කඩුවෙල වැවපාර ලඳු කැලෑවක් තුළ නාඳුනන පිරිමි පුද්ගලයකුගේ නිරුවත් මළ සිරුරක් කඩුවෙල පොලීසිය විසින් සොයාගෙන තිබේ.Sri Lanka Latest News
මළ සිරුර වයස අවුරුදු 30ත් 40ත් අතර වියේ පසුවන්නකුගේ බවට සැක සිතිය හැකි යැයි පොලීසිය සඳහන් කරයි.
මළ සිරුරේ තැන් තැන්වල පහර දීමේ සලකුණු බවට සැක කළ සැක කළ හැකි සලකුණු ද දක්නට ඇති බව පොලීසිය වැඩිදුරටත් වාර්තා කර ඇත.
මේ වන විට එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර, නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් මෙන්ම මහේස්ත්‍රාත් පරීක්ෂණය ද පැවැත්වීමට නියමිතය.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කඩුවෙල පොලීසිය මඟින් මෙහෙයවනු ඇත.










