• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙඩි තබා සද්ධන්තයෙකු බිම හෙලූ 1959 නුවර දළදා පෙරහැරේ අලි කුලප්පුව I Sri Lanka Latest News

August 31, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මංගල්‍යය යනු මෙරට පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ සංස්කෘතික මංගල්‍යයක්. එදා අපේ රට අල්ලාගෙන සිටි ඉංග්‍රීසීන් පවා ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර කිසිදු බාධාවකින් තොරව පවත්වන්න අනුග්‍රහය ලබාදුන්නේ ශ්‍රී දළදා වහන්සේ පිළිබඳ අපේ රටේ ජනතාව කොපමණ භක්තියෙන් සිටියාද කියා හොඳ හැටි තේරුම් අරගෙනයි. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ අපේ රටේ රාජ්‍යත්වයේ සංකේතය. එදා කන්ද උඩරට පාලනය කළ රජවරුන් නොකඩවා පැවැත්වූ අයුරින් ඉංග්‍රීසි පාලන සමයේදී ද දළදා පෙරහැර නොකඩවා පවත්වා තිබෙනවා.(Sri Lanka Latest News)

රට කරවූ, කරවන යම් පාලකයකු වේ නම් ඔහු දළදා පෙරහැර සාර්ථකව පැවැත්විය යුතුයි. එසේ පවත්වන්නට යමෙක් අසමත් වන්නේ නම් ඔහු රාජ්‍ය පාලනය සඳහා නොසුදුසු පාලකයකු ලෙස සැලකීමට අපේ රටේ ජනතාව පුරුදු වී සිටිනවා. එදා රජ දවසේ පටන් මේ දක්වා පෙරහැර සාර්ථකව අවසන් කළ බවට සංදේශයකින් රජුට දැනුම්දීම චාරිත්‍රානුකූලව සිදු කෙරෙනවා. මෙවරද එම චාරිත්‍රය අනුව මහනුවර ජනාධිපති මැඳුරේදී එම කටයුතු කෙරෙනවා.

අපේ මේ පෙරහැර සම්ප්‍රදාය ගැන කතාකිරීමේදී අලි ඇතුන්ගේ වටිනාකම කියා නිමකරන්න බැහැ. මහනුවර පෙරහැර බලන්න එන කුඩා දරුවාගේ පටන් වියපත් වූ වැඩිහිටියන් පවා හොයන්නේ අලි ඇතුන් කී දෙනකු පෙරහැරේ ගියාද කියලා. ඒ විතරක් නොවෙයි, වසරක් පාසා පෙරහැර බලන්න එන විදේශිකයන් පවා හොයන්නේ අලි ඇතුන් ගැන. අලි ඇතුන් නැති පෙරහැර බලන්න කිසිවකු උනන්දුවක් නොදක්වන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

සෑම වසරකම ඇසළ පෙරහැරේ අලි ඇතුන් අඩුපාඩු ගැන කතා වෙනවා. පසුගිය කාලය පුරාම මේ ගැන කතාකරනවා. පෙරහැරට යොදා ගැනීමට පුළුවන් හීලෑ අලි ඇතුන් ඉන්නේ බොහෝම ටික දෙනයි. ඒ ගණන සියයක් – එකසිය පනහක් විතර ප්‍රමාණයක්.

විශාල සෙනගක් බලාගෙන ඉද්දී පන්දම්, ගිනි බෝල මැද අලි ඇතුන් සන්සුන්ව අරගෙන යන එක ලේසි පහසු වැඩක් නොවෙයි. මද කිපීම්, හුරු නැතිකම, නරඹන අයගේ විවිධ ක්‍රියාකාරකම්, විදුලි එළි හුරු නොවීම්, පන්දම් ගින්දර පෑගීම් වැනි නොයෙකුත් දේ නිසා සන්සුන් අලියා එක් වරම කලබලයට පත් වෙන්න පුළුවන් බව දීර්ඝ කාලයක් පුරා ඇසළ පෙරහැරේ අලි ඇතුන් සමග සංවේදී ඇසුරක් පවත්වන අලි බාසුන්නැහේලා, ඇත් ගොව්වන්, අලි හිමියන් බොහෝ දෙනකු පවසන්නේ.

මෙවරද පෙරහැරේ අලි කුලප්පුවක් වුණා. දෙවැනි කුඹල් පෙරහැරේ වුණු අලි කුලප්පුවත් අපි මුලින් කී හේතුවක් නිසා වුණු බවයි වාර්තා වන්නේ. එක එක්කෙනා මොන මොන හේතු කිව්වද ඇත්තටම පෙරහැරේ යන අලියකු කුලප්පු වෙන්නේ මුලින් කී හේතුවක් නිසා බවයි ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය භාර ප්‍රදීප් මියනපලන මහතා පවසන්නේ.

දළදා පෙරහැරේ අලි කුලප්පු වීමේ ඉතිහාස කතා අතර මුළු රටම කැලඹූ අලි කුලප්පුව සිදුවී ඇත්තේ 1959 අගෝස්‌තු 19 වැනිදා. එදා රාත්‍රී 9.10ට යෙදුණු නැකතෙන් තමයි අවසන් රන්දෝලි පෙරහැර දළදා මාලිගාවෙන් පිටත් වුණේ. අලි ඇතුන් විශාල පිරිසක් සහභාගි වුණු පෙරහැර නැරඹීමට දසදහස් ගණනක් සෙනග පැමිණ තිබුණා. කොප්පරා පන්දම්කාරයන් තමයි මුළු පෙරහැරටම ආලෝකය ලබාදුන්නේ.

අද වගේ විදුලි ආලෝකය අලි ඇතුන්ටවත් මාර්ග දෙපසවත් ඒ කාලෙ භාවිත කළේ නැහැ. වරින් වර මේ පන්දම් බිම තියලා අලුතෙන් කොප්පරා දමල තෙල් වත්කරනවා. ඒ සඳහා තැනින් තැන කොප්පරා භාජන තබා තිබුණා. ඒ වෙලාවට ගිනි පුළිඟු පාරේ වැටෙනවා. පෙරහැරේ යන නැට්‌ටුක්‌කාරයන්ට, බෙර වාදකයන්ට විතරක්‌ නොවේ අලි ඇතුන්ටත් මේ ගිනි පුළිඟු පෑගෙන්න පුළුවන්. ජීවිත රැසක් විනාශ වුණු අලි කුලප්පුව කොප්පරා පන්දමක ගිනි පුළිඟුවක් පෑගුණු අලියෙක් නිසා වුණු බවයි පැවසෙන්නේ.

පෙරහැරේ මුල් කොටස ක්‍රමයෙන් ‘වෝඩ් පෙදෙස’ට ඇතුළු වුණා. අද ඒ ප්‍රදේශයට කියන්නේ දළදා වීදිය කියලා. දළදා වීදියේ පහළට ආපු පෙරහැර ‘බ්‍රවුන්රිග් හන්දිය’ට ළඟා වුණා. එතැන එදා බ්‍රවුන්රින් ආණ්‌ඩුකාරයාගේ පිළිරුවක්‌ ඉදිකර තිබුණා. මේ හන්දියෙන් දකුණට තමයි තිබුණේ බ්‍රවුන්රිග් වීදිය (අද යටිනුවර වීදිය). පන්දම්කාරයෝ ඉදිරියට යද්දී එක් අලියෙක් එකපාරටම කුංචනාද කරමින් කුලප්පු වී පෙරහැරෙන් පිට පැන දුවන්නට වුණා.

අලියා අසාමාන්‍ය ලෙස කුංචනාද කරනකොට මුළු පෙරහැරම තැතිගත්තා. අලි ඇතුන් වගේම නරඹන ජනතාවත්, පෙරහරට සහභාගි වුණු නැට්ටුවන් ඇතුළු පිරිසත් බියට පත්වුණා. ඇත්ගොව්වා අලියා මෙල්ල කිරීමට නෙයෙක් උපක්‍රම යෙදුවා. ඒත් සාර්ථක වුණේ නැහැ. තවත් ඇත්ගොව්වන් ඇවිත් අලියා මෙල්ල කරන්න වැඩ කළත් අන්තිමට වුණේ අලියා තවත් දරුණු වීමයි.අලියාගේ දරුණුකම වැටහුණු මිනිසුන් ඒ මේ අත දුවන්නට වුණා. අලියාත් නගරය පුරා දුවන්න වුණා.

මේ අලි කුලප්පුව වෙන අවස්ථාවේදී කරඬුව රැගත් රාජා ඇතා මාලිගාව අසලින් පෙරහැරට එක්වෙලා හිටියේ. කලබලය ගැන දැනගත් එවක දියවඩන නිලමේ කුඩා බණ්ඩා නුගවෙල කරඬුව රැගත් ඇතා ආපහු මාලිගාවට ගෙවැදීමට උපදෙස් දුන්නා.

කුලප්පු වූ අලියා බ්‍රවුන්රිග් වීදිය පැත්තට හැරුණා. හැරුණු ගමන්ම වමට තිබුණේ පාළු පාරක්‌. ඒ පාර කැලෑ වැවුණු ඉඩම් අතරින් ඇවිත් ආයිමත් අද ඔරලෝසු කණුවට ටිකක්‌ එපිටින් පිහිටි වෝඩ් පෙදෙසට (දළදා වීදියට) සම්බන්ධ වෙනවා. ඒ පාරට එදා නමක්‌ තිබුණෙත් නැහැ. පසුව ඒක බෙනට්‌ සොයිසා පටුමග නමින් හැඳින් වුණා. එදා සිද්ධියෙන් පසු මේ පාර අලියා ගිය පාර ලෙසත්, අලියා මරා දැමුණු තැන අලි මුඩුක්‌කුව ලෙසත් ජනතාව අතර ප්‍රසිද්ධ වුණා.

පෙරහැරේ ගමන් කළ අනෙක් අලි ඇතුන්, ඇත්ගොව්වන් ඒ ඒ තැන්වල තිබුණු ගස්වල බැන්දා. මේ අතර මහනුවර පොලිස් අධිකාරිවරයා සන්නද්ධ පොලිස් නිලධාරින් යටිනුවර වීදියට කැඳෙව්වා. පොලිස් නිලධාරීන් ලවා නගරයේ ස්ථාන කිපයකම මුරකාවල් දැම්මා. මිනිසුන්ගේ කෑගැසීම්වලිනුත් අලියා තවත් බයවී සිටියා. මේ අලියා ජනතාව සිටි පැත්තට යන්න හදනකොට පොලිස් නිලධාරීන් ඌට වෙඩි තැබුවා. අලියා වෙඩි පහරින් තවත් කෝපයට පත්වුණා. ඌ කෑගසමින් මරු විකාරයෙන් දුවන්නට වුණා. ඒ කාලෙ අලි නිර්වින්දන ඖෂධ භාවිත වුණේ නැහැ. දුවන අලියා පස්සෙන් පන්නාගෙන ආ මහනුවර පොලිසියේ උපපොලිස් පරීක්ෂක ආර්. කරුණාරත්න හා පොලිස් සැරයන් එම්.ඩී. බණ්ඩාර යන නිලධාරීන් අලියාට වෙඩි තිබ්බා.

‘අලියෙකු කුලප්පුවෙලා යැයි දසතින් හඬ නැගෙත්ම චණ්ඩ මාරුතයෙන් කැළතුණු මහා සාගරයක් සේ හිස් ලූ ලූ අත පැන දුවන්නටත්, මර හඬ තළන්නටත් වූ ජනතාවගේ බිහිසුණු දර්ශනයත් මහා ඝෝෂාවත් යළි සිහිපත් කිරීම පවා අපහසුය.

පන්දම්කරුවන්, ගිනි පන්දම් බිමදමා දුවද්දී, නැට්ටුවන් බෙරකරුවන් බෙරගෙඩි බිම දමා පැනයද්දී අලි රැළද දළද‌ා වීදිය දිගේ ආපසු දුවන්නට විය. අලි කලබලය යන්තම් යහපත් වෙත්ම ආරෝග්‍ය ශාලාව කරා දිවගිය ඒ මහා රාත්‍රියේ ගොඩගසා තිබූ මළ කඳන්වල ශෝකජනක දර්ශනය බැලූ බැලූ තැන තවමත් පෙනේ. මහනුවර රෝහලේම සේවය කරන සාත්තු සේවිකාවකගේ මළකඳ ආරෝග්‍ය ශාලාවේ බරාඳයේ බිම උඩුකුරුව දමා තිබුණේය. ඇගේ සිරුර දහස් වරක් පමණ පාගා දමා ඇති බව පෙනෙන්නට තිබුණි. දරුවකු තුරුළු කරගත් මවක් දරුවාත් සමග එකට තෙරපී මැරී සිටියාය. වැල නොකැඩී රෝහල වෙත එන ගිලන් රථවලින් කැඩී, පොඩිවී ගිය තුවාලකරුවන් හා මළකඳන් එකට බාමින් තිබුණි’

ජනතාව අතරින් 15 දෙනකු අවසානයේ මියගොස් සිටියා. ඒ අලියා පහරදීමෙන් නොවේ. දුවන ජනතාවට පෑගීම නිසයි. පොලිස්‌ වෙඩිපහරින් මරුමුවට පත්වූ මේ අලියා අයිති වුණේ පාතදුම්බර කෝරලේ තනතුර දැරූ රම්බණ්ඩා උඩුරාවණට. අලියා බැලුවේ හීන් බණ්ඩා කියන ඇත්ගොව්වායි.

එවැනිම අලි කුලප්පුවීමක් 1993 දී පෙරහැර පවත්වන විටත් සිදුවීමට ගිය බව සඳහන් වෙනවා. වාසනාවකට වගේ එය වළක්වා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ අවුරුද්දේ පෙරහැරේ කරඬුව වැඩමවූ රත්නපුර සමන් දේවාලයේ ඇතා හදිසියේම දෑලේ සිටින ඇතුන්ට පහර දෙන්න වුණා. ඒ වනවිට මේ ඇතා හිටියේ මාලිගාවේ දිය අගල අසලින් ගමන් කරමින්. නිර්වින්දන කණ්ඩායම් වහාම කැඳෙව්වා. දියඅගල අසලදී ඇතා නිර්වින්දනය කළහොත් ඇතාට හානියක් විය හැකි නිසා උපක්‍රම භාවිත කරමින් මහමළුවට ඌ ගෙන්වා ගැනීමට ඇත්ගොව්වන් සමත් වුණා. එතැනදී ඇතාට නිර්වින්දන ඖෂධ විද සිහිනැති කිරීම නිසා සිදුවීමට ගිය විශාල විනාශයක් වැළකුණා.

මෙම සිදුවීම්වලට අමතරව දළදා පෙරහැරේ අලින් කුලප්පු වීම් යම් යම් වසරවල සිදුවුවද ඒවා ඉතා සුළු වේලාවකින් පාලනය කිරීමට හැකි වූ සිදුවීම්. එසේම දළදා පෙරහැරේ අලියකු කුලප්පු වීමක් රටේ පාලකයාට රටට කරදරකාරී තත්ත්වයක් උදාකරවීමේ අසුබ ලකුණක් සේ සැලකීමට රටේ ජනතාව පුරුදු වී සිටිනවා.

සරත් සමරනායක

SendShareShare
Previous Post

පොළොන්නරුවෙ ජනතාවට පානීය ජලය දෙන්න මහවැලි හඟ හරස් කරයි! Sri Lanka Latest News

Next Post

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ඒකාබද්ධව ලංකාව ගැන කරපු සමීක්ෂණ වාර්තාවක් විපක්ෂනායක සජිත්ට බාරදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

Load More
ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

"පොහොර මිල වැඩියි තමයි" - "අපි අධිෂ්ඨානයක ඉන්නවා දිගටම බලයේ ඉන්න" අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත Sri Lanka Latest News

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.