ප්‍රධාන සමාගම් දෙකට අතිරේක ලාභයක් ලබාගත නොහැකි වන පරිදි පාන් පිටි කිලෝවක විකුණුම් මිල රුපියල් 198 ක් ලෙස නිවේදනය කරන ලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.Sri Lanka Latest News
මේ අතර සිමෙන්ති කොට්ටයක ගොඩබාන මිල සහ විකුණුම් මිල අතර පරතරය රුපියල් 700කට ආසන්න බැවින් මෙම අයථා ලාභය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙසද කමිටුව නියෝග කළේය.
රජයේ ආදායම වැඩිකරගැනීම සදහා මුදල් අමාත්‍යාංශය කරන බදු වැඩිකිරීම් ඉන් ඇතිවන සමාජ බලපෑම පිළිබද නිසි ඇගයීමක් නොකර සිදුකිරීම ලොකු ගැටලුවක් බව කමිටුව පෙන්වා දුන්නේය.
රජයේ මුදල් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව එහි වැඩබලන සභාපති මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 15 වැනිදා රැස්විය. මෙම තීරණ ගැනුණේ එම රැස්වීමේදීය.
පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට නියමිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ 2023. 06.14 ප්‍රකාශයට පත්කරන ලද අංක 2336/45 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ඇති රෙගුලාසි පිළිබඳවද මෙහිදි අවධානය යොමුවිය.










