2024 ඡන්දෙට ඔහු ඉල්ලන්නෙ නෑ කියලා. ඔහු මහින්ද අයියට වඩා එක පියවරක් ඉදිරියට තියනවා.

ඔහු ගෞරවාන්විත විශ්‍රාමයක් ලබාගන්නවා. මම කැට තියලා කියනවා. ගෝඨා අයියට යන්න වෙනවා කියලා මම හරියටම මාසෙකට කලින් කියනවා. 2019 ගෝඨා අයියාව නොමිනේට් කරන්න කලින් මම කිව්වා ඊළඟ ජනාධිපතිවරයා ගහලා පන්නනවා කියලා. ඕනෙ නම් බලන්න මගේ සටහන්.

අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලද්දකි.

SendShareShare
Previous Post

හාමුදුරුවරු දෙදාහක් සිවුරු තියලා ගෙදර යයි? හාමුදුරුවොද? දායකයොද? පාලකයොද? කවුද වැරදි I Sri Lanka Latest News

Next Post

පෙට්‍රල් 13කින්-ඩීසල් 42කින් යළි ඉහළ දමයි! ගිය මාසෙත් පෙට්‍රල් 20කින් වැඩි කළා! I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.