මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල අතිශයින්ම ජනප්‍රිය ඡායාරූපය බවට පත්ව තිබෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා බොහෝ සුහදව කතාබහක නිරතව සිටින මෙම ඡායාරූපයය.
මෙම ඡායාරූපයේ ඇති විශේෂත්වය නිසාම බොහෝ දෙනකු ඊට සිය අදහස් එක්කොට තිබුණි.
ඔවුන් බොහෝ දෙනා පවසා තිබුණේ මෙම නායකයන් දෙදෙනා රටේම බලාපොරොත්තුව බවත්, දෙනො එකතු වුවහොත් රට නිවැරදි දිසාවට රැගෙන යාමට හැකි වනු ඇති බවත්ය.
ඒ අනුව රටම මෙම හමුව දෙස බලාපොරොත්තුවේ දෑස දල්වා සිටින බවද එහි සදහන්ව තිබිණ.
මේ ආකාරයට දෙදෙනා මෙසේ හමුව තිබුණේ අමරපුර නිකායේ මහානායක හිමියන්ගේ අපවත් වීම වෙනුවෙන් පැවැති අවමංගල්‍යය උත්සවයේදීය.












