විදුලි බිල ඉහළ දැමීමක් පිළිබඳ ජනමාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර පවසනවා.Sri Lanka Latest News
ඒ, අනුව විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී ද්විවාර්ෂිකව විදුලි මිල සංශෝධනය කිරීම රජයේ ප්‍රතිපත්තිමය තීරණය බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පැවසුවේ.
කාලසටහන්ගත විදුලි කප්පාදුවකින් තොරව වසර පුරා අඛණ්ඩව දිවයින පුරා විදුලිය සැපැයීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇති අතර, දැනට පවතින බලාගාරවල සම්පූර්ණ ධාරිතාව විදුලි උත්පාදනය සඳහා භාවිත කරන බව එහි වැඩිදුරටත් සඳහන්.










