• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිංගප්පූරු ජපන් ගිහින් එන රනිල්ට අරාබි එමීර් රාජ්‍යයට එන්න ආරාධනාවක්! I Sri Lanka Latest News

May 24, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
සිංගප්පූරු ජපන් ගිහින් එන රනිල්ට අරාබි එමීර් රාජ්‍යයට එන්න ආරාධනාවක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුව සඳහා (COP 28) සහභාගීවන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් මහතා (Mohammed bin Zayed Al Nahyan) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනා කර තිබේ.

එම ආරාධනා පත්‍රය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපතිවරයා විසින් යොමු කළ ලිපිය ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලිඩ් නසිර් අල්අමෙරි (Khaled Nasser AlAmeri) මහතා විසින් ඊයේ (22) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 28) ලෝක නායකයන්, රාජ්‍ය නියෝජිතයන්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් මස 30වනදා සිට දෙසැම්බර් 12 දක්වා ඩුබායිහි එක්ස්පෝ නගරයේ දී පැවැත්වේ.

දේශගුණික විපර්යාස මෙන්ම ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන දේශගුණික විපර්යාස සමුළුව දේශගුණික සංවාද සඳහා ප්‍රමුඛ ජාත්‍යන්තර වේදිකාවක් ලෙස ක්‍රියා කරයි.

එසේම දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියට (UNFCCC) අයත් සාමාජික රටවල් අතර දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡා මෙහෙයවීමේදී මෙම සමුළුව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

පරිවර්තනීය හවුල්කාරිත්වයන්හි නියැලීමට සහ නව්‍ය, සාධාරණ විසඳුම් සඳහා දායක වීමට සියලුම පාර්ශ්වකරුවන්ට සමාන අවස්ථා ලබා දීම මෙම සමුළුවේ අරමුණයි. ලොව පුරා තිරසාර ආර්ථික හා සමාජීය සංවර්ධනයක් පවත්වාගෙන යාම මෙන්ම දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කර ගැනීමට සියලු සාමාජික රටවල් සාමුහිකව කැපවීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරේ.
දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපවීම සිය ලිපිය මඟින් අවධාරණය කර ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස හමුවේ මුහුණදීමට සිදුව ඇති අභියෝග ජය ගැනීමේ දී ජාත්‍යන්තර සහයෝගීතාවයේ සහ සහභාගීත්වයේ වැදගත්කම ද පෙන්වා දී තිබේ.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මෙම ආරාධනය පිළිගැන්වීමට ලැබීම පිළිබඳ සිය සතුට පළ කර ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් මහතා ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රගතිය සහ සෞභාග්‍ය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට ද සුබපැතුම් එක් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-05-23

SendShareShare
Previous Post

රත්නපුර හයිවේ එකේ ප්‍රශ්න ගොඩක් සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ඉඩමුත් නෑ! වන්දිත් නෑ! පාරත් නෑ! රස්සාවත් නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

අලි සබ්‍රි රහීම් හොරෙන් අරන් ආ රත්තරන්වල වටිනාකම කෝටි හතහමාරක්! ස්මාර්ට් ෆෝන් 91 වටිනාකම කෝටි 7ක්! ඔන්න මන්ත්‍රීගෙ කෙරුවාව! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News
Exclusive

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News
Exclusive

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

මහබැංකුවේ ලියාපදිංචියකින් තොරව නීත්‍යානුකූල නොවන ආකාරයට පිහිටවූ 'සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්' මගින් දැනටමත් කෝටි 900ක පමණ තැන්පතු ලබා ගෙන ඇති බව...

Read more
වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.