• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සර්ව පාක්ෂික සමුලුවේදී ජනාධිපතියි පක්ෂ නායකයොයි කරපු කතා එක්ක ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් දැමූ නිවේදනය මෙන්න! Sri Lanka Latest News

July 28, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
රනිල්ගේ සර්ව පාක්ෂික සමුලුව ගැන ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය මෙන්න! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බවත් එය සමස්ත රටටම බලපාන කාරණයක් බැවින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගැනීම තම ස්ථාවරය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික සමුළුව අමතමිනි.

ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුර- නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවා තිබිණි.

පවතින ගැටලු විසඳීම සඳහා නව නීති සම්මත කිරීමේ බලය තමාට පමණක් නොව මීට පෙර සිටි විධායක ජනාධිපතිවරුන් හත් දෙනාට ද නොතිබූ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා පවතින ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් නව නීති සම්මත කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුව සතුව බවත්, තමා සිදු කරන්නේ රට වෙනුවෙන් අදාළ යෝජනා ගෙන ඒම පමණක් බවත් කියා සිටියේය.
එසේම පාර්ලිමේන්තුවේ එක් ඡන්දයක් පමණක් ඇති තමාට එම කාර්ය තනිව සිදු කළ නොහැකි බවත්, මෙම කටයුතු ඉදිරියට ගෙන යාමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනා සාමූහිකව කැපවී ක්‍රියා කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
මීට පෙර මම පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කැඳවා ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳව සාකච්ඡා කළා. ප්‍රධාන වශයෙන් 13 වන සංශෝධනයේ අප ක්‍රියාත්මක කරන කරුණු පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණා. ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සම්මත කළේ 1987 වසරේදීයි. නමුත් අද වන විටත් ඊට සම්බන්ධ කරුණු ගණනාවක් විසඳි නැහැ.
මම මේ පිළිබඳ උතුර හා නැගෙනහිර මන්ත්‍රීවරු සමඟ සාකච්ඡා කරන විට ආණ්ඩුව 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන ගැටලුව ඔවුන් ඉදිරිපත් කළා. ඒ නිසා පළමුව උතුරට බලපාන ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කර ඒ පිළිබඳ දැනට ආණ්ඩුවේ ස්ථාවරය දැනුම් දී තිබෙනවා.

එහිදී ගත් පියවර කිහිපයක් පිළිබඳ සඳහන් කරනවා නම් දූෂණයට විරුද්ධ පනත් කෙටුම්පත දැන් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. ඒ වගේම ත්‍රස්තවාදයට එරෙහි නීතිය පිළිබඳ කෙටුම්පත තව ටික දිනකින් අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම සත්‍ය සෙවීමේ කොමිසමේ කටයුතු පිළිබඳව ද සාකච්ඡා කරමින් සිටිනවා.විදේශ කටයුතු අමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුළ හා පාර්ලිමේන්තුවෙන් පිටත සංවිධාන ගණනාවක් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටිනවා. වන්දි ගෙවීම ඇතුළු කරුණු ගණනාවක් මෙහි ඇතුළත්. මේ සියල්ල පිළිබඳ උතුරේ ද්‍රවිඩ මන්ත්‍රීවරු සමඟ ද මේ වන විට අප සාකච්ඡා කර තිබෙනවා.ඒ වගේමඋතුරේ සංවර්ධනය සඳහා ඊළග වසර 10 තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත සැලැස්ම පිළිබඳව ද මේ වන විට අප සාකච්ඡා කර තිබෙනවා.
බලය බෙදීම පිළිබඳ කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට අද මෙම සාකච්ඡාව කැඳවා තිබෙනවා. 13 වන සංශෝධනය පිළිබඳ අප මේ වන විට ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රිවරු සමඟ සාකච්ඡා කර තිබෙනවා. නමුත් මෙය සමස්ත රටටම බලපාන කාරණයක් බැවින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගැනීම මගේ ස්ථාවරයයි.
මේ රටේ පළාත් සභා 09ක් තිබෙනවා. මේ පළාත් සභා 09න් 07කම බහුතරයක් ජීවත්වන්නේ සිංහල ජනතාවයි. අනෙක් පළාත් 02 සිංහල ජනතාව සුළුතරයක් සිටින අතර උතුරේ නම් ද්‍රවිඩ ජනතාව බහුතරයක් ජීවත්වනවා. අප වැඩිපුරම පළාත් සභා ක්‍රියාත්මක කර තිබෙන්නේ දකුණේ. එහිදී අඩු පාඩු ගණනාවක් පිළිබඳ අපට අත්දැකීම් රැසක් තිබෙනවා. අප පළාත් සභා ක්‍රමය ඉදිරියට ගෙන යනවා නම් එම අඩු පාඩු සකසා ගත යුතුයි.
1987 වසරේ ගෙන එන ලද පළාත් සභා පනතේ ද අඩු පාඩු බොහොමයක් තිබෙනවා. පරිපාලන සහ මුදල් පාලනය පිළිබඳ රෙගුලාසි කිසිවක් එහි නැහැ. ඒ වගේම පළාත් ඇමතිවරුන්ගේ බලතල පිළිබඳ එහි පැහැදිලිව සඳහන් වන්නේ නැහැ.
2017 වසරේ උතුරු හා නැගෙනහිර හැර අනෙක් පළාත් 07 ප්‍රධාන අමාත්‍යවරුන් පළාත් සභාවලට වැඩි බලතල ලබා දෙන ලෙසට වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ සමඟම එම පළාත් 07 විපක්ෂනායකවරු ඒ සඳහා අනුමැතිය ලබා දුන්නා. මෙම වාර්තාව අනුව තමයි වැඩකටයුතු ක්‍රියාත්මක කර තිබෙන්නේ. ඊට අමතරව මේවා ක්‍රියාත්මක කිරීමට අදාළව නීති රජයක් ලෙස අප යෝජනා කර තිබෙනවා.
විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම් පත් කිරීම, ඔවුන් ඉවත් කිරීම පිළිබඳ පළාත් සභාවේ අනුමැතිය ලබා ගැනීමේ ක්‍රමවේදයක් පිළිබඳවද මෙහි අවධානය යොමු කර තිබෙනවා.
ඒ වගේම අධ්‍යාපනය සම්බන්ධව පළාත් සභාවට අයත් බලතල සම්පුර්ණයෙන් පළාත් සභාවලට ලබාදීම. හා සෑම පළාතටම පළාත් අධ්‍යාපන මණ්ඩලයක් පත් කිරීම, වෘත්තීය හා කාර්මික පුහුණු ආයතන පිළිබඳ බලතල පළාත් සභාවලට ලබා දිම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ හැකියාව හා ඒ පිළිබඳ නීති සම්මත කිරීම, කෘෂිකර්මයට අදාළ බිම් මට්ටමේ සේවා සියලු පළාත් සභා මගින් ක්‍රියාත්මක කිරීම යන කරුණු පිළිබඳ අවශ්‍ය රෙගුලාසි සම්මත කර ගැනීමට හැකියාව තිබෙනවා.
ඒ වගේම සෑම පළාතකටම සංචාරක මණ්ඩලයක් පත් කිරීම පිළිබඳ මෙහි ඇතුළත්වනවා. සංචාරක කර්මාන්තය දියුණු කිරීමට බොහෝ රටවල වැඩකටයුතු සිදු කරන්නේ පළාත් සභා මට්ටමේ සහ දිස්ත්‍රික් මට්ටමේ සංචාරක මණ්ඩලවලින් බව කිව යුතුයි.
ඒ වගේම ලක්ෂ 10කට වඩා ප්‍රාග්ධනයක් තිබෙන ව්‍යාපාර තමයි දැනට මහා ආණ්ඩුවේ නීතිවලට යටත්ව පවතින්නේ. එය අවම වශයෙන් මිලියන 250ක්වත් කිරීමට හෝ ඊට වඩා අවශ්‍යනම් එම සංශෝධන සිදු කිරීමට පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමෙන් හැකියාව තිබෙනවා.

ඒ වගේම සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් සංවර්ධන මණ්ඩල යළි නිතියෙන් ඇති කිරීම පිළිබඳ මෙහි සාකච්ඡා කර තිබෙනවා. පළාත් සභාවලට අයත් විෂයයන් ගණනාවක් තවමත් පාලනය වන්නේ මධ්‍යම ආණ්ඩුව යටතේ. ඒ පිළිබඳ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.
මෙයට අමතරව පොලිස් බලතල ක්‍රියාත්මක කිරීම පිළිබඳව අප සාකච්ඡා කළ යුතුයි. එහිදී මතුවන ප්‍රධාන ගැටලුවක් වන්නේ පොලිස් ආඥා පනත අනුව බලතල කිසිවක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමයි. එහිදී අප පළමුව සිදු කළයුතු වන්නේ නව පොලිස් පනතක් ඉදිරිපත් කිරීමයි.
එසේම පොලිස් බලතල ක්‍රියාත්මක කරන්නේ කෙසේද කියා අප වෙනම සාකච්ඡා කළ යුතුයි. ඒ අනුව පොලිස් බලතල හැර පළාත් සභා වෙත අනෙක් සියලු බලතල ලබාදීම පිළිබද සාකච්ඡා කර අදහස් ලබාගැනීමෙන් පසු, අවශ්‍ය නීති හා ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මේ සඳහා සියලුදෙනාගේ සහාය අපට අවශ්‍යයි.
අප පළාත් සභා ක්‍රමය ඉදිරියට ගෙන යනවා නම් එය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුයි. පසුගිය වසර 10 -15 දෙස බැලූ විට පළාත් මට්ටමින් නිසි සංවර්ධනයක් සිදුව නැහැ. දිස්ත්‍රික් සංවර්ධන සභා තිබෙන සමයේ මීට වඩා වැඩ කොටසක් ඉටු වුණා. ආණ්ඩුවේ වගකීම වන්නේ ප්‍රතිපත්ති සකස් කර රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමයි. අනෙක් වැඩකටයුතු පළාත්වලට භාරදිය යුතුයි.
එසේම පළාත් සභා මන්ත්‍රීවරුන්ට එම ධූරය තබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමේ අවස්ථාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම මන්ත්‍රී ධූරය තබාගෙන පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට හැකියාව ලැබෙන ආකාරයට කටයුතු සකස් කරන ලෙස යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ පිළිබඳව ද පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.
අප කෙසේ හෝ මෙම ගැටලු විසදා ගත යුතුයි. මෙම ක්‍රමය සමඟ අපට තවදුරටත් ඉදිරියට යාමට හැකියාවක් නැහැ. එසේ නම් ලෝකයේ අනෙකුත් රටවල් මෙන් පළාත් සභාවලට බලය බෙදා දෙමු. දැන් පළාත් සභා 07ක කටයුතු කරගෙන යනවා. බලය ලැබුණා නම් තවත් වැඩ කළ හැකියි. ඒ නිසා මේ පිළිබඳ ඔබගේ අදහස් ලබාදෙන ලෙස මම යෝජනා කරනවා.
විශේෂයෙන් මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට ඇමතිවරු තුන් දෙනෙක් පත් කර තිබෙනවා. සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග, විජයදාස රාජපක්ෂ යන මහත්වරු ඒ පිළිබඳ සාකච්ඡා සිදු කරන අතර අගමැතිතුමත් එම කටයුතු සඳහා සහභාගි වෙනවා.
සති දෙක තුනකින් එම අදහස් අප වෙත ලැබෙනවා නම් ඉන් පසුව අවශ්‍ය නිති කෙටුපත් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙනවා. ඊට අමතරව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාත් මෙම කමිටුවට සම්බන්ධ කර ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. පොලිස් බලතල ලබාදීම වෙනම සංශෝධනයක් ලෙස ඉදිරිපත් කළ හැකියි. ඒ සමඟම පොලිසිය පිළිබඳ අප නව නීතියක් ගෙන එනවා. ඒ හා සමගාමීව තමයි මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමට සිදු වන්නේ.
මෙම වගකීම් අප ඉටු කළ යුතුයි. ඒ සඳහා අප නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එහිදී ඔබ සියලුදෙනාගේ අදහස් ලබාගැනීම සඳහා අද මෙම සාකච්ඡාව කැඳවනු ලැබුවේ. මෙම සාකච්ඡාවෙන් පසුව අදාළ කමිටුව සමඟ ද සාකච්ඡා කර සති තුන හතරකින් තීරණයකට පැමිණ අප මෙම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරමු.

මේ පිළිබඳ මගේ ස්ථාවරය මම ඔබට දැනුම් දුන්නා. ඒ වගේම එය කැබිනට් මණ්ඩලයටත් දැනුම් දී තිබෙනවා. මෙම කටයුත්ත මට තනිව කළ නොහැකියි. මට පාර්ලිමේන්තුවේ තිබන්නේ එක ඡන්දයයි. මෙය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුදෙනාගේ සහාය අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි මම ඔබ සියලුදෙනාගේ සහයෝගය ඉල්ලා සිටින්නේ.
ඒ වගේම මෙම කටයුතු සඳහා අවශ්‍ය නීති ගෙන ඒමට මට ජනවරමක් නැහැ. මට පමණක් නොවෙයි මීට පෙර සිටි ජනාධිපතිවරු 07 දෙනාට ද එම ජනවරම ලැබී තිබුණේ නැහැ. නීති සම්මත කිරීමේ ජන වරම තිබෙන්නේ පාර්ලිමේන්තුවට. මට හැකියාව තිබෙන්නේ ඒවා ඉදිරිපත් කිරීමට පමණයි. අප මෙම යෝජනා ඉදිරිපත් කර අදහස් ලබා ගැනීමෙන් පසු නීති ඉදිරිපත් කරනවා.
මම ජනාධිපති ධුරයේ වගකීම භාරගත්තේ මේ රටේ තිබෙන ප්‍රශ්නවලට ඉතා කෙටි කාලයකින් විසඳුම් ලබාදීමටයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය නිසියාකාරව ක්‍රියාත්මක කරනවාද, නැතිනම් එය සම්පුර්ණයෙන් අහෝසි කරනවාද කියා අප කඩිනමින් තීරණයකට පැමිණිය යුතුයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා,
බලය බෙදාහැරීමේ අරමුණ විය යුත්තේ දේශපාලන පක්ෂ ශක්තිමත් කිරීම නොව රටේ ඉදිරි ගමන ශක්තිමත් කිරීමයි. අද අපේ රට පත්ව තිබෙන තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා සාමූහික යම් ප්‍රයත්නයක් දැරිය යුතුයි. නැති නම් අනාගත පරපුර අප සියලුදෙනාට සාප කරාවි.
ව්‍යවස්ථාපිත බලය සැමවිටම භාවිතා කළ යුත්තේ දේශපාලන අරමුණු වෙනුවෙන් නොව රට සංවර්ධනය කිරීම සඳහායි. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස දිය හැකි සහයෝගයක් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා
කිසිම ජනාධිපතිවරයෙක් මෙම 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළේ නැහැ. ඔවුන් මෙය ක්‍රියාත්මක නොකළේ ඇයි කියා අප පළමුවෙන්ම සොයා බැලිය යුතුයි. මෙය ක්‍රියාත්මක නොකිරීමට රටේ යම් කිසි ප්‍රශ්නයක් තිබිය යුතුයි.
මේ පිළිබඳ බුද්ධි අංශ තොරතුරුත් ලබාගෙන අවශ්‍ය පියවර ගන්න කියා අප යෝජනා කරනවා. මෙවැනි දෙයක් හදිසියේ එක්වර සිදු කරවාට වඩා විවිධ ජන කොටස්වල අදහස් ලබාගෙන එය සිදු කිරීම සුදුසු බවද මම සඳහන් කරන්න කැමතියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
රටක සංහිඳයාව ශක්තිමත් කිරීම සඳහා එම රටේ ජීවත්වන සියලු පුරවැසියන් එක්සිත්ව සිටිය යුතුයි. එසේ නොමැති නම් ජාතික ආරක්ෂාවට පළමුවෙන්ම තර්ජනයක් එල්ල වෙනවා.
මට අද මෙම අවස්ථාවට ආරාධනා කිරීම පිළිබඳ ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන අතර මෙම වැඩපිළිවෙළ සද්භාවයෙන් යුතුව ඉදිරියට ගෙන යාම ඉතා වැදගත් බව කිව යුතුයි. ඒ වගේම මෙය දේශපාලන උප්පරවැට්ටියක් නොවිය යුතුයි.

ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව මෙම ධූරයට පත්ව සිටිනවා. පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් තමයි එතුමා ජනාධිපති ධුරයට පත් වුණේ. ඒ නිසා රජයේ වැඩපිළිවෙළ අප දැනගත යුතුයි.රජයක් තුළ පරස්පර විරෝධතා තිබෙන්න බැහැ. රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළේදී අප එක මතයක සිටිය යුතුයි. ඒ වගේම මෙම වැඩපිළිවෙළ විනිවිදභාවයකින් යුතුව ඉදිරියට ගෙන යා යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා
මෙතන සිටින විපක්ෂයේ බහුතරයක් දේශපාලන පක්ෂ ඔබතුමාගේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණියේ යම්කිසි සැකයක් තුළයි. මෙම වැඩපිළිවෙළ සිදුකරන්නේ සද්භාවයෙන් ද යන සැකය අපට තිබෙනවා. බලය බෙදා හැරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අපගේ මුද්‍රාව ලබාගැනීමට දෝ කියන සාධාරණ සැකය අපට තිබෙනවා. අපට තිබෙන මෙම සැකය නැති කරන්න හැකියාව තිබෙන්නෙත් ඔබතුමාටමයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා
අද ඉදිරිපත් කළ යෝජනාවලට අදාළ ඔබතුමාගේ ප්‍රවේශය ඉතා හොඳයි. ඊට විරුද්ධ වීමට කිසිවෙකුට හැකියාවක් නැහැ. නමුත් අපට පැහැදිළි කර ගැනීමට අවශ්‍ය වන්නේ මෙය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවලියක්ද, නැත්නම් වත්මන් ආණ්ඩුවේ යෝජනාවලියක් ද යන්නයි. මොකද පොදු ජන පෙරමුණේ ලේකම්තුමාගේ කතාවෙන් පසුව අපේ හිතේ තිබූ සැකය ටිකක් වැඩි වුණා.
ඒ නිසා ඔබතුමා පළමුව මෙය ආණ්ඩුවේ යෝජනාවක් බවට පත් කරගන්න. ආණ්ඩුවේ වැඩපිළිවෙළක් බවට පත්කරන්න. එම කෙටුම්පත අපට ඉදිරිපත් කරන්න. අප එය මුල් කරගෙන පුළුල් සාකච්ඡාවකට එකඟයි. ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ.
විශේෂයෙන්ම අපේ අගමැතිතුමා සහ කතානායකවරයා දෙපසින් තබාගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම පිළිබඳ අපට සතුටුයි. මොකද මම 13 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වූ දේශපාලන පක්ෂයක සාමාජිකයෙක්. ඒ වෙනුවෙන් මැරුම් කෑ දේශපාලන පක්ෂයක සාමාජිකයෙක්. අදටත් බලය බෙදීම පිළිබද අපේ ස්ථාවරය අඹමල් රේණුවකින්වත් වෙනස් වී නැහැ. මේ පළාත් සභා පිළිබඳ තිබෙන නරක චිත්‍රය වෙනස් කළයුතුයි. එම නිසා ඔබතුමා ඉදිරිපත් කළ යෝජනාවලියේ “ඕ” හි අවසන් කරුණ ලෙස සඳහන් වෙනවා උතුරු සංවර්ධන සැලැස්ම පිළිබද. ඒ පිළිබද අවධානය යොමු කළ හැකිනම් එය ඉතා වැදගත් කාරණයක්. එම ජනතාව ඉල්ලා සිටින්නේ පොලිස් බලතල, ඉඩම් බලතල නොවෙයි, ඔවුන් ඉල්ලා සිටින්නේ කුඹුරට වතුර ටික, ජිවත්වීමට ක්‍රමවේදයක් සහ දරුවන්ට අධ්‍යාපන අවස්ථාවන් ඇතුළු මේ සංවර්ධන සැලැස්මයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා
ආණ්ඩුකම ව්‍යස්ථාවේ 13 වන සංශෝධනය ගෙන එන අවස්ථාවේදී හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතා දුන් තීන්දුවේ සඳහන් වෙනවා “13 වන ව්‍යවස්ථා සංශෝධනය යනු ජාතියේ හිසට ඉහළින් එල්ලා ඇති භයානක කඩු තුනකි. එය ගැට ගසා ඇත්තේ ඊට එරෙහිව පවතින ව්‍යවස්ථාව නමැති ඉතා දුර්වල රැහැන් පටවලිනි. මෙම රැහැන් පට කැපුනොත් තමයි අපට ඇත්ත පින්තූරය පේන්න පටන් ගන්නේ” යනුවෙනි. අප මේ රැහැන් පට කපන්නේ නැතිව තමයි අවුරුදු ගණනක් පැමිණ තිබෙන්නේ. දැන් ඔබතුමා මේ යෝජනා කරන්නේ එම රැහැන් පට කපා දැමීම පිළිබඳව. එය ඉතා බරපතළ කාරණයක්.
ඒ වගේම රටේ ඒකීයභාවයට හානියක් නොවන පරිදි සංහිදියාව සහ සහජීවනය ඇති කිරීමට අප සතු යෝජනා කිහිපයකුත් තිබෙනවා. එය මම ලිඛිතව ඔබතුමාට භාරදෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා
ජනාධිපතිතුමා ප්‍රකාශ කළ පරිදි බලය බෙදීමේ අරමුණ පළාත් සභා මට්ටමින් නියෝජිතයන් වෙත බලය පැවරීමයි. කෙසේ වෙතත්, මේ වන විට, රටේ පළාත් සභා නවයෙන් එකකවත් තේරී පත් වූ නියෝජිතයන් නැහැ. ඒ නිසා බලය බෙදීම පිළිබඳව කෙරෙන සාකච්ඡා අර්ථ විරහිත බව කිව යුතුයි. එබැවින් මෙහිදී ප්‍රධාන කරුණ විය යුත්තේ පළාත් සභාවල නිසි ලෙස මහජන නියෝජනයක් සිදුවන අයුරින් පළාත් සභා මැතිවරණ පැවැත්වීමයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා
අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කාරක සභාවක් ඇති කිරීම සම්බන්ධයෙන් මා මීට පෙර පැවති සාකච්ඡාවේ දී කරුණු පෙන්වා දුන්නා. ඒ අනුව කලින් පැවති සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම නිර්දේශ කළා. නිසි සීමා නිර්ණය සමඟ මිශ්‍ර ක්‍රමයකට අවසානයේ යොමු වීමට සුදුසු නීති සම්පාදනය කිරීමට කමිටුව වෙත තවදුරටත් යෝජනා කළා.
අර්ථාන්විත බලය බෙදාහැරීමක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට කැපවී සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදී කළ ඒකාබද්ධ ප්‍රකාශ පිළිබඳවද මම අවධානය යොමු කිරීමට කැමතියි. කෙසේ වෙතත් එම පක්ෂයේම මහලේකම්වරයා ව්‍යකුලත්වයක් ඇති කරමින් බලය බෙදීම පිළිබඳ වෙනත් ස්ථාවරත්වයක් ප්‍රකාශ කිරීම කණගාටුවට කරුණක් බව කිව යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ අන්තර්ගතව තිබූ බලතල බොහෝමයක් මේ වන විට අපට අහිමි වී තිබෙනවා. පළාත් සභාවෙන් ඉවත් කර ඇති එම බලතල යළි ලබා දෙන ලෙස ඉල්ලා අප ජනාධිපතිතුමාට ලිපියක් ඉදිරිපත් කළේ මේ නිසයි.
අපගේ ඉලක්කය වන්නේ මැතිවරණවලට පෙර 13 වන ව්‍යවස්ථා සංශෝධනය දැන් තිබෙන තත්ත්වයට වඩා ශක්තිමත් කර ගැනීමයි. එබැවින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කිරීම පිලිබඳ අවධානය යොමු කිරීම සැබෑ ලෙසම පළාත් සභා ශක්තිමත් වීමක් වෙනවා.

පූජ්‍ය අතුරලියේ රතන හිමි, දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගෙවිදු කුමාරතුංග, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, සරත් වීරසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මන්ත්‍රීවරු මෙහිදී අදහස් දැක්වූහ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරු සහ විවිධ පක්ෂ නියෝජනය කරන පක්ෂ නායකයන් සහ නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-07-27

SendShareShare
Previous Post

එක්නැළිගොඩ මොහොට්ටාලගේ මහා වලව්වට ගිය ගමනක් I Sri Lanka Latest News

Next Post

ලංකාව සිංගප්පූරුවක් කරන්න ඕනෑද I Sri Lanka Latest News

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.