• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් හම්බන්තොට ඉඳන් සජිත් ගැන කරපු කතාවට සජිත් පාර්ලිමේන්තුවේ ඉඳන් උත්තර දෙයි! අපිට එන්න කියන්නේ හොරු බේරන්නද? ජනතාවගේ ජීවිත විනාශ කරන්නද? සීනි හොරු-පොල්තෙල් හොරු-බාල ගෑස් හොරු බේරන්නද? ලසන්ත වික්‍රමතුංග මරපු අය බේරන්නද? ලංකාවට ආධාර කරන්න එපා කියලා ජපානයට කිව්වා වගේ මටත් පණිවුඩ දෙන්නද? VIDEO I Sri Lanka Latest News

July 6, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
රටේ බහුතර ජනතාවට ඡන්ද අවශ්‍ය නෑ කියා ජනාධිපති කියනවා! පක්ෂ ඔක්කොම එකතු වුණත් 50%ක් නෑ කියනවා! රනිල් නුවරඑළියේදී විනිසුරුවරුන් ඉදිරියේ කරපු කතාවට සජිත් එකින් එක ප්‍රහාර එල්ල කරයි! එතුමා රටේ අභිමානවත්ම පක්ෂය පොළොවටම සමතලා කළා! එක මන්ත්‍රී කෙනෙක්වත් නැතිව ජාතික ලයිස්තුවෙන් ආපු එතුමා ඡන්දවලට බයයි! දේශපාලන ගමනේ අන්තිම තැනට එතුමා ඇවිත් ඉන්නේ! ජනාධිපතිවරණය තියන්න අපි 50% අරගෙන පෙන්නන්නම්! අපි ජනමතයට බය නෑ!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දූෂණ විරෝධි පනතක් ගෙන ඒම අරගලයකින් පසු අප රට තුළ සිදුවන සාධනීය සිදු වීමක් වුවත් මෙය සිදුවිය යුත්තේ මීට පෙර බවත් නමුත් රජය විසින් රාජපක්ෂලාගේ කීමට මැතිවරණයක් නොපවත්වා විසුරුවා තිබූ පළාත් පාලන ආයතන සඳහා පෙර සිටි නියෝජිතයන් කැඳවීමේ පනත මූලික කර ගෙන එය සම්මත කර ගත්තා මිස මෙවැනි වැදගත් පනතක් සම්බන්ධයෙන් අවධානය යොමු නොකළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එසේම අද ඉදිරිපත් කළ පනතට වඩා ශක්තිමත් ප්‍රබල දූෂණ විරෝධී පනතක් 2022 වසරේ දෙසැම්බර් මාසයේ දී සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළත් රජය ඒ සම්බන්ධයෙන් තැකීමක් නොකළ බවත් ඒ පනත සම්මත වූවා නම් පසුගිය කාලයේ රටට අහිමි වූ රටින් සොරකම් කරන ලද සම්පත් පවා නැවත රටට පවරා ගැනීමේ හැකියාවක් තිබුණු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තව ද මේ පනතට විපක්ෂය ඉදිරිපත් කළ ප්‍රබල සංශෝධන කපා හැර සෙසු සංශෝධන පමණක් පිළිගැනීමෙන් පෙනී යන්නේ රජය විසින් මේ අවස්ථාවේ දූෂණ විරෝධී පනතක් ඉදිරිපත් කර ඇත්තේ අයි එම් එෆ් කොන්දේසි සපුරා ලීමට මිස සැබවින්ම දූෂණය පිටු දැකීමට නොවන බවත් එබැවින් අවංකවම දූෂණය වංචාව හොරකම පිටුදකිමින් පාරදෘෂ්‍ය පාලනයක් මෙම පනත හරහා ඇති කළ හැකි ද? කියා ගැටලුවක් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (6) පාර්ලිමේන්තුවේ විවාදයට ගත් දූෂණ විරෝධී පනතේ විවාදයට එක්වෙමිනි.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ජාතික අවශ්‍යතාව වෙනුවෙන් පෙරට එන ලෙස පැවසුවත් එකී ජාතික අවශ්‍යතාව යනු හොරු ඇල්ලීමද? හොරු රැකීම ද? කියා ගැටලුකාරී බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ පනතේ යම් සාධනීය තත්ත්ව ඇතත් දුර්වලතා රැසක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙස යි.

දූෂණ විරෝධී පනතේ විවාදයට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ සම්පූර්ණ කතාව

විශේෂයෙන්ම අද දවස මම විශ්වාස කරනවා අපේ රටේ අරගලයකින් පසු රටේ සිදුවන සාධනීය විර්යාසයීය දිනයක් ලෙස. ඒ මන්ද කියතොත් මේ රටට කොඩිවිනයක් වුණු මේ රටට පිළිකාවක් වුණා දූෂණය වංචාව හොරකම ජන සමාජයෙන් රාජ්‍ය තන්ත්‍රයෙන් රාජ්‍ය නොවන තන්ත්‍රයෙන් ත-ුරන් කිරීම උදෙසා ඉදිරියට තබන වැදගත් පියවරක් කේන්ද්‍රීය දිනයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්. තිබුණු තත්ත්වයට අනුව මෙය හොදයි. නමුත් ඉදිරියට යන ගමන ප්‍රමාණවත් ද කියා ගැටලු රැසක් පවතී.

අපේ පක්ෂයේ මහ ලේකම්තුමා වන රංජිත් මද්දුම බණ්ඩා මැතිතුමා මීට වසර කිහිපයට පෙර දූෂණ විරෝධි පනතක් ඉදිරිපත් කළා. ඒ පනත ක්‍රියාත්මක කළේ 2022 නොවැම්බර් 30 වැනි දා. මේ පනත අද මේ සාකච්ඡාවන පනතට වඩා ශක්තිමත්. නමුත් අධිකරණ ඇමතිතුමනි මේ පනත ඔබ තුමාලා ගැසට් කලේ නැහැ. නමුත් විසුරුවා දමපු පළාත් පාලන ආයතනවල මන්ත්‍රිවරු ආපහු කැදවා ඔවුන්ට බලය ලබා දීමේ කපුටගේ පනත ගැසට් කරලත් ඉවරයි.එතකොට කපුටගේ පනතට මුල් තැන දුන්නා දුෂණ විරෝධී සමගි ජන බලවේගය ඉදිරිපත් කළ මේ පනත හකුලා ගත්තා. මේක තමයි රටේ ක්‍රියාත්මක වන දෛවයේ සරදම. මේ පනත සුබවාදීව දකිනවා.

විශේෂයෙන්ම පළාත් පාලන මන්ත්‍රීවරු නැවත කැදවීමේ පුද්ගලික කෙටුම්පත ගැසට් කළ 2023 ජුනි 26 දින සිට දින කිහිපයක් තුළ එනම් 2023 ජුලි මස 5 වැනිදා පළමු කියැවීමත් සිදු කරලා ඒ තරමටම මේ රජයට උනන්දුව තිබුණා විසුරුවා හැරපු පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු මැතිවරණයක් නොතියා කැදවන්න අවශ්‍ය වුණා. ලැජ්ජයි ඒක.

මේ නව පනත තියෙන තත්ත්වයට වඩා හොදයි. මම සුබවාදීව බලනවා. නමුත් අපි යා යුතු ප්‍රමාණය ගොස් තිබේද? රට බංකොලොත් වෙලා රටේ සම්පත් විනාශ වෙලා දේශිය සම්පත් හොරා කාලා මංකොල්ල කාලා ඉවරයි. පවුලක් එකට එකතු වෙලා මේ රටේ දැවැන්ත විනාශයක් ඇති කරලා හොරකම වංචාව දූෂණය මංකොල්ල කෑම ජාතික න්‍යාය පත්‍රයේ ඉහළට ගොස් ඇති මොහොතක මේ යන ක්‍රමයේ මීට වඩා සාධනීය ක්‍රමවේදයක් ඇති විය යුතු යි.

මේ පනත ගෙන ඒනනට තිබුණේ මීට පෙර. මිට පෙර වර්තමාන රජය බලයට ආ විගස මෙය කරන්න තිබුණා. නමුත් අද මේක කරන්නේ අයි. එම්. එෆ් කොන්දේසියක් ලෙස යි. අයි එම් එෆ් එකේ බලකිරීම තුළයි මේක කරන්නේ. කළ යුතු දේවල් කරා කියල පෙන්නන්නයි මේක කරන්නේ.

අපි බොහොම පැහැදිලිව මේ අවස්ථාවේ කියනවා මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණය සංශෝධන 29ක් විතර කලා. අපිත් සංශෝධන 53කට වැඩි ප්‍රමාණයක් කළා. රජයත් තව සංශෝධන 88ක් විතර ඉදිරිපත් කළා. අපි ඉදිරිපත් කළ සංශෝධනවලින් සියයට 75ක් පිළිගත්තා. නමුත් ප්‍රතික්ෂේප කළ සියයට 25 බොහොම බරපතලයි.

අපි යෝජනා කලා අතීතයට බලපාන ලෙස මේ නීතිය ක්‍රියාත්මක කළ යුතු යි. කියලා. විශේෂයේම එක්සත් ජාතින්ගේ දූෂණ විරෝධි සංයුතිය ශ්‍රී ලංකාව එකග වූ දින සිට ක්‍රියාත්මක විය යුතුයි කියා අපි ඉදිරිපත් කළත් රජය එය ප්‍රතික්ෂේප කළා. ඒ වගේම සොරකම් කළ වත්කම් නැවත අත්පත් කර ගැනීමට වන සංශෝධනයක් ඉදිරිපත් කළත් රජය එය ප්‍රතික්ෂේප කළා. අධි චෝදනා පත්‍ර ඉල්ලා අස් කර ගැනීමේ ක්‍රියාවලියේ පැහැදිලි සාධනීය නිත්‍යානුකූල වෙනසක් ඇති කිරීමේ සංශෝධන ඉදිරිපත් කළත් එයත් රජය ප්‍රතික්ෂේප කළා.

මේ අද මේ පනතක් ක්‍රියාත්මක කරන්නේ අයි එම් එෆ් එක කිව්ව නිසාද? නැත්නම් අවංකවම දේශපාලන කැමැත්තක් මත සාධනීය වෙනසක් සිදුවිය යුතුයි මේ වෙනස සිදු කිරීම තුළ වඩාත් විනිවිදභාවයකින් පාරදෘෂ්‍යභාවයකින් යුතු යහපත් සත්‍යවාදී පවිත්‍ර පිරිසුදු රාජ්‍ය පාලනයක් ස්ථාපිත විය යුතු යි යන අරමුණින් මේ පනත ක්‍රියාත්මක වෙනවාද කියා ගැටලුවක් පවතිනවා.

මේ අවස්ථාවේ සමගි ජන බලවේග සමගි ජන සන්ධාන රජයක් තුළ දූෂණය වැළැක්වීම උදෙසා මීට වඩා ඉදිරියට ගිය ප්‍රගතිශීලී සාධනීය පියවර ගණනාවක් ක්‍රියාත්මක කරනවා. දූෂණය වංචාව ක්‍රියාත්මක කළ අයට මීට වඩා දැඩි පියවර ගන්නවා. ඒ වගේම නීති විරෝධී ලෙස උපයා ගත් වත්කම් රටට අහිමි වූ වත්කම් සම්පත් නැවත ලබා ගැනීමේ ඒ නීතිමය ක්‍රමවේදය මගනොහැර ඒ වගකීම ඉටු කිරීමේ ක්‍රියාවලිය අපි බාර ගන්නවා.

අපිට අහන්න ලැබුණා පසුගිය දිනවල ජාතික අවශ්‍යතාව මත කටයුතු කළ යුකු යි දේශපාලනය වැදගත් නැහැ කියාලා. ඒ වගේම පටු දේශපාලන වාද භේද පසෙකලා දේශපාලන කේන්ද්‍රීයව නොව රට වෙනුවෙන් කේන්ද්‍රීයව වැඩ කරන්න ඕන කියලා ජනාධිපති කිව්වා. අද අපි දූෂණ විරෝධි නව පනතක් ගේනවා. ඒත් මේ 225ම කෙනෙක් මේ රටට අනීතික ලෙස රත්තරං ස්මාර්ට් ෆෝන් ලක්ෂ 780ක හොර භාණ්ඩ ගෙනාවත් සියයට 10ක දඩයි ගැහුවේ. නමුත් ප්‍රංශ ජාතිකයෙක් ඒ වගේම හොරෙන් රත්තරං ගෙන එන කොට වටිනාකම ලක්ෂ 800යි දඩය ලක්ෂ 700යි. මේ වගේ රටක තමයි අපි අලුත් පනත් ගේන්නේ. මේවා අහද්දි ලක්ෂ 220 හිනාවෙනවා.

පක්ෂ නායක රැස්වීමේ දී හැමෝම තීන්දුවක් ගන්නවා කිව්වා ඒ මන්ත්‍රිවරයාට ඉල්ලා අස්වෙන්න කියලා. කිව්ව විතරයි ඒක තාම ක්‍රියාත්මක නැහැ. ඇයි මේ රජයට එයාගේ ඡන්දෙත් වැදගත් වෙලා පැවැත්ම වෙනුවෙන්. මෙවැනි වාතාවරණයක තමයි අපි දූෂණ විරෝධී පනත් ගැන කතා කරන්නේ.

ජනාධිපති කියනවා ජාතික අවශ්‍යතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කියලා.ඒත් මම අහනව හොරු අල්ලනද හොරු බේරන්නද ජනතාව ජීවත් කරනවන්නද විනාශ කරන්නද? පැන්ඩෝරා පත්‍රිකා හොරු අල්ලන්නද බේරන්නද? සීනි බදු පොල්තෙල් හොර බාල ගෑස් හොරු අල්ලන්නද බේරන්නද? ලසන්ත වික්‍රමතුංග මරපු අය උපාලි තෙන්නකෝන් ඇතුළු ජනමාධ්‍යවේදීන්ට හිංසනය දියත් කළ අය බේරන්නද අල්ලන්නද එකතු වෙන්න කියන්නේ?

මේ යෝජනා ගැන හිතනකොට මට කියවන්න ලැබුණා විකිලීක්ස් එකෙන් හෙළිදරව් වුණා කාරණාවක්. එවකට මෙරට ඇමෙරිකානු තානාපති වූ රොබඩ් ඕ බ්ලේක් ඇමෙරිකාවේ විදේශ අමාත්‍යාංශයට පණිවිඩයක් යවනවා. යකුෂී අකාශි එදා මෙහෙම කියනවා.

‘අපේ රටට ලබා දෙන ආර්ථික ආධාර අත්හිටුවන ලෙස විපක්ෂ නායක වික්‍රමසිංහ ජපානයෙන් කළ පුද්ගලික ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස සිය නායකයන්ගේ ක්‍රියාවන් සහ අතපසුවීම් හේතුකොට ගෙන ශ්‍රී ලාංකීය ජනතාවට දඩුවම් නොකළ යුතු බව වික්‍රමසිංහට පැවසූ අකාශි විසින් පසුකාලීනව ප්‍රසිද්ධියේ නැවත එම ප්‍රකාශය සිදු කරන ලදී.’

මේ වාර්තා කරන්නේ විකිලීක්ස්. අපිට ජාතික අවශ්‍යතාව වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ මේ වගේ පණිවිඩ දෙන්නද ? මම වගකීමෙන් කියනවා ජාත්‍යන්තර ආයතන නියෝජිතයන් දේශපාලන මූල්‍ය ආයතන සැම දෙනාම හමු වූ හැම අවස්ථාවක ම සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් හැම විටම ප්‍රකාශ කර සිටිනේ ලක්ෂ 220ට හැම වෙලේම උපකාර කරන්න හැබැයි විනිවිදභාවයකින් කරන්න කියලයි ඉල්ලුවේ.

ඒ වගේම මටත් ජනාධිපති වෙන්න උදව් කරනවාලු. මගේ විපක්ෂ නායක කම රැකලා දෙනවලු. මම දන්නවා ඒ අය 2019 ගෝඨාභය රාජපක්ෂත් එක්ක එකතු වෙලා කරපු දේවල්. මට ඒ උදව් ඕන නැහැ. අපි කොතනටද යන්නේ කොතනද නතර වෙනවාද කියා තීන්දු කරන්නේ දේශපාලන ඩීල්වලින් නොවේ. ඒවා හෙලිදරව් වෙන්නේ ලක්ෂ 220 මතය ප්‍රකාශ කිරීමෙන්. මට නම් අවුරුදු 21ක් විපක්ෂ නායක කමේ ඉන්න අපේක්ෂාවක් නැහැ.

ඒ වගේම 75 වසරක ඉතිහාසයක් ගැන කතා කරද්දි මේ රටට අගයක් එකතු කළේ අපි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝහල් 56කට ලක්ෂ 1719ක් වටිනා උපකරණ සහ බෙහෙත් දුන්නා. අපේ ජාතික වගකීම යුතුකම ඉටු කළා. රජයේ පාසල් 72කටට මිලියන 349.2ක බස් රථ සහ පාසල් 33කට ලක්ෂ 290ක් වටිනා තොරතුරු තාක්ෂණ උපකරණ සහ සුහුරු පන්ති කාමර උපකරණ දුන්නා.

මෙතෙක් අද දවස වෙනකම් මේ වැඩ කරන්න වර්තමාන ජනාධිපති තාම බාධා කලේ නැහැ. විවේචනය කරන්න ඕන තැන විවේචනය කරනවා වගේම හොදක් කියන්න ඕන තැන හොදත් කියනවා. හැබැයි හේතු කාරණා සහිතව.

වර්තමාන ජනාධිපතිවරයා අගමැතිවරයා ලෙස විපක්ෂ නායකවරයාගෙන් කළ ඉල්ලීම මතකයි. ඒ තමයි රට වෙනුවෙන් උදව් කරන්න කියන එක. අපි ඔප්පු කලා රට වෙනුවෙන් උදව් කරන්න මැති ඇමතිකම් ඕන නැහැ කියලා. අපිට තිබෙන ශක්තිය පෞරුෂත්වය හැකියාව දැනුම හා සම්බන්ධකම් මත උපරිම වැඩසටහන් අපි සිදු කළා. සක්වල හුස්ම කියන්නේ ඒ වගේ වැඩසටහන් 2ක් තමයි. අපි යන්නේ දේශපාලන ඩීල් වලින් නොවේ ජනතා ආශිර්වාදයෙන් විතරයි.

ඒ වගේම අපි දැන්වත් අපේ වැඩපිලිවෙල පිළිබද හිතලා බලල කටයුතු කරමු. අද උදේ පාන්දරම ලොකුවට කට්ටිය පොර ටෝක් දුන්නා රට බංකොලොත් කිරීම ගැන. එදා මේ රට හදනවා කියපු ගොඨාභයව සංසදනය කලේ සිංගප්පූරුවේ ල්ක්වායූට. එදා රට බංකොලොත් කරලා පෙර කරපු වැරදි ක්‍රියා සගවන්න හදනවා.

රට බංකොලොත් වුනේ ධන කුවේරයන්ට ලබා දුන් බිලියන 600ත් 700ත් අතර ණය සහන දුන්න නිසා රටේ ශ්‍රේණිගත කිරීම් පහල බැස්සා. අදත් අන්න ශ්‍රේණිගත කිරීම් බැහැලා කියලා ආරංචියි. මහලොකුවට කතා කලේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන. සියයට 12 සිට සියයට 8 දක්වා ආදායම බස්සපු නිසා තමයි එයට අත ඉස්සුව නිසා තමයි රට බංකොලොත් වුනේ. අයිඑම් එෆ් එක එලෙව්වා ඩොලර් මිලියන 100ක් එක්ක. දේශප්‍රේමීත්වය කියලා එලෙව්වට අද දැන් අත උස්සවා.

අපි කියනවා අයි එම් එෆ එකට යා යුතුයි. හැබැයි ඒ ගිවිසුම් ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන් සුබ සාධනය වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු යි. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ හොරකම් කරපු සම්පත් නැවත පවරා ගන්න අපි ඉදිරිපත් කරන සංශෝධනවලට එකග වෙන්න. අපි ඒවට අනුකුලව මේ ගමන ගොස් මේ රටට අහිමිවූ සම්පත් ඩොලර් ටික නැවත ලබා ගමු. ඒ සම්පත්වලින් ජාතික සම්පත් අරමුදලක් සකස් කරමු. ලෝකයේ දියුණු රටවල් එවැනි අරමුදල් හදනවා. ඒ හරහා නූපන් පරපුරත් වර්තමාන පරපුරත් මතු පරපුරත් රැකෙන වැඩසටහනය යමු. අපි දූෂණයෙන් තොර රටක් නිර්මාණය කරන්න කැප වෙනවා. තිබෙන නීතියට වඩා මේ නිතිය හොදයි හැබැයි යා හැකි දුරක් තිබෙනවා. ඒ දුර යන්න සංශෝධනවලට එකග වෙන්න.

රනිල් හම්බන්තොටදී කරපු කතාව!

SendShareShare
Previous Post

ආර්ථිකය ‌ගැන ලෝකෙටම කියන ෆිච් රේටින්ග්ස් ලංකාව යළි පහළ ඇද දමයි! Sri Lanka Latest News

Next Post

දූෂණය ගැන අනුර පාර්ලිමේන්තුවේදී අද කරපු කතාව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News
Exclusive

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!
Exclusive

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

තුට්ටු දෙකේ වී මිලට එරෙහිව ගොවි සංවිධාන 22ක ගොවියෝ හිඟුරක්ගොඩින් පාරට බහී! අපි හිතුවෙ නෑ අවුරුදු එකහමාරට ආණ්ඩුව අපිට මෙහෙම කරයි කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

තුට්ටු දෙකේ වී මිලට එරෙහිව ගොවි සංවිධාන 22ක ගොවියෝ හිඟුරක්ගොඩින් පාරට බහී! අපි හිතුවෙ නෑ අවුරුදු එකහමාරට ආණ්ඩුව අපිට මෙහෙම කරයි කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

කප්පම් දෙන්න බෑ කිව්වාට වැඩ කරන සැලුන් එකට ඇවිත් අත කපලා... තරුණයෙකුට එල්ල වූ ප්‍රහාරයේ සියලු CCTV සාක්ෂි එළියට... Sri...

Read more
ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.