ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියට දුරකතන සේවා සමාගමකින් 2018 සහ 2021 වසරවලදී ලබාදී තිබූ ටැබ් පරිගණක යන්ත්‍ර 950ක් සහ සිම්පත් කිසිදු අනුමැතියකින් තොරව එම අධිකාරියේ විවිධ තනතුරු දරන නිලධාරීන් බෙදාගෙන තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. (Sri Lanka Latest News)
සේවයෙන් ඉවත්වූ නිලධාරීන් 35 දෙනකුගෙන් ටැබ් පරිගණක යන්ත්‍ර ආපසු ලබාගැනීමට කටයුතු කර නොතිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
මේ අතර, බඳවා ගැනීමේ පටිපාටියට පටහැනිව ආයතනයේ අධ්‍යක්ෂ තනතුරට බඳවාගෙන ඒ අරමුණට පරිබාහිර කාර්යභාරයක් ඉටුකරමින් සිටි නිලධාරියකුට 2021 ජූලි සිට 2022 අගෝස්තු දක්වා රුපියල් ලක්ෂ විසි එකකට වැඩි වැටුප් හා දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර නිපුණ ශිල්පීන් ලක්ෂයකගෙන් යුත් බහුකාර්ය සාධන බළකායක් පිහිටුවීමේ ව්‍යාපෘතිය සඳහා ලක්ෂ 47ක පමණ මුදලකින් ස්ථාපනය කර ඇති පරිගණක පද්ධතිය 2022 දෙසැම්බර් 31 වැනිදා වන විටත් ක්‍රියාත්මක තත්වයෙන් නොපැවතුණ බව පවසන එම කාර්යාලය, මෙම පාඨමාලාවේ පුහුණුලාභීන්ට සහතික පත් 32,505ක් නිකුත් කිරීමෙන් තොරව අධිකාරියේ රඳවාගෙන තිබූ බව සඳහන් කරයි.
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ 2021 කාර්යසාධන වාර්තාවට ඇතුළත් කරන ඇති විගණන වාර්තාවේ මේ තොරතුරු සඳහන්ව ඇත.
lankadeepa










