මහ බැංකු පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට ගිය පිරිස අතරින් පුද්ගලයන් 09 දෙනකු පොලිස් අත්අඩංගුට ගත් බව පොලිසිය කියයි.Sri Lanka Latest News
ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් බසයකින් පැමිණ මෙසේ ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වී ඇත.
මේ හේතුවෙන් ඒ අවට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 08 දෙනෙකුව ය.










