නුවරඑළිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ හෙල්බොඩ ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වී තිබේ.Sri Lanka Latest News
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් රැගත් බස් රථයකි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 20කට ආසන්න පිරිසක් ගමන්කර ඇති අතර ඉන් 8 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇත.
රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලීසිය සැකපළ කරයි.
පුස්සැල්ලාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.










