දූෂණ විරෝධී පනත සම්මත කර ගැනීම කල් දමන්නට සභානායකවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ කරද්දී ඊට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂයේ පිරිසක් අදහස් දක්වන්නට වූහ.Sri Lanka Latest News
අදාළ පනත සම්මත කර ගැනීම කල් දැමන්නට කටයුතු කරන්නේ කපුටු යෝජනාවක ඇති පදයක් ලෙස දැයි විමසූ විපක්ෂ නායකතුමා කාගේ බලපෑමට එය සිදු කරන්නට හැදුවත් ඊට ඉඩදිය නොහැකියැයි ද පැවසීය.
මෙම පනත අද දිනයේ ම සම්මත කරගැනීම සම්බන්ධයෙන් කිසිදු බාධාවක් අමාත්‍යවරයා නොදකින බව පැවසූ විපක්ෂ නායකතුමා එහෙත් එය සිදු කිරීමට සභානායකවරයාට ඇති බාධාව කුමක්දැයි ප්‍රශ්න කර සිටියේය.
මෙම දූෂණ විරෝධී පනත සම්මත කර ගැනීම කල් දමන්නට ආණ්ඩුව කටයුතු කරද්දී ඊට එරෙහිව සමගි ජන බලවේගය පෙනී සිටියහ. ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව සමගි ජන බලවේගය පෙනීසිටි නිසාම අදාල පනත අද දිනයේ සම්මත කර ගැනීමට හැකිවිය.










