ජලය සිදීගිය මුලතිව් මල්ලාවී වැව ඇතුලු වැව්වල මියගිය මසුන් අල්ලමින් සිටි පුද්ගලයන් 38 දෙනෙකු පළාතේ ජනතව විසින් අල්ලා ඔට්ටිසුඩාන් පොලිසියට ඊයේ (06) භාරදී තිබේ. (Sri Lanka Latest News)
ජනතාව ප්‍රකාශ කළේ ගම්මානවල තරුණයන් මෙසේ මියගිය මසුන් එකතු කරන පුද්ගලයන් අල්ලා ගැනීමට ගිය අවස්ථාවේදී විශාල පිරිසක් පැන දිවගිය බවයි.
අධික අව් රශ්මිය නිසා මුලතිව් දිස්ත්‍රික්කයේ වැව්වල ජලය සිදීයාම නිසා මසුන් ලක්ෂ ගණනක් මැරී දිය මත පාවෙමින් සිටින අතර, සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කොට තිබුණේ මෙම මසුන් ආහාරයට ගැනීම හෝ අල්ලා අලෙවි කිරීම සිදු නොකරන ලෙසයි.
පොලිසියට භාර දුන් මේ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඔට්ටිසුඩාන් පොලිසිය පියවර ගෙන ඇත.
lankasara










