කල්දෙමුල්ල පුලිනතලාරාම විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තැන්පත් කර තිබූ රනින් නිමකළ ධාතු කරඬුව පසුගිය 18 වැනිදා සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. (Sri Lanka Latest News)
ඔවුන් සොරාගත් ධාතු කරඬුව උණුකර තිබියදී සොයාගැනීමට ද පොලිසියට හැකිව ඇත.
අත්අඩංගුවට ගත් දෙදෙනා අවුරුදු 52 සහ 38 යන වයස්වල පසුවන අතර, ඔවුන් ඉංගිරිය සහ පිළියන්දල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවැසුවේ.
සැකකරුවන් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
dasathalankanews











