• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව බය කරන යකඩ ගැහැනිය (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

February 28, 2020
in Exclusive, Gurudawa
Reading Time: 1 min read
A A
ආණ්ඩුව බය කරන යකඩ ගැහැනිය (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව කඳු මුදුනේ සිටියදී මෙම ලියුම්කරු ජ්‍යොතිෂවේදියකු කී අනාවැකියක් ‘ගුරුදා විග්‍රහයේ’ සඳහන් කළේය. ඒ 2012දී පමණය. එම අනාවැකිය නම් රාජපක්‍ෂ ආණ්ඩුව විනාශ වන්නේ ගැහැනියකගේ අතින් කියන අනාවැකියය. ඒ ගැහැනිය එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය නාවිපිල්ලේද එකල මෙරට ඇමෙරිකානු තානාපතිනිය ප්‍රැටි්‍රෂියා බුටෙනිස්ද, එකල ඇමෙරිකානු ජනාධිපති ඔබාමාගේ උපදේශක සමන්තා පවර්ද, හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකද, චන්ද්‍රිකාද කියා මෙම ලියුම්කරු එම ලිපියේ ප්‍රශ්න කරනු ලැබීය. නැතිනම් මේ කාන්තාවන් සියල්ල එක් වී රාජපක්‍ෂ ආණ්ඩුව විනාශ කරයිද කියා මෙම ලියුම්කරු ප්‍රශ්න කළේය. 2015 පරාජය වීමෙන් පසු මහින්දත්, රාජපක්‍ෂවරුත් කීවේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයකින් තමන්ව පරාජයට පත්කළ බවය. ඒ කියන්නේ මේ කාන්තා බලය තමන් පරාජයට පත්කළ බව මහින්දද පිළිගෙන තිබිණි.
දැන් රාජපක්‍ෂවරුන් යළි බලයට ඇවිත් තිබේ. ගෝඨාභය ජනාධිපති වී මහින්ද අගමැති ධුරයට පත්වී තිබේ. ගෝඨාභය දින්න විගස ගිහින් පැටලුණේ ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන කාන්තාවක් සමඟය. ඒ වෙලාවේ ඒ කාන්තාව වෙනුවෙන් මෙරට ස්විස් තානාපති කාර්යාලය පමණක් නොව ස්විස් රජයද පෙනී සිටිනු ලැබීය. ඒ වෙලාවේ ස්විස් තානාපති කාර්යාලයටත්, ස්විස් රජයටත් මඩ ප්‍රහාර එල්ල කළ රාජ්‍ය සහ රාජ්‍ය නොවන මාධ්‍ය ජිනීවා තියෙන්නේ ස්විට්සර්ලන්තයේ බව අමතක කළහ. ඒ කොකාගේ වාරයය. දැන් මේ දවස්වල ජිනීවාහී රඟ දැක්වෙන්නේ තිත්තයාගේ වාරයය.
ජිනීවාහී තිත්තයාගේ වාරය ආරම්භ වීමට පෙර ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා බෝම්බයක් පත්තු කළේය. ඒ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට සහ පවුලේ අයට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කරමින්ය. මේ බෝම්බය පත්තු කරන්න පෙර ට්‍රම්ප් ආණ්ඩුව ලංකාවට නියෝජිත පිරිසක් එවනු ලැබීය. එහි ප්‍රධානත්වය ගත්තේ ඇමෙරිකානු ආරක්‍ෂක කවුන්සිලයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය පිළිබඳ අධ්‍යක්‍ෂ ලීසා කර්ට්ස්, දකුණු මධ්‍යම ආසියානු සම්බන්ධතා පිළිබඳ අතිරේක ලේකම් ඇලිස් වෙල්ස් සහ මෙරට ඇමෙරිකානු තානාපතිනිය ඇතුළු පිරිසකි. ඔවුහු ගෝඨාභය රාජපක්‍ෂ හමුවී යුද්ධයේදී මානව හිමිකම් කඩකළ බවට මානව හිමිකම් කොමිසම චෝදනා එල්ල කළ ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරයේ කටයුතු කිරීම පිළිබඳව සිය විරෝධය පළ කළහ. ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරයට පත්කළේ ගෝඨාභය නොව හිටපු ජනාධිපති මෛත්‍රිපාලය. මෛත්‍රිපාල ශවේන්ද්‍ර සිල්වාව හමුදාපති ධුරයට පත්කළේ ගෝඨාභය සහ මහින්දගේ අනුදැනුම මතය. ඔහුව හමුදාපති ධුරයට පත්කළ විගස මෙරට ඇමෙරිකානු තානාපතිනී ඇලෙයිනා එම පත්වීමට විරෝධය පළ කළාය. එහෙත් මෛත්‍රිපාල එම විරෝධය මායිම් කළේ නැත. හේතුව ඒ වෙලාවේ ඔහු විශ්‍රාම යෑමට සූදානමින් සිටීමත්, රාජපක්‍ෂලාට එරෙහිව කළ පරණ පව් වහගන්න රාජපක්‍ෂවරු පිනවීම ඔහුගේ එකම න්‍යාය පත්‍රය වී තිබීමත් නිසාය. ගෝඨාභය ජනාධිපති වී ජනවාරි මුල ශවේන්ද්‍රව වැඩ බලන හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්කරනු ලැබීය. ඇමෙරිකානු නියෝජිත පිරිස ලංකාවට දුවගෙන ආවේ ඉන් පසුවය. මෙරට ඇමෙරිකානු තානාපතිනිය සහ ඇමෙරිකානු නියෝජිත පිරිස මතු කළ විරෝධය ගෝඨාභයද මායිම් කළේ නැත. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවේ කනට ගැහුවා වගේ හමුදාපතිටත් පවුලේ අයටත් තහනමක් පැනවූයේ ඉන් පසුවය. ඒ හරියටම ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ ඉන්දියානු සංචාරය කට ළඟ තිබියදීය. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වූ විගස ට්‍රම්ප් ඉන්දියාවට පැමිණෙන විට ලංකාවටද ගෙන්වා ගැනීමට ගෝඨාභයගේ ජාත්‍යන්තර සබඳතා උපදේශකයන් උත්සාහ ගත්තත් එයද සාර්ථක නොවීය. එවන් තත්ත්වයකදී හමුදාපතිට පනවපු තහනම රාජපක්‍ෂ ආණ්ඩුව තිගැස්මකට ලක් කළේය.
අනෙක ඇමෙරිකාවට ඇතුළු වීමට තහනම පනවපු පළමු හමුදා නිලධාරියා හමුදාපති නොවේ. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාටත් ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කළේ මෙයට බොහෝ කලකට පෙරය. මේ නිසා ඔහුට ඇමෙරිකාවේ පදිංචිය සඳහා ලද වරප්‍රසාදයක් වූ ග්‍රීන් කාඞ්පතද අහිමි විය. ඔහුට තහනම පනවපු වේලාවේ අද හමුදාපති වෙනුවෙන් කතා කරන දේශප්‍රේමීන් කිසිවකු ඔහු වෙනුවෙන් කතා කරන්න පෙරට ආවේ නැත. හේතුව ඔහු යූ.ඇන්.පී. වීමය. මේ ආණ්ඩුවේ දේශප්‍රේමීන්, දේශප්‍රේමය පෙන්වන්නේ පක්‍ෂ පාට බලලාය. ඇමෙරිකාව ෆොන්සේකාව තහනම් කරන විට ඔවුන්ට සැපය. ආණ්ඩුවේ හමුදාපතිට තහනම් පනවන විට දේශප්‍රේමය දෝරේ ගලා යයි. හමුදාපතිවරයාත්, යූ.ඇන්.පී.යේ සිට මෙම තහනම දැම්මා නම් ඔවුන් කටපියාගනී. නමුත් ඇමෙරිකාව මානව හිමිකම් ප්‍රශ්නයේදී තවත් පක්‍ෂ පාට බලන්නේ නැති බව ඔප්පු කොට හමාරය.
රාජපක්‍ෂලා ට්‍රම්ප් බලයට එන විට හිටියේ විපක්‍ෂයේය. ට්‍රම්ප් බලයට එන විට ඔවුන් සතුටු වූයේ ත්‍රස්ත විරෝධී න්‍යාය පත්‍රයකින් බලයට ආ ට්‍රම්ප් ලංකාව තුළ ත්‍රස්ත විරෝධී න්‍යාය පත්‍රයකින් යළි බලයට එන්න උත්සාහ දරන තමන්ට හානියක් නොකරනු ඇතැයි කියාය. එසේම තමන් බලයට ආ විට මානව හිමිකම් ගැන කෑමොර දුන් ඔබාමා ආණ්ඩුව මෙන් ට්‍රම්ප් ආණ්ඩුව තමන්ව කොටු කරන්න උත්සාහ නොකර තමන්ට අත්උදව් දෙයි කියාය. එකල මහින්දවාදීන් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය රාජපක්‍ෂවරුන්ගේ ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වූයේ එහෙම හිතාගෙනය.
ඇත්තටම ඔබාමාගේ ආණ්ඩුවක් අද තිබුණා නම් ඔවුන් හමුදාපතිට තහනම් පැනවීම වැනි තීරණයක් ගන්නේ හොඳට හිතලා මතලාය. ඒ කාලේ ඔබාමා ආණ්ඩුව රාජපක්‍ෂවරුන්ට මානව හිමිකම් කොමිසමේ කොටු කරන්න ගියත් රාජපක්‍ෂ ආණ්ඩුවට එරෙහිව අවි අමෝරාගෙන සටන් කරන්න ගියේ නැත. එසේ සටන් කරන්න ගියොත් රාජපක්‍ෂ ආණ්ඩුව චීනය විසින් ගිලගනී යැයි ඔබාමාගේ ආණ්ඩුව බය විය. ඔබාමාගේ ආණ්ඩුවේ ජාත්‍යන්තර උපදේශකයන්ද ඔබාමා ආණ්ඩුවට උපදෙස් දුන්නේ රාජපක්‍ෂ ආණ්ඩුව සීමාව ඉක්මවා වෛර කරගෙන ලංකාව චීනයට තල්ලු කරන්න එපා කියාය.
හැබැයි ට්‍රම්ප්ගේ ආණ්ඩුව එසේ නොවේ. ඇත්තටම ඔවුන්ද රාජපක්‍ෂලාගේ ආණ්ඩුව වගේමය. රාජපක්‍ෂවරු හැම විටම තමන්ට සහාය දක්වන පාර්ශ්වය දේශප්‍රේමීන්ද, තමන්ට එරෙහි පාර්ශ්වය දේශද්‍රෝහීන්ද කියා බෙදාගෙන රට පාලනය කරන්න පුරුදුව සිටී. ට්‍රම්ප්ගේ ආණ්ඩුවද එසේය. ට්‍රම්ප්ගේ ආණ්ඩුව තමන් සමඟ සිටින රටවල් සහ තමන්ට හතුරු චීනවාදී රටවල් කියා රටවල් බෙදා ලෝකය පාලනය කරන්න උත්සාහ කරයි. ගෝඨාභය ජනාධිපති වීමට පෙර රාජපක්‍ෂවරු ඇමෙරිකානු හිතවාදී ප්‍රතිපත්තියක් පෙන්නුවේ ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසි ප්‍රශ්නය විසඳා ගන්නටය. හැබැයි ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රශ්නයේදී රාජපක්‍ෂ ආණ්ඩුව ඉන්න තැන ඇමෙරිකාවට පැහැදිලි වූ අතර, හමුදාපති සම්බන්ධයෙන් ඇමෙරිකාව දැඩි තීරණයකට ගියේ ට්‍රම්ප්ගේ බය නැති ඍජු විදේශ ප්‍රතිපත්තිය ලෝකයාට පෙන්වමිනි. එම තීරණයෙන් ඇමෙරිකාව ලංකාවට කියන්නේ උඹලාට අපිව ඕනෑ මිසක් අපිට උඹලාව ඕනෑ නැහැ කියන පණිවුඩයය. ඇමෙරිකාවේ මේ තීරණයට ජනාධිපතිවරණයට කලින් ගෝඨාභය හම්බන්තොට වරාය චීනයට පැවරීමේ ගිවිසුම වෙනස් කරනවා කියා පසුව එය වෙනස් කළ නොහැකි බවට මහින්ද රාජපක්‍ෂ විසින් ප්‍රකාශයක් කිරීමද බලපාන්න ඇත. එසේම ගෝඨාභය ජනාධිපති වීමෙන් පසු ලංකාවට ආ චීනයේ විශේෂ නියෝජිතවරයා ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි ගහන්න කිසිදු පිටස්තර බලවේගයකට මින් පසු ඉඩ දෙන්නේ නැත කියා කළ ප්‍රකාශයද බලපාන්න ඇත.
අනෙක ඇමෙරිකාව මේ දැඩි තීරණය ගත්තේත් හොඳට කල්යල් බලලාය. ඇමෙරිකාවේ ආරක්‍ෂකයා ලෙස පෙනී සිටි චීනය ගොඩ එන්න බැරි කොරෝනා වෛරසයෙන් පීඩා විඳිමින් සිටී. මේ වෙලාවේ ලංකාව ගැන බලන්න චීනයට නිවාඩුවක් නැත. අනෙක 2015ට පෙර මානව හිමිකම් කොමිසම ලංකාවට එරෙහිව යෝජනා සම්මත කළ විට ලංකාව බේරා ගන්න පෙරට ආවේ මුස්ලිම් රටවල්ය. පොදුරාජ්‍ය මණ්ඩලයේදීද ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කරගන්න ගිය විට මුස්ලිම් රටවල් ඊට එරෙහිව නැඟී සිටියහ. මානව හිමිකම් කොමිසමේදී ඇමෙරිකාව ලංකාවට එරෙහිව යෝජනා සම්මත කරන විට ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේ මැදපෙරදිග මුස්ලිම් රටවල්ය. ඒත් පාස්කු බෝම්බ ප්‍රහාරයට පසු මහින්දවාදීන් බලයට එන්න ලංකාවේ මුස්ලිම් විරෝධය අවුලපු බව මේ මුස්ලිම් රටවල් දනී. මේ ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරයෙක්වත් නැති බව මුස්ලිම් රටවල් දනී. ආණ්ඩුව මෙරට මුස්ලිම් නායකයන් පසුපස පන්නන බවක් මුස්ලිම් රටවල් දනී. එම නිසා මේ වෙලාවේ ඇමෙරිකාවට එරෙහිව මුස්ලිම් රටවල සහාය පැතුවත් ඔවුන් එදා වගේ සහාය දෙයි යැයි සිතිය නොහැකිය.
කොහොම නමුත් 2015ට පෙර මෙන් නොව මෙවර රාජපක්‍ෂ ආණ්ඩුව තමන්ට එරෙහි ජාත්‍යන්තර බලවේගවලට හික්මීමෙන් ප්‍රතිචාර දක්වන බව පෙනෙන්න තිබේ. ඒ කාලයේ හමුදාපතිට එවැනි තහනමක් පැනවූයේ නම් කොළඹට මිනිස්සු ගෙන්වා ඇමෙරිකානු තානාපති කාර්යාලයට ගල් ගසන්න පවා ඉඩ තිබිණි. ‘ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළියටත් බය යැයි’ කතාවක් තිබේ. මෙවර රාජපක්‍ෂ ආණ්ඩුව බය වුණත් මහ ඡන්දය නිසා බය පෙන්වන්න බට පාටක් ඇත. ඒත් යළිත් රාජපක්‍ෂවරුන් මතක තියාගත යුත්තේ ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය 2015 රාජපක්‍ෂ ආණ්ඩුව වට්ටපු කාන්තාවන් සියල්ලටත් වඩා බලසම්පන්න යකඩ ගැහැනියක් බවය.

උපුල් ‌‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

එජාපය ‌නොකැඩී ‌බේරෙයි

Next Post

ලංකාවේ කිසිම මාධ්‍යයක් ‌හෙළි ‌නොකරපු පාස්කු ‌බෝම්බයේ ‌ලොකුම ‌හෙළිදරව්ව ‌මෙන්න

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.