අඹන්පොල නගරයේ නවතා තිබූ කන්ට්‍රේනරයක අද අළුයම 02:45 ට පමණ බසයක් වැදී සිදුවූ අනතුරකින් දෙදෙනකු මිය ගොස් 15 දෙනකු තුවා ලබා ඇතැයි අඹන්පොළ පොලිසිය පවසයි.Sri Lanka Latest News
අනතුරින් තුවාල ලැබූ සිසු පිරිස අඹන්පොල , ගල්ගමුව හා කුරුණෑගල රෝහල්වලට ප්‍රතිකාර සඳහා යොමු කෙරිණි. ඔවුන්ගෙන් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
කුරුණෑගල සිට තඹුත්තේගම දෙසට ගමන් කරමින් තිබූ මෙම බස් රථයේ ගමන් කළ පිරිස තඹුත්තේගම තලාව මහවැලි ගම්මානයේ පදිංචි පිරිසකි.
ඔවුන් කූරගල ගොස් ආපසු එමින් සිටිටදී මෙම අනතුරට මුහුණ දී ඇත.
අනතුරට හේතුව රියදුරු ට නින්ද යාම බවට පොලීසිය සැක පළ කරයි.










