සෑම මොහොතකම අව්‍යාජ සිනහවකින් මුව සරසා ගත් සහන් රත්නායක බදුල්ල රෝහලේ සේවය කළ හිත හොඳ වෛද්‍යවරයෙකි.Sri Lanka Latest News
ලස්සන පවුල් ජීවිතයක් ගත කළ ඔහු පිළිබඳව ඊයේ අසන්නට ලැබුණේ ඉතා කනගාටුදායක පුවතකි.
ඒ, සහන් රත්නායක වෛද්‍යවරයා සියදිවි නසාගෙන ඇති බවට ලැබුණු ආරංචියෙනි.
වැල්ලවායේ පදිංචි ඔහු සිය නිවස තුළදීම මෙම අවාසනාවන්ත තීරණය ගෙන තිබුණි.
වයස අවුරුදු 42ක් වන සහන් රත්නායක විවාහකයෙකු වන අතර දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.
සරසවි අධ්‍යාපනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ලද ඔහු අවසන් වරට සේවය කර තිබුණේ බදුල්ල රෝහලේය.
බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය භාර නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ සහන් රත්නායක වෛද්‍යවරයා ඉතා නිහතමානී වෛද්‍යවරයෙකු ලෙස සෑම දෙනෙකුම හොඳින් හඳුනන බවය.
ඔහු වෙනුවෙන් සමාජ මාධ්‍ය ජාල තුළ මෙලෙස අදහස් පළවී තිබුණි.










