• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දුම්රියේ ගිය චීන කාන්තාවගේ දුරකතනය පැහැරගන්න හදපු කොල්ලො දෙන්නා නාවලපිටියේදී අත්අඩංගුවට! Sri Lanka Latest News

August 7, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
දුම්රියේ ගිය චීන කාන්තාවගේ දුරකතනය පැහැරගන්න හදපු කොල්ලො දෙන්නා නාවලපිටියේදී අත්අඩංගුවට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් චීන ජාතික කාන්තාවකගේ දුරකථනය මංකොල්ල කෑමට දුම්රිය මාර්ගයේ සිට පොල්ලකින් පහර දුන් සැකකරුවන් දෙදෙනෙකු නාවලපිටිය පොලිසිය විසින් ඊයේ (06) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇත. (Sri Lanka Latest News)

ලියු කුයින් නැමති චීන ජාතික කාන්තාව, ඇයගේ සැමියා සහ දියණිය සමග ලංකාවේ සංචාරයක් සදහා පැමිණ, මාර්ග උපදේශකයෙකු සමග ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කරන අවස්තාවේ දුම්රිය ජනේලයෙන් පිටත සිය ජංගම දුරකථනයෙන් සුන්දර ස්ථාන විඩියෝගත කරමින් ගමන් කරන අවස්තාවේ නාවලපිටිය ඉගුරුඔය දුම්රිය ස්ථානයට ළගා වන අවස්තාවේ දුම්රිය මාර්ගයේ අභියස රැදි සිටි තරුණයන් තිදෙනෙකුගෙන් එක් අයෙකු දිගු පොල්ලකින් විඩියෝගත කරමින් සිටි කාන්තාවගේ අතට තද ප්‍රහාරයක් එල්ල කර ඇත.

එම තරුණයන් පහර දෙන දර්ශන ඇයගේ දුරකථනයේ පටිගත වි ඇති අතර, පහර දිම නිසා ඇයගේ අතට තුවාල සිදු වි ඇත.

පසුව ඇය සිද්ධිය සම්බන්ධයෙන් මාර්ග උපදේශකයාට දැනුම් දිමෙන් පසු ඇය විසින් චීන භාෂාවෙන් සිය පැමිණිල්ල සටහන් කර එය සිංහල භාෂාවට පරිවර්තනය කර වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ පැමිණිල්ල සහ ජංගම දුරකථනයේ පටිගත වි තිබු දර්ශනද නාවලපිටිය පොලිසිය වෙත ලබාදිමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වු නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරෙන්ද්‍ර කළුගම්පිටිය මහතා ඇතුළු පොලිස් නිලධාරින් නාවලපිටිය ඉගුරුඔය දුම්රිය ස්ථානය වෙත ගොස් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට සමත් වි ඇත.

තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇති බවයි නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නාවලපිටිය ඉගුරුඔය ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත්, ඔහුන් අවු 22-24 වයස් කාණ්ඩවල පසුවන අය බවත්, සැකකරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් බවත්, මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ ඇප මත මුදාහැර සිටින පිරිසක් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනිමෙන් පසු චීන ජාතික කාන්තාව විසින් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් පොලිසියට පණිවිඩයක් එවා ඇති අතර, එම පණිවුඩය පහත පළවේ.

මගේ නම Liu Qin. මමයි මහත්තයයි දුවයි සංචාරය සඳහා මෙවර ලංකාව පැමිණියෙමු. අප කඳුරට දුම්රියේ යන විට මම ජනේලයෙන් පිටත අපූරු දර්ශන සහ මිත්‍රශීලී මිනිසුන්ගේ ඡායාරූප ගනිමින් සිටියෙමි. දුම්රියෙන් පිටත සිටි මිනිසුන් තුන් දෙනෙක්ගෙන් එක් අයෙක් මගේ දුරකථනය උදුරා ගැනීමට උත්සාහ කරමින් දිගු ලී පොල්ලකින් මගේ වැලමිටට තදින් පහර දුන් නමුත් ඔවුන් අසාර්ථක වූ අතර ඔවුන්ගේ පින්තූර මගේ දුරකථනයේ පටිගත වුණි. දැන් මගේ අත තුවාල වී නිල් වී ඇත.

මෙම සිද්ධියෙන් පසු ශ්‍රී ලංකා සංචාරක මාර්ගෝපදේශකයා වන විනූ මගේ තුවාල පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර, මගේ පවුලේ අය සහ මගේ හැඟීම් අස්වසමින්, තත්වය ධනාත්මකව හසුරුවා ගත්තේය. එම මිනිසුන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට ඒකාබද්ධ දුම්රියේ රාජකාරියේ යෙදී සිටි  කළමනාකරුට සහ පොලිසියට කතා කිරීමට ඔහු මට නැවත නැවතත් උදව් කළේය. බොහෝම ස්තූතියි!  විශේෂයෙන්ම සංචාරක මඟ පෙන්වන්නා වූ විනූ, ගැටලුව විසඳීමට මහත් අධිෂ්ඨානයකින් යුතුව සමස්ත ක්‍රියාවලියම ක්‍රියාශීලීව හා කාර්යක්ෂමව හසුරුවමින් ක්‍රියා කළේය. එදිනම සවස් වන විට පොලිසිය විසින් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසියද ඉතා කාර්යක්‍ෂම බවත් මට ආරංචි විය. බොහොම ස්තූතියි!

මම සහ මගේ පවුලේ අය ලංකාවට ඉතා කැමතියි, මේ රට සහ මිනිසුන්, සෑම සිනහමුසු මුහුණක්ම, සෑම සුළඟක්ම අපව ස්පර්ශ කරයි. ඉඳහිට සිදුවන මෙවැනි නරක සිදුවීමක් නිසා ශ්‍රී ලංකාව පිළිබඳ මගේ හිතේ පවතින යහපත් හැඟීමට බලපෑමක් ඇති වීමට මම ඉඩ තබන්නේ නැත.  මේ සිද්ධිය නිරාකරණය වී ශ්‍රී ලංකාව තවත් ඉදිරියට ගොස් වඩා හොඳින් දියුණු වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි!

චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සදාකල් පවතිනු ඇත!

newscenter

SendShareShare
Previous Post

එන්ජින් එක හදලත් නෑලු! අවුරුදු 2ක් වෙන තැනක තියාගෙනත් ඉඳලාලු! වාහනේ දුවන්නත් බෑලු! හැබැයි ජිප් එකේ එන්ජිම හැදුවා කියලා තෙල් සංස්ථාවෙන් ලක්ෂ 26කුත් ගෙවලාලු! තවත් වාහන 3කටත් මේ වගේම සල්ලි අරගෙනලු! Sri Lanka Latest News

Next Post

කරන්ට් තියාගෙන හාමතේ බඩගින්නේ මැරෙන්නද හදන්නේ? වහාම ගොවිතැනට වතුර ටික දෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News
Exclusive

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

Load More
ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

නව පර්යේෂණයකට අනුව, COVID-19 එන්නත මඟින් ආසාදනයෙන් ආරක්ෂාව ලබාදීම පමණක් නොව, හෘද සෞඛ්‍යය ආරක්ෂා කිරීමටද වැදගත් ප්‍රතිලාභ ලබාදිය හැකි බව...

Read more
මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.