පාසල් පන්ති කාමර වෙත ස්මාර්ට් දුරකතන ගෙන ඒම තහනම් කළ යුතු බවට නිර්දේශ කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එම සංවිධානයේ අධ්‍යාපන, විiාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO) මගින් සකස් කළ වාර්තාවක මේ බව සඳහන් කර ඇත.
පන්ති කාමර තුළ ඇති වන මතභේද වැළැක්වීම, දරුවන්ගේ ඉගෙනුම් අත්දැකීම් දියුණු කිරීම මෙන්ම දරුවන් සයිබර් වංචාවන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා මෙම තීරණය වැදගත් වනු ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.
යුනෙස්කෝවේ මෙම වාර්තාවට අනුව පන්ති කාමර වෙත ස්මාර්ට් දුරකතන රැගෙන ඒම දරුවන්ගේ අධ්‍යාපන කාර්යසාධනයට බලපෑම් කරන බවත්, දරුවන් වැඩි වේලාවක් දුරකතන තිරය දෙස බලා සිටීම මගින් ඔවුන්ගේ හැඟීම් ස්ථාවරත්වය කෙරෙහි බලපෑමක් එල්ල වන බවත් සඳහන්ය.
කෙසේ වෙතත් යුනෙස්කෝවේ මෙම අදහසට ඇතැම් අය සිය විරෝධය පළකර ඇත.
ලොව බොහෝ පාසල් ප්‍රමාණයක දැනටමත් නවීණ තාක්ෂණික මෙවලම් භාවිත කරමින් අධ්‍යාපන කටයුතු සිදුකරන බවත්, දරුවන්ද ඊට අනුගතව ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
එසේම, මෙම තීරණයත් සමග දරුවන්ට පාසල් වෙත ස්මාර්ට් දුරකතන රැගෙන ඒම තහනම් කිරීම මගින් පාසලේ සිට නිවෙස වෙත දරුවන් එන ගමනේදී මවුපියන් සමග පවත්වන සබඳතාවට බාධා එල්ල වන බවත්, අද වන විට බොහෝ දරුවන් සිය පොදු ප්‍රවාහන ගාස්තු ගෙවීම පවා ස්මාර්ට් දුරකතන මගින් සිදුකරන බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.










