• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක්නැළිගොඩ මොහොට්ටාලගේ මහා වලව්වට ගිය ගමනක් I Sri Lanka Latest News

July 27, 2023
in Exclusive, Mahawanshaya, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සබරගමු පළාතේ පිහිටි ඓතිහාසික වලව් ගණනාවක් අතරින් එක්නැළිගොඩ වලව්වට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. අනිකුත් බොහෝ වලව්වල සාමාජිකයන් මෙන් එක්නැළිගොඩ වලව්වේ විසූ ප්‍රභූවරුද එවක රටේ පාලන තන්ත්‍රයට විවිධාකාරයෙන් සම්බන්ධ වූ අය වෙති.(Sri Lanka Latest News)

මෙරට අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීමට ඉංග්‍රීසින්ට උපකාර කළ, ආන්දෝලනාත්මක චරිතයක් වූ එක්නැළිගොඩ මොහොට්ටාල ද මෙම පරපුරේ සාමාජිකයෙකි. දඹදෙණි රාජධානි යුගය දක්වා දිවයන ඉතිහාසයක් ඇති එක්නැළිගොඩ පරපුර සහ ඔවුන්ගේ නිවහන වූ කුරුවිට පිහිටි එක්නැළිගොඩ වලව්ව පිළිබඳ විස්තර මෙම ලිපියෙන් සොයා බලමු.

පරපුරේ ආරම්භය

ඓතිහාසික තොරතුරුවලට අනුව මෙම පරපුරේ පෙළපත් නාමය වන්නේ ‘අක්කරක් කුරුප්පු මහීපාල වික්‍රමසිංහ බස්නායක මුදියන්සේලාගේ’ යන්නයි. දඹදෙණි රාජධානි යුගයේ, දෙවැනි පරාක්‍රමබාහු රජ සමය දක්වා දිවයන එක්නැළිගොඩ පරපුරේ ආරම්භකයා ලෙස දෙවැනි පරාක්‍රමබාහු රජුගේ අගමැතිවරයා වූ ආර්ය කාමදේවයන් සැලැකේ.

සබරගමු මහා සමන් දේවාලය ඉදිකිරීමෙන් අනතුරුව රජු, ආර්ය කාමදේවයන් එහි බස්නායක නිලමේ වශයෙන් පත්කළේය. පසුකාලීනව එම පරපුරේ සාමාජිකයන් කිහිප දෙනකුම සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුර හොබවා තිබේ. ඒ බව ශිරෝපාදය හෙවත් ‘සමන් දෙවි වර්ණනාව’ නම් පද්‍ය සංග්‍රහයේ සඳහන් වන්නේ පහත අයුරිනි,

අකුරණ මහා අටුවා ගල් ගමේ
සපුරණ දෙව්රජ බැති නොම නිමේ
පැවතෙන කම් දෙව් දද නො නිමේ
සසොබන කුරුප්පු මැති පුතු මේ

පරපුරේ කැපීපෙනෙන සාමාජිකයෝ

මහනුවර යුගයේ විසූ අත්තරගම රාජගුරු බණ්ඩාර පඬිවරයාගේ ගෝලයකු ලියා ඇති සමන් දෙවි වර්ණනාව පද්‍ය සංග්‍රහයේ සඳහන් වන්නේ පෘතුගීසින් සබරගමුව ආක්‍රමණය කළ අවස්ථාවේ එවකට සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ වූ කුරුප්පු මුදලිවරයා දේවාලයේ තැන්පත් කර තිබූ එක් සමන් දේව ප්‍රතිමාවක් එහි ආරක්ෂාව පතා සොරබොර දේවාලයට රැගෙන ගිය බවයි.

එකී කුරුප්පු නිලමේ එක්නැළිගොඩ පරපුරේ මුල් සාමාජිකයෙක් බව කියැවේ.

අලගියවන්න මුකවෙටිතුමා 15 වැනි සියවසේ දී රචනා කළ සැවුල් සංදේශයේ නනාම්බි කුරුප්පු නම් බස්නායක නිලමේවරයකු පිළිබඳ සඳහන් වේ. ඔහු සීතාවක රාජසිංහ රජතුමාගේ දරුවකු මෙන් හැදීවැඩුණු බවත්, මනාව ශිල්ප ශාස්ත්‍ර උගත් අයකු බවත් එහි සඳහන් වේ. ඔහු ද මෙම පරපුරේ සාමාජිකයෙකි.

මහනුවර යුගයේ කිර්ති ශ්‍රී රාජසිංහ රජ සමය දක්වා එක්නැළිගොඩ පරපුර පදිංචිව සිටියේ ඇහැලියගොඩ ඉඩම්ගොඩ මාර්ගයේ පිහිටි අකුරම්මාටුවාගල නම් ග්‍රාමයේය. එවක කටුවන සහ මාතර ලන්දේසි කොටු අත්පත් කරගැනීමට සටන් කළ රත්නපුර විසූ ප්‍රාදේශීය නායකයන් දහතුන් දෙනා අතර මෙම පරපුරට අයත් අකුරම්මාටුවාගල කුරුප්පු මුදලිද සිටි බැවින් කීර්ති ශ්‍රී රාජසිංහ රජු, ඔහුට අකුරම්මාටුවාගල, මාපිටිය, පනාවැන්න සහ ගනේගොඩ ආදී ගම් ද ඇතුළත් ගම්වරයක් ප්‍රදානය කර තිබේ.

එක්නැළිගොඩ පදිංචියට පැමිණීම සහ නම ලැබීම

මෙම පරපුරේ සාමාජිකයෙක් 1800 හෝ ඒ ආසන්න කාලයේ කුරුවිට, එක්නැළිගොඩට පැමිණ එහි වලව්වක් ඉදිකළේය. කෙසේ නමුත් ඒ වන විටත් කුරුප්පු පරපුරේ සාමාජිකයෙක් එම ප්‍රදේශයේ නිවෙසක් තනාගෙන ජීවත් වූ බැවින් එහි අලුතෙන් ඉදිකළ නිවෙස ‘එක්නැළිගොඩ අලුත් වලව්ව’ නමින් ප්‍රචලිත විය. ඒ සමගම ඔවුන්ගේ පරපුරට එක්නැළිගොඩ යන නාමය ද එකතු කරගෙන තිබේ. ඉහත කී පරිදි මෙම පරපුර දඹදෙණි යුගයේ ආර්ය කාමදේවයන්ගෙන් පැවැතෙන්නක් වුවත්, එහි මෑතකාලීන ආරම්භය ලෙස සැලකෙන්නේ ඔවුන් එක්නැළිගොඩ පදිංචි වීමෙන් පසු ඇති වූ පෙළපතයි.

1800 සහ ඒ ආසන්න කාලයේ සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක ධුරය දරා ඇත්තේ එක්නැළිගොඩ අලුත් වලව්ව ඉදිකළ එක්නැළිගොඩ කළු බස්නායක නිලමේ වන අතර, ඔහුගේ බිරිය මඩුවන්වෙල පරපුරෙන් පැවැත ආ කාන්තාවකි. එවකට උඩරට රජකළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට විරුද්ධව ඇහැළේපොළ මහ අදිකාරම් ප්‍රමුඛ සබරගමුවේ ප්‍රභූන් පිරිසක් කුමන්ත්‍රණයක් සිදුකළහ.

එහි මූලිකත්වය ගත් පිරිස අතර කළු බස්නායක නිලමේ ද සිටි බව කියැවේ. පසුව කුමන්ත්‍රණයේ තොරතුරු දැනගත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කළු බස්නායක නිලමේ අත්අඩංගුවට ගන්නා ලෙස රාජපුරුෂයන්ට නියම කළේය. ඒ අවස්ථාවේ කළු බස්නායක නිලමේ වස පානය කර සියදිවි නසාගෙන තිබේ. ඉන් අනතුරුව එක්නැළිගොඩ පරපුරට අයත් වූ සියලු දේපළ රාජසන්තක කළ නමුත් පසුව ඒවා නැවතත් එම පරපුරටම භාරදුන් බව මූලාශ්‍රයන්හි සඳහන් වේ.

එක්නැළිගොඩ මොහොට්ටාල

Sri Lanka Latest News

එක්නැළිගොඩ පරපුරට කළු පැල්ලමක් එක් කළ අයකු බවට සැලැකෙන එක්නැළිගොඩ මොහොට්ටාල ඉපදී ඇත්තේ 1783 වසරේදීය. එක්නැළිගොඩ මොහොට්ටාල නිලමේ සහ එක්නැළිගොඩ ලොකු බස්නායක නිලමේ නමින් ද ඔහු හඳුන්වා ඇත.

සිය පියාගේ පියා වූ එක්නැළිගොඩ කළු බස්නායක නිලමේගේ සියදිවි නසාගැනීම හේතුවෙන් එක්නැළිගොඩ මොහොට්ටාල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කෙරෙහි බලවත් වෛරයකින් පසුවූයේය. ඔහු ඇහැළේපොළ අදිකාරම් සමග එක්ව 1814 වසරේ දී රජුට විරුද්ධව කැරැල්ලක් සංවිධාන කළ නමුත් එය අසාර්ථක විය.

1814 සබරගමු කැරැල්ල හෙවත් බටුගෙදර කැරැල්ල ලෙස හඳුන්වන්නේ එම කැරැල්ලයි. 1815 වසරේ ඉංග්‍රීසින් උඩරට වැටලූ අවස්ථාවේ උඩුපිටිය, ගල්ලැහැවත්තේ, බෝමුරේ අප්පුරාළගේ නිවෙසේ සැඟවී සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීමට ගිය කණ්ඩායමේ ප්‍රධානියා වූයේ එක්නැළිගොඩ මොහොට්ටාලය. ඔහු සමග සබරගමුවේ වැසියන් පන්සියයක්, ජා සහ බෙංගාලි භටයන් තුන්සියයක් සහ තවත් පිරිස ඇතුළත්ව පන්දහසක පිරිසක් රජු අල්ලා ගැනීමට ගොස් තිබේ.

ගෘහ නිර්මාණ ශිල්පය

වර්තමානයේ දැකිය හැකි එක්නැළිගොඩ වලව්ව ඉදිකර ඇත්තේ 1829 වසරේදීය. එක්නැළිගොඩ කළු බස්නායක නිලමේ 1800 හෝ ඒ ආසන්න කාලයේ ඉදිකළ වලව්ව ගරාවැටෙමින් තිබූ නිසා ඔහුගේ පුතකු වූ එක්නැළිගොඩ දෙවැනි දිසාව වර්තමානයේ දැකිය හැකි වලව්ව ඉදිකරවා තිබේ.

එවකට සබරගමු මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ ධුරය දැරූ ඔහු දේවාලයේ රාජකාරිකරුවන් යොදවා මෙම වලව්ව ඉදිකර ඇත. මහනුවර යුගයේ ඉදිකළ වලව්වල දැකිය හැකි ගෘහ නිර්මාණ ලක්ෂණ සහ ඕලන්ද ගෘහ නිර්මාණ ලක්ෂණ මෙම වලව්වේ දැකිය හැකිය.

කළුගල් සහ මැටි යොදාගෙන බිත්ති බැඳ ඇති එක්නැළිගොඩ වලව්වේ වහලය ඉතා ශක්තිමත් දැව යොදා සකස් කර තිබේ. එහි සෙවිලි කර ඇත්තේ සිංහල උළුය. වලව්වේ බිත්ති බැඳීම සඳහා හුඹස් මැටි සහ හුණු, බඹර පැණි සහ උක් පැණි සමග මිශ්‍ර කර සකස් කරගත් බදාමයක් යොදාගෙන තිබේ.

වළං සෑදීම සඳහා යොදාගන්නා මැටි විශේෂයකින් සකස් කළ පිඟන් ගඩොල් ගෙබිම අතුරා ඇත. තනි මහල් වලව්වක් වන එක්නැළිගොඩ වලව්වේ එක කොටසකට පමණක් සීමා වූ සොල්දරයක් තිබේ. වලව්වේ මැද සාලයට ඉහළින් පිහිටා ඇති එම සොල්දරය අතීතයේ අවි ආයුධ සඟවා තැබීම සඳහා භාවිත කර තිබේ.

වලව්වට පැමිණි ජනතාව සමග කතාබස් කිරීම සඳහා ප්‍රයෝජනයට ගත් අඩි හැටක දිගින් සහ අඩි හතක පළලින් යුතු විවෘත ආලින්දයක් වලව්වේ ඉදිරිපස කොටසේ පිහිටා තිබේ. ඉදිරිපස ආලින්දයේ අඟල් දහඅටක වට ප්‍රමාණයෙන් යුතු විශාල කුලුනු හතක් දැකගත හැකිය. එක කුලුනක සිට තවත් කලුනකට දුර අඩි හතකි. ඊට පිටුපසින් තවත් උස් ආලින්දයක් දැකිය හැකි අතර, එය වලව්වලට පැමිණි ප්‍රභූවරුන් අසුන්ගත් ආලින්දය ලෙස හඳුනාගත හැකිය.

වලව්වේ පසුපසට වන්නට අඩි දහයක පළලින් යුතු තවත් ආලින්දයක් පිහිටා තිබේ. එම ආලින්දයේ දැවයෙන් කළ කණු දැකිය හැකිය. ඊට යාබදව අඩි අසූවක දිගින් සහ අඩි හතළිහක පළලින් යුතු සුවිශාල මැද මිදුලක් පිහිටා තිබෙන අතර අතීතයේ එහි දිග්ගෙයි නැටුම් සහ වෙනත් නැටුම් පවත්වා තිබේ.

සුවිශාල නිවෙසක් වන එක්නැළිගොඩ වලව්වේ කාර්යාලයක්, උපස්ථායක කාමරයක්, අමුත්තන් සඳහා වෙන් වූ ආලින්දයක්, නිදන කාමර හතක්, විශේෂ අමුත්තන් සඳහා වෙන් වූ ආලින්දයක්, අමුත්තන් සඳහා වෙන් වූ කෑම කාමරයක්, බුදු කුටියක්, පවුලේ අය සඳහා වෙන් වූ ආලින්දයක් සහ කෑම කාමරයක්, ගබඩා ආලින්දයක්, ළමයින් සඳහා වෙන් වූ කෑම කාමරයක්, වැසිකිළියක්, සේවිකාවන් සඳහා වෙන් වූ නිදන කාමරයක්, මුළුතැන්ගෙයක්, මැද මිදුලක් සහ පිටුපස ආලින්දයක් පිහිටා තිබේ.
එක්නැළිගොඩ වලව්වේ වර්තමානයේදී පවා දැකිය හැකි කෑම මේසය මෙරට නිවෙසක ඇති දිගින් වැඩිම කෑම මේසය යැයි කියනු ලැබේ.

වර්තමාන තත්ත්වය

වර්තමානයේ මෙම වලව්වේ හිමිකාරීත්වය දරන්නේ සල්පිටි කෝරළේ වාසල මුදලි ජොහාන් පවුලස් පීරිස් දැරණියගල සමරසිංහ සිරිවර්ධනගෙන් පැවැතගෙන එන දැරණියගල පරපුරය. ඔහු විවාහ වූයේ හොරගොල්ල බණ්ඩාරනායක වලව්වේ ආරම්භකයා වන දොන් සොලමන් ඩයස් විජේවර්ධන බණ්ඩාරනායක සහ කොර්නේලියා ද සේරම් යුවලගේ දියණියක වූ සුසානා එළිසබෙත් ඩයස් විජේවර්ධන බණ්ඩාරනායක සමගිනි.

එම පරපුරේ සාමාජිකයකු මෙන්ම මෙරට ප්‍රථම කෞතුකාගාර දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා වූ පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගල මහතා විවාහ වූයේ එක්නැළිගොඩ වලව්වේ ප්‍රීනි රඹුක්කන එක්නැළිගොඩ මොලමුරේ කුමාරිහාමි සමගය. ඒ වන විට විවාහ සම්බන්ධතා නිසා වලව්වේ හිමිකාරීත්වය රඹුක්පොත සහ මොලමුරේ යන පරපුර දෙකට අයත්ව තිබිණි.

කෙසේ වෙතත් ප්‍රීනි රඹුක්පොත එක්නැළිගොඩ මොලමුරේ කුමාරිහාමි, රඹුක්පොත පෙළපතට අයත් ව තිබූ කොටස් ද මිලදීගෙන වලව්වේ අයිතිය සිය පුත්‍රයා වූ සිරාන් උපේන්ද්‍ර දැරණියගලට පැවරුවේය. ඒ අනුව පසුගියදා අභාවප්‍රාප්ත වූ සුප්‍රසිද්ධ පුරාවිද්‍යාඥ, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සිරාන් දැරණියගල මහතාට අයත්ව තිබූ මෙම වලව්වේ වර්තමාන හිමිකරුවන් වන්නේ ඔහුගේ දරුවන්ය.

අන්තර්ජාලයෙන් උපුටා ගත්තකි

SendShareShare
Previous Post

බැලුම් පුම්බපු ඩ්‍රයිවර්ලා කෝටි 62ක සල්ලියක් ආණ්ඩුවට දඩ ගෙවලා! Sri Lanka Latest News

Next Post

සර්ව පාක්ෂික සමුලුවේදී ජනාධිපතියි පක්ෂ නායකයොයි කරපු කතා එක්ක ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් දැමූ නිවේදනය මෙන්න! Sri Lanka Latest News

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.