• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

RMV එකේ ලොක්කෙක් අල්ලගෙන මයිකලුයි-ආරියපාලයි හොර වාහන 430ක් ‌රෙජිස්ටර් කරන්න ගහපු ගේමේ මුල-මැද-අග හොයාගනී! වළාන දූෂණ මර්දන ඒකකය හොරු අල්ලපු හැටි මෙන්න! Sri Lanka Latest News

August 14, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
RMV එකේ ලොක්කෙක් අල්ලගෙන මයිකලුයි-ආරියපාලයි හොර වාහන 430ක් ‌රෙජිස්ටර් කරන්න ගහපු ගේමේ මුල-මැද-අග හොයාගනී! වළාන දූෂණ මර්දන ඒකකය හොරු අල්ලපු හැටි මෙන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හොර පාරෙන් මෙරටට රැගෙන එන සුඛෝපභෝගී වාහන හොර පාරෙන්ම ලියාපදිංචි කිරීමේ ජාවාරම් මෙරට ක්‍රියාත්මක වන්නේ කලක සිටය. විශාල බදු ආදායමක් රටට අහිමි කරන මෙම ජාවාරමට වැට බැඳීමට බලධාරීන් කොතෙකුත් උත්සාහ ගත්තද වරායෙන් එම වාහන එළියට ගන්නා තැන සිට හොර ලේඛනවලින් ලියාපදිංචි කරන තැන දක්වාම සිටින දූෂිත නිලධාරීන්ගේ ආශිර්වාදය මෙම ජාවාරමට ඇති බැවින් මෙතෙක් ඊට නැවතීම තිත තැබීමට හැකියාවක් නම් ලැබී නැත.Sri Lanka Latest News 

ඒ යැයි කියා මෙම ජාවාරම්කරුවන්ට පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන්ව සිය සාක්කුවට දමා ගැනීමට කිසිසේත්ම ඉඩක් නොවීය. එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී කේ. ඒ. උදය කුමාරට දිගින් දිගටම ලැබෙන්නට වූ තොරතුරු ඔස්සේ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයැවීමෙන් පසුගිය කාලය පුරාවටම හොර පාරෙන් රැගෙනවිත් හොර පාරෙන්ම ලියාපදිංචි කළ සුඛෝපභෝගී වාහන 50කට වැඩියෙන් නීතියේ රැහැනට කොටුකර ගත්තේය. එම වැටලීම්වලදී මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන්ට පෙනී ගියේ හොර පාරෙන් රට තුළට රැගෙන එන කෝටි ගණන් වටිනා සුඛෝපභෝගී වාහන හොර පාරෙන් ලියාපදිංචි කිරීම සංවිධානාත්මකව සිදුවන ජාවාරමක් බවය.

මෙම ජාවාරම මැඬලීමට නම් එහි මහා මොළකරුවන් හඳුනාගෙන ඔවුන්ව නීතියේ රැහැනට හසු කරගත යුතු බව සහකාර පොලිස් අධිකාරී උදය කුමාරටත් ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහටත් පෙනී ගියේය. මෙම ජාවාරම පිටුපස බලවත් උදවිය ද සිටින්නට හැකි බැවින් ඉතා සූක්ෂ්ම විමර්ශනයක් ඔස්සේ ජාවාරම්කරුවන් නීතිය හමුවට ගෙන ආ යුතු බව මෙම නිලධාරීන් තීරණය කළේය. එබැවින් මෙම ජාවාරම පිටුපස සිටින මහ මොළකරුවන් ගැන තොරතුරු සෙවීමේ වගකීම පවරන්නේ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ සේවයේ නිරත විශ්වාසවන්තම නිලධාරීන් අතර ඉදිරියෙන්ම සිටින පොලිස් සැරයන් ජයලාල්ටය. තමන්ට පැවරෙන රාජකාරිය සිය දිවි පරදුවට තබා කැපවීමකින් ඉටු කරන නිලධාරියෙක් වන ජයලාල් මාස කිහිපයක් තිස්සේ කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම ජාවාරම ගැන බොහෝ තොරතුරු සොයා ගත්තේය. ඊට අනුව මෙම ජාවාරම මෙහෙයවන මහ මොළකරුවන් දෙදෙනෙකි. එක් අයෙක් ගම්පහ පදිංචිකරුවෙකි. ඔහු මයිකල් ය. දෙවැන්නා ආරියරත්නය. ඔහු පදිංචිව සිටියේ කඩවත පහළ කරගහමුදුනේය. මේ අයට රේගුවේ මෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේත් සම්බන්ධකම් ඇති බව ජයලාල් සොයා ගත්තේය. මේ හැරුණු කොට තවත් බොහෝ රහස් තොරතුරු ගොන්නක්ම රැස්කරගත් ජයලාල් ඒ හැම දෙයක් ගැනම සිය උසස් නිලධාරීන්ව දැනුවත් කළේය.

ජයලාල් විසින් ලබාදුන් තොරතුරු ඔස්සේ මහමොළකරුවන් දෙදෙනාගෙන් මුලින්ම සිය ග්‍රහණයට ගන්නේ ගම්පහ මයිකල්වය. අසනීප තත්ත්වයක් හේතුවෙන් අසාධ්‍යව සිටින මයිකල්ගෙන් වැඩි යමක් එහිදී හෙළිකර ගැනීමට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන්ට අවස්ථාවක් නොවීය. ඒ සීමාවකට යටත්ව ඔහුගෙන් ප්‍රශ්න කළ යුතුව තිබුණු බැවිනි. එබැවින් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් සිය අවධානය යොමු කරනු ලබන්නේ ආරියරත්න කෙරෙහිය. ජයලාල් ලබා දුන් තොරතුරුවලට අනුව ආරියරත්න ඒ වන විට පරිහරණය කරමින් ඇති සුඛෝපභෝගී ජිප් රථය ද ව්‍යාජ ලේඛන මඟින් ලියාපදිංචි කර ඇති හොර වාහනයකි. එම වාහනයත් සමඟ මධ්‍යම දූෂණ මර්දන බළකායේ නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගන්නේ පසුගිය ජූලි 13 වෙනිදාය. ඒ ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ශාන්ත සහ සැරයන් ජයලාල් (428) ප්‍රමුඛ පොලිස් කොස්තාපල් උදයකුමාර (84889), පොලිස් කොස්තාපල් රියදුරු රත්නායක (105577) යන නිලධාරීන් එක්ව කළ වැටලීමක ප්‍රතිඵලයක් ලෙසිනි. 

මෙහිදී ජාවාරම්කරුගේ නිදහස වෙනුවෙන් ඉදිරිපත් වූ පිරිස් බොහෝය. ඒ අතර නීතිය ක්‍රියාත්මක කරන්නට සිටින නිලධාරීන් ද නොසිටියාම නොවේ. මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය ක්‍රියාත්මක වන්නේ පොලිස්පතිවරයාගේ ඝෘජු අධික්ෂණය ඇතිව බැවින් ඒ අයට ඕනෑවට වඩා මෙහි සේවයේ නිරත නිලධාරීන්ට බලපෑම් කරන්නට ඉඩක් නොවීය. එතෙක් කලක් නිදහසේ සිය ජාවාරම කරගෙන ගිය ආරියරත්නගේ දෑතට මාංචු වැටෙන්නේ ද එබැවිනි.

මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් දීර්ඝ ලෙස ආරියරත්නගෙන් මෙම ජාවාරම ගැන ප්‍රශ්න කළේය. ඒ එතෙක් විමර්ශනවලින් රැස්කරගෙන තිබුණු තොරතුරු ද උපයෝගී කරගෙනය. එබැවින් ආරියරත්නට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන්ගේ කනින් රිංගීමට ඉඩක් නොවීය. ඒ නිසාම බොහෝ දේවල් ආරියරත්නගේ කටින්ම එළියට ගැනීමට හැකියාවක් ලැබුණේය.

ඊට අනුව මෙම වාහන ජාවාරම සිදුවන්නේ ක්‍රම කිහිපයකට අනුවය. නීති විරෝධී ලෙස මෙරටට හොර රහසේ කන්ටේනර් අස්සේ සඟවා ගෙන ගෙන එන සුඛෝපභෝගී වාහන ව්‍යාජ ලේඛන සකස්කර ලියාපදිංචි අංක ලබාදී නීත්‍යානුකූල වාහනයක් බවට පත්කිරීම ඉන් එක් ක්‍රමයකි. එසේම සොරාගන්නා ලද වාහන සහ කල්බදු සමාගම්වලට වාරික ගෙවා ගැනීමට නොහැකි වාහන වෙනත් අංකවලට මාරුකිරීම දෙවැනි හා තෙවැනි ක්‍රමවේදයයි. මේ හැම දෙයක්ම සිදුවන්නේ මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකුගේ ආශීර්වාදය ඇතිවය. මේ කුමන ක්‍රමයක වාහනයකට වූවත් ලබා දෙන්නේ අලුත් ලියාපදිංචි අංක නොව, පැරණි වාහන අංකය. එවැනි වාහන අංක ඇති තරම් මෙම ජාවාරම්කරු සතුව ඇත. ඒ හැම වාහනයක්ම පාහේ අබිලි ද්‍රව්‍ය ලෙස රක්ෂණ සමාගම් මඟින් හෝ රජයේ ආයතනවලින් හෝ පුද්ගලික ආයතවලින් ඉවත දැමූ ඒවාය. හොරට ගෙන්වන වාහනවලට ලියාපදිංචි අංක දෙන්නේ එම අබිලි වාහනවලිනි. ට්‍රැක්ටරයක අංකය පවා මොන්ටෙරෝ වාහන වලට මෙහිදී ලබා දෙන්නේ මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියෙන් වාහනයේ අංකයට ඇති වාහන වර්ගයෙන් ට්‍රැක්ටරය ඉවත් කර ඒ වෙනුවට මොන්ටෙරෝ යැයි සටහන් තබමිනි. එසේම ලියාපදිංචි අයිතිකරුගේ විස්තර ද වෙනස් වන්නේ දත්ත පද්ධතියෙන්මය. මෙම දත්ත පද්ධතියේ සටහන් වන්නේද හොරට ලියාපදිංචි කරන වාහනයේ චැසි හා එංජින් අංකය.

මෙය සංවිධානාත්මකව සිදුවන දැවැන්ත ජාවාරමක් බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන්ට පෙනී යන්නට වූයේ එසේ හොර පාරෙන් ලියාපදිංචි කර ඇති සුඛෝපභෝගී වාහන 430ක ලැයිස්තුවක් ආරියරත්න සතුව තිබී සොයා ගැනීමත් සමඟිනි. මේ ඔහු සතුව තිබුණු ලේඛනයකින් එළියට ආ වාහන 430ක ලැයිස්තුවක් පමණි. මෙම ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක් ආරියරත්න විසින් මෙසේ හොර පාරෙන් ලියාපදිංචි කර ඇති බව ඔහුගේ කතාබහෙන්ම නිලධාරීන්ට පෙනී ගියේය. රජයට විශාල බදු ආදායමක් අහිමි කරමින් සිදු කරන මෙම වංචාවට සම්බන්ධ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ සිටින දූෂිතයන්ව ද කොටු කර ඔවුන්ව නීතිය හමුවට ගෙන ආ යුතු බව තීරණය කළ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒ සඳහා හොඳම මඟ ලෙස තීරණය කරනු ලබන්නේ අංක සහිතව අනාවරණය වූ හොරට ලියාපදිංචි කල වාහන 430 සම්බන්ධයෙන්ම පුළුල් විමර්ශනයක් පැවැත්වීමටය. සඳහා මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ද ලබා ගන්නා මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ විමර්ශන නිලධාරීන් මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ ඇති එම වාහන අංකවලට අදාළ සෑම විස්තරයක්ම ලබා ගැනීමට පියවර ගත්තේය.

එම දත්තයන්ට අනුව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් මුලින්ම සිය විමර්ශනයට ලක්කරනු ලබන්නේ ආරියරත්න සතුව තිබී සොයාගත් 64-1149 අංකය දරන වාහනය සම්බන්ධයෙනි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ දත්තයන්ට අනුව එම වාහනයේ ලියාපදිංචි අයිතිකරුවන් සිවුදෙනෙකි. ආරියරත්නගේ නම ඒ කොතනකවත් නැත. ආරියරත්න මෙම වාහනය පරිහරණය කරමින් සිට ඇත්තේ ලොකු ගාණකට කාගේ හරි ඇගේ ගැසීමේ සූදානමක් ඇතිවය. මේ දේවල් ගැන හොඳින් දැන සිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ලේඛනවලට අනුව ඒ වන විට මෙම වාහනයේ ලියාපදිංචි හිමිකරු ලෙස සටහන්ව ඇති පුද්ගලයාවත් ඊට පෙර ලියාපදිංචි හිමිකරු ලෙස සටහන්ව ඇති පුද්ගලයාවත් කැඳවා ප්‍රශ්න කරනු ලැබීය. ඒ අයට අනුව තමන්ගේ නමින් ලියාපදිංචි කර ඇති එම රථය මැස්ඩා වර්ගයේ රතු පැහැති කාර් රථයකි. එම රථය අවසන් ලියාපදිංචි අයිතිකරුගෙන් පුද්ගලයෙක් විසින් මිලදී ගෙන ඇත්තේ ධාවන තත්ත්වයේ නොමැති යකඩ ගොඩක් ලෙස තිබියදීය. එහෙත් මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ලේඛනවලට අනුව දැන් එම රථය ඇත්තේ මැස්ඩා වර්ගයේ මෝටර් රථයක් ලෙස නොව, මිට්ෂුබිෂි වර්ගයේ ජිප් රථයක් ලෙසිනි.

මෙසේ මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ඇති දත්ත පද්ධතිය වෙනස් කිරීමට හැකියාවක් ඇත්තේ එම දෙපාර්තමේන්තුවේම සේවය කරන නිලධාරීන්ටය. පිටස්තරින් එය සිදුවන්නේ නම් දත්ත පද්ධතිය සහිතව අනවසර පිවිසුමක් සිදුවිය යුතුය. මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට හැකර්වරුන්ගේ ප්‍රහාරයක් එල්ල වූ බවට මෙතෙක් තොරතුරක් සොයා ගන්නට නැත. එබැවින් මෙම දත්ත වෙනස් කිරීම සිදුව ඇත්තේ මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව ඇතුළෙන්ම බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන්ට පෙනී ගියේය.

එබැවින් ඒ ගැනත් තොරතුරු සොයා බැලීමට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් තීරණය කළේය. ඒ අනුව මුලින්ම මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවට ඇතුළුවී තොරතුරු සොයන්නට ගන්නේ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහය. ඔහු උපක්‍රමශීලීව එතැනට රිංගන්නේ රථවාහන අංශයේ කලක් සේවය කර ඇති නිලධාරියෙක් වූ බැවින් දන්නා කියන නිලධාරීන් රැසක්ම එහි සේවයේ නිරතව සිටි බැවිනි. ඒ අයගෙන් ද බොහෝ තොරතුරු ඉන්දික වීරසිංහ රැස්කර ගත්තේය. අනතුරුව සැරයන් ජයලාල්වද වෙනත් මුහුණුවරකින් එහි යැව්වේය. ඒ ඔස්සේ මෙම වංචාවට සම්බන්ධ බවට සැක කළ හැකි කිහිප දෙනෙකුම හඳුනා ගත්තේය. ඒ අය ගැන පවා වෙනම තොරතුරු රැස්කරන්නට ගත්තේය.

මේ අතර ආරියරත්න සතුව ඇති HN -7987 අංකය යටතේ ඇති වෑන් රථයක් ගැන ද තොරතුරු මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායට ලැබුණේය. එම වාහනය මිරිහානේ ස්ථානයක තිබියදී සොයාගනු ලබන්නේ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසිනි. එම රථයද පෙර රථය මෙන්ම හොරට ලියාපදිංචි කර තිබුණකි. මෙම රථ බොහෝමයක ලියාපදිංචි හිමිකරුවන් ලෙස සටහන්ව ඇති පුද්ගලයන් සහ ලිපින සොයා ගන්නට බැරි තරම්ය. ඒ එහි සටහන්ව ඇති ලිපිනවල එවන් පුද්ගලයන් නොමැති බැවිනි. ඇතැම් ලිපින රටේත් නැති ලිපිනය.

මෙම තොරතුරු මඟින් නිලධාරීන්ට පෙනී යන්නට වූයේ මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ දත්ත පමණක් පදනම් කරගෙන විමර්ශන පැවැත්වීම නිෂ්ඵල බවය. එබැවින් විමර්ශන නිලධාරීන් තීරණය කරනු ලබන්නේ රක්ෂණ සමාගම් මඟින් සැකයට තුඩු දෙන වාහන 430ට අදාළ ලියාපදිංචි අංකවල හිමිකරුවන් හඳුනා ගන්නටය. ඒ මෙරට මාර්ගවල ධාවනය වන සෑම වාහනයක්ම රක්ෂණය කිරීම නීතියෙන් අනිවාර්ය බැවින් ඒ හැම වාහනයක්ම රක්ෂණය කර ධාවනය වන බැවිනි. රක්ෂණය කිරීමේදී වාහනයේ හිමිකරුවන්ගේ දත්තයන් ඊට ඇතුළත් කරන බැවින් ඒ ඔස්සේ වාහනයේ වර්තමාන හිමිකරුවන් හඳුනා ගැනීම විමර්ශන නිලධාරීන්ගේ අරමුණ විය. මෙරට වාහන රක්ෂණයේ නියැළෙන රක්ෂණ සමාගම් 14කට මේ සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට මහර අධිකරණයෙන් නියෝගයක් පවා මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් පියවර ගත්තේය.

මේ අතර ආරියරත්න සතුව තිබී සොයාගත් වාහන 430 හේ ලැයිස්තුවේ ඇති 65-3454 අංකය දරන වාහනය ගැන විශේෂ අවධානයක් විමර්ශන නිලධාරීන් යොමු කරනු ලැබීය. මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ලේඛනයන්ට අනුව මෙම වාහනයේ වර්තමාන ලියාපදිංචි හිමිකරු වූයේ පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එම පුද්ගලයා ගැන තොරතුරු සොයා බැලීමේදී අනාවරණය වන්නේ ඔහු මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරයේ සේවයේ නිරත ලිපිකරුවකු බවය. ආරියරත්න හා මෙම ලිපිකරු අතර කිට්ටු සම්බන්ධයක් ඇති බව ඒ වන විටත් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ විමර්ශන නිලධාරීන් දැන සිටියේය. ඒ මේ දෙදෙනා අතර 250ට වැඩි වාර ගණනක් දුරකතන ඇමතුම් ලබාගෙන ඇති බව දුරකතන දත්ත විශ්ලේෂණයකදී පෙනී ගිය බැවිනි. ඒ හැරුණු කොට දුරකතන ජාල විමර්ශනයේදී මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් 05 දෙනෙක් ගැන ද තොරතුරු එළිය ආවේය. සුදු පිරුවට හැඳි ඒ අය ගැන ද මේ වන විට විමර්ශන නිලධාරීන් සිටින්නේ සිය උකුසු ඇස් යොමාය. එහෙත් ඒ අයට වඩා ආරියරත්න සමඟ කිට්ටු සම්බන්ධයක් පැවතියේ යැයි පෙනී යන්නට වූයේ මෙම ලිපිකරුය.

මෙම ලිපිකරුගේ ඉතිහාසය පිරිස්සීමේදී ඔහු කළු චරිතයක් නොවීය. යුද හමුදාවේ අබිලි වාහන මිලදී ගෙන කොටස් එකලස් කළ සුඛෝපභෝගී වාහනවලට එම අබිලි වාහනවල අංක ඇතුළත් කර ලියාපදිංචි කිරීමේ මහා පරිමාණ වංචාවක් ගැන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයකදී පවා විමර්ශන නිලධාරීන්ට මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව පැත්තෙන් ලොකු සහයක් දුන්නේ මෙම ලිපිකරුය. මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව තුළ සිදුවන වංචා දූෂණ ගැන එකල මාධ්‍යයට පවා තොරතුරු දුන්නේ ඔහුය. අද ඒ හැම චෝදනාවක්ම එල්ලවී ඇත්තේ එම ලිපිකාරුවාටය.

කලක් වැඩ තහනමකට ද ලක්ව සිටි මෙම ලිපිකරු නැවත මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ සේවයට එක්ව ඇත්තේ අධිකරණයේ ඔහුට එරෙහිව පැවති නඩු කිහිපයකින්ම නිදොස් වීය. ඒ නිසාම මෙම ලිපිකරු සම්බන්ධයෙන් වූ විමර්ශන පරිස්සමට සිදුකිරීමට විමර්ශන නිලධාරීන් වගබලා ගන්නේ ඔහුව ගෙන්වා ප්‍රශ්න කිරීමට පෙර වාහනය සම්බන්ධයෙන් තොරතුරු හැකි උපරිමයෙන් රැස්කරමිනි. ඒ සඳහා විමර්ශන නිලධාරීන් මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් කොමසාරිස් කාර්යාලයේ ද සහය පැතුවේය. ඒ මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය වෙනස් කළද පළාත් කාර්යාලවල දත්ත පද්ධතිය එසේ පහසුවෙන් වෙනස් කිරීමට හැකියාවක් නොමැති බැවිනි. හොරට ගෙන්වූ වාහන හොර පාරෙන් ලියාපදිංචි කළද ඒවා හොර වාහන බවට ඔප්පු කිරීමට ඇති හොඳම සාක්ෂි විමර්ශන නිලධාරීන්ට ලැබෙන්නට වූයේ පළාත් මෝටරථ කොමසාරිස් කාර්යාල වලිනි. ඒ ජාවාරම්කරුවන්ට පළාත් කාර්යාල අමතකව ගොස් තිබුණු බැවිනි.

මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් කොමසාරිස් කාර්යාලයේ දත්තයන්ට අනුව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ විමර්ශන නිලධාරීන්ට පෙනී ගියේ 65-3454 අංකයෙන් ලියාපදිංචි කර ඇති වාහනයය සඳහා 2000 වර්ෂයේ සිට 2018 වසර දක්වා ආදායම් බලපත්‍ර නිකුත් කර නොමැති බවය. දඩ මුදල් ගෙවා එම වාහනයට අදාළ වාහන බලපත්‍රයක් නැවත ලබා ගන්නේ 2018 වසරේ සිටය. ඒ මඩපාත පදිංචි මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ලිපිකරුගේ නමිනි. එසේම එම වාහනයේ චැසි අංකයද එම වසරේදීම වෙනස්කර ඇති බවද ලියකියවිලිවලින් පෙනී ගියේය. වාහනයද රැගෙන ඔහුට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට එන්නැයි කියන්නේ මේ හැම දෙයක්ම රැස්කර ගැනීමෙන් අනතුරුවය. එම කැඳවීමට අනුව පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන බලකායට ඔහු එන්නේ පසුගිය 10 වෙනිදාය. එය පැජරෝ වර්ථයේ ජිප් රථයකි. වාහනයේ අංකය හා සැසදීමේදී නම් එය අලුත්ම පෙනුමට තිබුණේය. පැරණිකමක් තිබුණේ එහි ලියාපදිංචි අංකයේ පමණි. එහි ඇති හැම දෙයක්ම අලුත්ය. මෙම රථය විමර්ශන නිලධාරීන්ගේ දැඩි පරීක්ෂාවට ලක්විය. එහිදී පෙනී යන්නට වූයේ රථයේ බඳ පටියේ සඳහන්ව ඇති නිෂ්පාදන වර්ෂය 1995 ලෙස සටහන්ව ඇති බවය. එහෙත් මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ලේඛනයන්ට අනුව නිෂ්පාදිත වර්ෂය ලෙස සඳහන්ව ඇත්තේ 1996 ලෙසිනි.

ඒ ගැන විමර්ශන නිලධාරීන් මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ලිපිකරුගෙන් ප්‍රශ්න කළේය. එහෙත් ඔහු හරිහැටි යමක් ඒ ගැන කීවේ නැත. මෙම රථය මිලදී ගත්තේ සිය පියා විසින් බව ඔහු විමර්ශන නිලධාරීන් හමුවේ කීවේය. එහෙත් ඒ ගැන විමසන්නට පියා දැන් ජීවතුන් අතර නැත. රථය මිලදී ගන්නා විට තමා ද එතැන සිටි බව ඔහු කීවේය. ගනුදෙනුව සිදුව ඇත්තේ බොරලැස්ගමුවේ මහා පාරකය. සිය පියා මෙම මෝටර් රථය මිලදී ගත්තේ කාගෙන්දැයි තමා කිසිවක් නොදන්නා බව ද ලිපිකරු කීවේය. ඒ නිසාම මෙහි මුල් ලියාපදිංචි අයිතිකරු ගැන තොරතුරු සොයා බලන්නට විමර්ශන නිලධාරීන් අමතක නොකළේය. මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ලේඛනවලට අනුව එම හිමිකරුගේ ලිපිනය ඇත්තේ බම්බලපිටිය පැත්තේය. එබැවින් බම්බලපිටිය පොලිසිය මඟින් තොරතුරු වාර්තාවක් ගෙන්වා ගැනීමට විමර්ශන නිලධාරීන් පියවර ගත්තේය. මෙම වාහන ලියාපදිංචි කිරීමේ ජාවාරමේ තවත් පැතිකඩක් එළියට එන්නේ එහිදීය. මෙම ව්‍යාපාරික ස්ථානට එම ස්ථානයේ ඇත්තේ වසර 30ක් තිස්සේය. මේ කාලය තුළ එම ව්‍යාපාරික ස්ථානයේ ලිපිනයට 65-3454 අංකය දරන වාහනයක් එහි හිමිකරුවන් හෝ ඔවුන්ට සම්බන්ධ කිසිවකුත් ලියාපදිංචියක් ද කර නැත. මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය තොරතුරුවල ඇත්තේ ව්‍යාජ තොරතුරු බව ඒ අනුව විමර්ශන නිලධාරීන් පැහැදිලි කර ගත්තේය.

මෙම රථය සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන්ට පෙනී ගියේ එයත් කොටස් එකලස් කර හෝ නීති විරෝධීව මෙරටට ගෙන්වූ රථයක් බවය. ඒ සම්බන්ධයෙන් රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ ද සහය ලබාගෙන වැඩිදුර විමර්ශනයක් පැවැත්වීමට ඉඩ තබා මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ලිපිකරුව ප්‍රශ්න කිරීමකින් අනතුරුව මුදා හැරීමට වගබලා ගන්නේ ජිප් රථය පොලිස් භාරයට ගෙනය. ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ තවත් විමර්ශන කිහිපයකින් අනතුරුවය. ඒ තවමත් ඔහුට එරෙහිව ක්‍රියාත්මක වීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ගොනුවී නැති බැවිනි.

මෙසේ හොරට ලියාපදිංචි කළ වාහන පරිහරණයකරන අය අතර පොලිස් ස්ථානාධිපතිවරු ද නැත්තේම නැත. මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ලිපිකරුව ගෙන් වූ ආකාරයටම ඉදිරියේදී පොලිස් ස්ථානාධිපතිවරු කිහිප දෙනෙකුම ඔවුන් විසින් පරිහරණය කරනු ලබන වාහන සමඟ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය හමුවට ගෙන්වනු ඇත. එවිට එම නිලධාරීන් හා වාහන ජාවාරම්කරුවන් අතර පැවති සම්බන්ධකම් ගැන අලුත්ම පැතිකඩක් ද එළියට එනු ඇතැයි විශ්වාස කළ හැකිය.

මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර බළකායේ නිලධාරීන් විසින් මේ වන විටත් නීති විරෝධීව මෙරටට ගෙන්වන සුඛෝපභෝගී මිල අධික රථවාහන හොර පාරෙන් ලියාපදිංචි කිරීමට සම්බන්ධ මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන්ගේ ජාලය හඳුනා ගෙන හමාරය. ඒ අතර පොඩ්ඩන් මෙන්ම ලොක්කන්ද සිටිති. හොර පාරෙන් රැගෙන එන වාහන ලියාපදිංචි කිරීමට ඒ අය තුඩු පඩුරු ලබාගන්නේ වාහනයේ වටිනාකම ගණනය කිරීමෙන් අනතුරුවය. එම ප්‍රමාණය සටහන් වන්නේ මිලියනයෙන් උඩය. ඒ හැම තුඩුපඩුරක්ම මේ ජාලයේ සිටින හැමෝම අතර බෙදී යන බවද විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් හමාරය. තුටු පඬුරු ගෙන හොර පාරෙන් ලියාපදිංචි කර ඇති ඒ වාහන 430 සොයාගෙන මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ මේ වන විටත් සේවයේ නිරත එම දූෂිත නිලධාරීන් නීතිය හමුවට ඉදිරිපත් කිරීම මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ඒකායන අරමුණ බවට මේ වන විට පත්ව හමාරය.

ගයාන් කුමාර වීරසිංහ

සිළුමිණ

SendShareShare
Previous Post

13 ගැන මේ මොහොතේ කතා කළ යුතු නෑ! මහින්දගේ මතයත් ඒක! පොහොට්ටුවේ මතයත් ඒක! Sri Lanka Latest News

Next Post

අම්බස්තල කම්බස් කළ නූතන දේවදත්තලා I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.