• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව හෙට අනිද්දා මහා ගසාකෑමකට ලෑස්ති වෙනවා! ඒ ඩොලර් කුට්ටිය යන්නේ කාගේ සාක්කුවටද? 74 වැනි බස් රථය ‌විද්‍යා ආදර්ශ සිසුන්ට ලබා දෙමින් සජිත් නොච්චියාගමදී ආණ්ඩුව ගහන්න යන මහා ගේමක් පළමුවරට හෙළිකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 2, 2023
in Exclusive
Reading Time: 16 mins read
A A
ආණ්ඩුව හෙට අනිද්දා මහා ගසාකෑමකට ලෑස්ති වෙනවා! ඒ ඩොලර් කුට්ටිය යන්නේ කාගේ සාක්කුවටද? 74 වැනි බස් රථය ‌විද්‍යා ආදර්ශ සිසුන්ට ලබා දෙමින් සජිත් නොච්චියාගමදී ආණ්ඩුව ගහන්න යන මහා ගේමක් පළමුවරට හෙළිකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විදුලි බල උත්පාදනයේ ගැටලුවක් ළගදීම එන බවත් ඒ නිසා පෞද්ගලික මිල දී ගැනීම්වලට යාමට සිදුවන බවත් එසේ හදීසි මිලදී ගැනීමක් සිදුවනවා යනු ටෙන්ඩර් ක්‍රමයෙන් බැහැර වීමක් බවත් ඒ තුළ මුදල් ගසා කෑම් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ඩීසල් මාෆියා කරන පුද්ගලයන් සහ ඉන්ධන උපයෝගී කර ගෙන විදුලි සැපයුම් කරන ආයතන ඇතුළු බොහෝ දෙනා මේ හදීසි තත්ත්වය උපයෝගී කර ගෙන ඩොලර් කුට්ටි පිටින් කොමිස් ගැසීමට සුදානමින් සිටින බවත් ඖෂධ මිල දී ගැනීමේදී ද සිදු වූයේ මෙය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියෙ සක්වල වැඩසටහන යටතේ අද (2) නොච්චියාගම විද්‍යා ආදර්ශ මහා විද්‍යාලයට 74 වැනි බස් රථය ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම බස් රථයෙ වටිනාකම රුපියල් ලක්ෂ 50ක් වේ.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ ඖෂධ ගෙන්වීමෙදී ඖෂධ නියාමන අධිකාරි පනතේ 58 වැනි වගන්තියෙ සදහන් ලියාපදිංචි ටෙන්ඩර් ප්‍රසම්පාදන ආකාරය අමතක කර ලියාපදිංචි ⁣නොකරන ලද ඖෂධ ගෙන්වීම නිසා ගජමිතුරන් සමග විශාල කොමිස් මුදල්ලබා ගන්නා දූෂිත වැඩපිළිවෙළක් ක්රයාත්මක වන බව යි. මෙම ක්රමවේදයම විදුලි අර්බුදයක් එනවා යැයි පවසා ඉන්ධන මාෆියාව ඩීසල් මාෆියාවට පෞද්ගලික විදුලිජනන මාෆියාවට මුල් තැන දෙමින් ටෙන්ඩර්වලින් තොරව විදුලිය මිලදී ගැනීමට සූදානම් වන බවත් පැවසීය.

මේ සියලු දේවල් කරන්නෙ විදුලි බිල අවස්ථා දෙකකදී සියයට 500කින් වැඩි කරමින් බවත් එසේ වැඩි කර තිබියදී අඛණ්ඩව විදුලිය ලබා දීමට පෞද්ගලික මිල දී ගැනීම් සිදු කිරීමට අවශ්‍ය බවත් එසෙ නොමැති නම් අඛණ්ඩව විදුලි සැපයුම දිය නොහැකි බවට රජය පවසන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ තත්ත්වය තුළ ජලය නොමැතිව උඩවලව ව්‍යාපාරයේ මෙන්ම මුලු රටෙම ගොවීන් අසරණ වී ඇති බව යි.

නිසි ජල කලමනාකරණයක් නොමැති වීමත් රජයට ඒ සම්බන්ධයෙන් නිසි පුරෝකතනයක් නොමැති බවත් කිසිදු අවබෝධයක් නොමැතිව ජල ගැටලුවක් ඇති බවත් ගොවින්ට ජලය දිය නොහැකි බවට කැබිනට් එක පවා තීන්දු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් රජයට ගොවි ජනතාව ගැන කැක්කුමක් නොමැති බවත් මහපොලොව සමග ගනුදෙනු කරන ගොවි ජනතාව ගැන කැක්කුමක් රජයට නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් රජයට පාසල් දුදරුවන්ට දිවා ආහාරය ලබා දෙන්න බැරි වුනාට සමගිජනබලවේග රජයක් යටතේ සැම පාසල් දු දරුවකුටම දිවා ආහාරය ලබා දී සුහුරු පුරවැසියකු බිහි කරන බව යි.

සමගි ජන බලවේගය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් සිදු කරන හුස්ම වැඩසටහන යටතේ මේ වනවිට රෝහල් 56 කට රු. 171,966,900.00ක සෞඛ්‍ය උපකරණත් පාසල් 73 ක් සදහා එක් පාසලක⁣ට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 73ක් ලබා දුන් අතර ඒ සදහා රු. 354,200,000.00ක මුදලක් ද වැයකරන ලදී. එසේම සුහුරු සිසුවකු නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව සිදු කරන සක්වල වැඩසටහන යටතේ පාසල් 33කට රු. 29,033,650.00ක සුහුරු පන්ති කාමර උපකරණ ද ලබා දී තිබේ.

SendShareShare
Previous Post

මාස 6ක් ඇතුළත නව වෛද්‍ය පනතක් හදන්න රනිල් උපදෙස් දෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

අද රෑ ඉඳන් 50% සිට වතුර බිලත් වැඩි වෙනවා! Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.