ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පැවැති මඩු මංගල්ලය අවස්ථාවේදී සිදු කළ කතාව සම්බන්ධයෙන් මේ වනවිට කතෝලික සභාව තුළ යම් විවාදයක් මතුව තිබේ.Sri Lanka Latest News
ඒ බව කතෝලික සභාව විසින් පළ කරන නිල පුවත්පත වන ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ කතුවැකිය මගින් යම් පැහැදිලි කිරීමක් දැකගන්නට පුලුවන.
එහිදී ජනාධිපතිවරයාගේ කතාවෙන් පසු ඥානාර්ථ ප්‍රදීපය කාර්යාලයට පැමිණි දුරකතන ඇමැතුම් සම්බන්ධයෙන් සහ කතෝලික බැතිමතුන් හඬ හඬා පැවසූ කරුණු සිය කතුවැකිය මගින් අනාවරණය කිරීමට එම පුවත්පත පියවර ගෙන ඇත.
ජනාධිපතිවරයා කළ කතාව සම්පූර්ණයෙන්ම දේශපාලනික එකක් බවත්, මෙවැනි ආගමික උත්සවයකදී රාජ්‍ය නායකයකු අදහස් දැක්වීමේදී ප්‍රවේශම් සහගත විය යුතු බවත් එම කතුවැකියෙහි දැක්වේ.
පහත පළවන්නේ එම කතුවැකියය.











