පස්සර ප්‍රදේශයේ නිවසක කොන්ක්‍රීට් ස්ලැබ් එකකින් පහළට ඇදවැටී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෙවර අ.පො.ස. සාමන්‍ය පෙළ විභාගයට පෙනීසිටීමට සූදානමින් සිටි සිසුවෙක් බව සඳහන්.
මෙම සිසුවා පාඩම් කිරීම සඳහා ඊයේ (22) රාත්‍රියේ සිය නිවස ආසන්නයේ සිටි මිතුරකුගේ නිවසකට ගොස් ඇති බවයි දැනගන්නට ලැබුණේ.
එහිදී මෙම සිසුවා මුත්‍රා කිරීම සඳහා මිතුරාගේ නිවසේ උඩුමහලේ කොන්ක්‍රීට් ස්ලැබ් එකට ගොස් ඇති අතර, එම අවස්ථාවේ ඉන් බිමට ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.
බිමට ඇද වැටීමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ සිසුවා ප්‍රතිකාර සඳහා පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගිය සිසුවා රබර්වත්ත, මැදවෙලගම, පස්සර ලිපිනයේ පදිංචි දර්ශන විදුරංග නැමැති අයෙක්.










