• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධිකරණයට අත නොතබනු ප්‍රබල ඊශ්‍රායල් අගමැතිටයි-ආණ්ඩුවටයි එරෙහිව මුළු රටම පාරට බහී දැන් මාස ගණනක් උන් මහ පාරේ අරගල කරයි I Sri Lanka Latest News

May 19, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ජන අරගලය දැනට අලවී ගල්වී පල්වී ඇති හැඩක් පෙනෙන්නට ඇත. පසුගිය වසරේදී මෙරට සිදුවූ මහා ජන අරගලය මෙරට ඉතිහාසයට රන් අකුරින් ලියා තැබෙන මහා ජන සටනකි. මෙම නිරායුධ ජන සටන මුලින්ම ආරම්භ කෙරුණේ කිසිදු දේශපාලනික පාටක් හෝ පක්ෂ භේදයක් හෝ නැතිවය. එයට සහභාගි වූ තරුණ තරුණියෝ එකෙකුට එකෙක්වත් කිසිදු දවසක හෝ හඳුනාගෙන නොතිබිණි.(Sri Lanka Latest News)

එහෙත් කාලය ගෙවීගෙන යත්ම විවිධ පක්ෂ පාට අරගලය මතට සිතුවම් වන්නට විය. මෙම ජන අරගලය තමන්ගේ ලේ කඳුළු දහඩිය මතින් ගෙන ගියේ මෙරට තරුණ පරපුරය. එය ශ්‍රී ලාංකික ප්‍රජාවගේ පීඩාකාරී ආර්ථික හා සමාජයීය අර්බුදයකට එරෙහිව ස්වේච්ඡාවෙන් පැනනැගුණු ප්‍රබල සමාජ ප්‍රකාශනයකි. එහි මුල් පදනම වූයේ මධ්‍යමපාන්තික උගත් තරුණ තරුණියන්ගේ නොසැලෙන ක්‍රියාකාරීත්වයයි.

ශ්‍රී ලංකාවේ උගත් තරුණ ප්‍රජාව දේශපාලනය තුළ ක්‍රියාත්මක වීම පසුගිය වසර 20ක කාලයක සිට දක්නට නොලැබිණි. එහිදී අපට නිරන්තරයෙන් දක්නට ලැබුණේ වසය මුහුකුරා ගිය පිරිස් දේශපාලනයේ නිරතව සිටින ආකාරයයි. එහෙත් මෙවර තත්ත්වය කනපිට හැරුණේය. බැලූ බැලූ තැන දක්නට ලැබුණේ හිරිමල් තරුණ තරුණියන් මහා ජන අරගලයක නිරතව සිටින ආකාරයය. එහෙත් අද ශ්‍රී ලංකාවේ සිදුව ඇත්තේ කුමක්ද? අද එම මහා තරුණ අරගලය පොළොවට අලවන තත්ත්වයකට කඩාකප්පල් කිරීමට මෙරට රාජ්‍ය පාලකයන් කටයුතු කර ඇත.

මෙරට ජනතාව දේශපාලන අංශයෙන් දරුණු අපේක්ෂා භංගත්වයකට ඇද වැටී ඇති ආකාරය ගැන ලියා තබමින් අද මෙම කතාව ආරම්භ කිරීමට හේතු වූයේ ඇයි? අද අපේ ජන අරගල අල වුවත්, මේ වන විට ලෝකයේ බොහෝ රටවල ජන අරගල මහත් උද්දීපනයකින් සිදුවන ආකාරය දක්නට හැකිය. පසුගිය සතියේ අප ඔබට ලියා තැබුවේ එවැනි සුවිශේෂ වගතුගක් වූ මෙම දිනවලදී යුරෝපයේ රටවල් රාශියක් පුරා සිදුවන මහා ජන අරගලය පිළිබඳවයි. එසේ නම් ඉන් ඔබ්බට අද ඔබට ලියා තබන්නේ මේ දිනවල ලෝකයේ එක් විශේෂිත රටක් තුළ සිදුවන අමුතුම ආකාරයේ ජන අරගලයකි. ජන අරගල ලෝක ඉතිහාසයට එක්වන මෙම අපූරු වගතුග කුමක්ද?

Sri Lanka Latest News

මෙම සුවිශේෂ වගතුග ඇසෙන්නේ දකුණු ආසියානු රටක් වන ඊශ්‍රායලය වෙතිනි. ඊශ්‍රායලය යනු ලෝකයේ තිබෙන ඉතා ධනවත් රටක් වෙයි. එනම් එම රටේ ජනතාව බොහෝ සුඛිත මුදිත ආකාරයෙන් ජීවත් වන පිරිසක් වෙති. යම් ප්‍රතිශතයක පිරිසක් පමණක් ධනවත් නොවන මට්ටමේ සිටියද එහි බහුතර පිරිස හොඳින් ධනය ඇති පිරිසක් වෙති. මෙහිදී ඊශ්‍රායලයේ ඒකපුද්ගල ආදායම ගත් කල අදහාගත නොහැකි තත්ත්වයක ඇත.

එනම් එරට 2023 ජාත්‍යන්තර නිල දත්තවලට අනුව එරට ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 55,535ක් වෙයි. මෙය ලෝක පෙළගැස්වීමට අනුව ලෝකයේ රටවල් අතරින් 13 වැනි ස්ථානයෙහි පසුවෙයි. එනම් ලෝකයේ අතිශය ධනවත් රටවල් අතරට එම දත්තය අයත් වෙයි. ස්වභාවික ඉන්ධන, ගෑස් නිධි, දියමන්ති නිධි සහ වෙනත් විවිධ වර්ගයේ කර්මාන්ත රාශියකින් සපිරි ඊශ්‍රායලයේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය (2023ට අනුව) ඇමෙරිකානු ඩොලර් බිලියන 534ක් වෙයි. ලෝක දත්තවලට අනුව පෙන්වා දෙන්නේ 2022 වසරේදී ලෝකයේ අතිසාර්ථක ආර්ථිකයන් තිබුණු රටවල් අතරින් සිවුවැනි ස්ථානයට ඊශ්‍රායලය පත්ව ඇති බවයි. ඊශ්‍රායලය ගත් විට එහි සංචාරක කර්මාන්තයද අතිශය උච්ච තත්ත්වයක තිබේ.

එනම් එහිදී හෙළිවන සුවිශේෂ කරුණ නම් මහා ආගමික ශාස්තෘවරයකු වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උත්පත්තිය ලැබූ ජෙරුසලම පිහිටා ඇත්තේ ඊශ්‍රායලය තුළ වීමය. මේ හෙයින් එම ඓතිහාසික ස්ථාන නැරඹීම සඳහා විදේශ සංචාරකයන් මිලියන ගණනින් එරටට පැමිණෙති. මේ සියලු කාරණා යටතේ ඊශ්‍රායලය යනු මහා ධන උල්පතකි. එහි විදේශ මූල්‍ය සංචිතයන්ද සිතාගත නොහැකි ආකාරයට ඉහළ මට්ටමක ඇත. මෙම සුවිශේෂ රට ගැන ලියන්නට තවත් බොහෝ දේ ඇතත් එයට ඉඩකඩක් නැත. මෙම තොරතුරු බිඳ ඔබට ලියා තැබුවේ අද ඔබට ලියා තබන මෙම කතාවට තවත් ජීවක් ලබාදීම උදෙසාය. දැන් එසේ නම් මෙලෙස මහා ධනවත් සශ්‍රීක රටක පසුගියදා ඇතිවුණු මහා ජන අරගලය කුමක්ද?

ඊශ්‍රායලයේ ජනතාව පසුගිය කාලයේ ලක්ෂ ගණනින් එක්ව මෙලෙස මහා උද්ඝෝෂණයන් සිදුකළේ අපේ රටවලට මෙන් කන්න බොන්න ඉල්ලා නොවේ. වැඩි වැටුප් ඉල්ලා නොවේ. එසේ නම් කුමක් උදෙසා ඔවුන් මේ වන විටත් එම සටන සිදුකරන්නේද? ඔවුන්ගේ එම ප්‍රධානතම ඉල්ලීම වූයේ එරට අධිකරණය රැකගැනීමේ මහා මෙහෙයුමයි. එනම් එරට වත්මන් රාජ්‍ය පාලනය විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම් කරන්නටත්, එසේම ශ්‍රේෂ්ඨාධිකරණයේ බලය තමන් අතට ලබාගැනීමටත් ගනු ලබන උත්සාහයක් හේතුවෙන් මෙම මහා ජන අරගලය ඇතිවන්නට විය. මෙය එක්තරා ආකාරයකින් ඉතා ප්‍රබල එමෙන්ම සංකීර්ණ ප්‍රශ්නයක් ලෙසට පෙනෙන්නට විය.

ඊශ්‍රායලයට ජනාධිපතිවරයකු සිටියද එරට වඩාත් බලගතු වන්නේ අගමැතිවරයාය. ඒ අනුව එරට වත්මන් අගමැතිවරයා වන්නේ දැනට 73 හැවිරිදි බෙන්ජමින් නෙතෙන්යාහු (Benjamin Netanyahu) ය. ලෝකයේ අතිශය ප්‍රබල රාජ්‍ය නායකයකු ලෙස සැලකෙන ඔහු ඊශ්‍රායලයේ තෙවතාවක් අගමැති ධුරය දැරූ එරට ප්‍රවීණ දේශපාලනඥයෙකි. ජනතා ඡන්දය හා මැතිවරණ හරහා ඔහු එලෙස බලයට පත්වුණේය.

එනම් 1996 සිට 1999, 2009 සිට 2021 සහ නැවත 2022 දෙසැම්බර් සිට මේ දක්වාද ඔහු අගමැති ධුරයේ සිටියි. බෙන්ජමින් නෙතෙන්යාහු යනු කාලයක් පුරා ජනතාව අතර ඉතා ප්‍රකට එසේම ජනතා අභිලාෂය දිනාගත් දේශපාලකයෙකි. වසර 10කට අධික කාලයක් අගමැති ධුරයේ රැඳී සිටීම මගින් එම ජනප්‍රියත්වය පෙනී යයි. දැන් එසේ නම් සිදුව ඇත්තේ කුමක්ද? දැන් එරට ජනතාව ලක්ෂ ගණනින් උද්ඝෝෂණ නගන්නේත්, කැරැලි ගසන්නේත් මෙම ජනප්‍රිය අගමැතිවරයාට එරෙහිවය.

ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු ප්‍රධාන වත්මන් රජය විසින් එරට තුළ අධිකරණ කටයුතු ප්‍රතිසංස්කරණයක් සිදුකරන්නට තීරණය කර තිබීම මෙම මහා අර්බුදයේ මූලාරම්භය වෙයි. මෙහිදී මූලික වශයෙන් චෝදනා එල්ල වී ඇත්තේ අගමැතිවරයාට වන අතර, ඔහුගේ තීරණයන් සහ ක්‍රමවේදයන් හරහා රජය විසින් මෙම නව ප්‍රතිසංස්කරණයන් ගෙන ඒමට කටයුතු කරන බවට ජනතාව දෝෂාරෝපණය නගන්නට වූයේය.

මෙම නව ක්‍රියාවලියේදී ප්‍රධානතම වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ මහාධිකරණයේ දැනට පවතින නීතිමය බලය ඉතා ප්‍රබල ලෙස අවම කිරීමට කටයුතු කිරීමට නව නීතිරීති සහ අණ පනත් සකස් කර තිබුණේය. මෙවැනි හිතුවක්කාර ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට හදිසියේම තීරණය කළේ කුමන හේතුවක් උදෙසාද? එහිදී ජනතාව සහ තවත් විවිධ පාර්ශ්ව විසින් චෝදනා කර සිටියේ බෙන්ජමින් නෙතෙන්යාහුට එරෙහිව මේ වන විට නැගී ඇති ප්‍රබල දූෂ්ණ වංචා චෝදනාවන්ය.

එලෙස ඉදිරියේදී තමන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයන් විසින් යම් තදබල තීරණයන් ගනු ඇතැයි තිබෙන බිය නිසා ඔහු මෙලෙස හදිසියේම අධිකරණමය ප්‍රතිසංස්කරණයක් ගෙන ඒමට කටයුතු කරන බවට දැඩි චෝදනා එල්ල විය. මේ නිසා නීතියෙන් ගැලවීම උදෙසා අගමැතිවරයා ඉතා ද්වේෂසහගතව මෙය සිදුකරන බවටද ජනතාව චෝදනා නගන්නට වූහ.

Sri Lanka Latest News

මෙම නව නීතිරීති සහ අණ පනත් මුලින් සකස් කරගෙන පසුව සම්මත කරගැනීමට උත්සාහ කරන්නේ මෙම 2023 ජනවාරි මාසයේ සිටය. කෙසේ හෝ එම තත්ත්වය අවබෝධ කරගත් ජනතාව 2023 ජනවාරි මාසයේ සිටම විවිධ විරෝධතා සිදුකරන්නට ගත්තේය. ඉන් පසුව දැනට මාස 04කට අධික කාලයක් ගතවී ඇතත් එම විරෝධතා මෙතෙක් නිමවී නැත. එනම් මෙම කියන මොහොතේදී පවා ඊශ්‍රායලය තුළ ඉතා උච්ච විරෝධතාවන් සිදුවෙමින් පවතියි. අප මේ මහා ජන අරගලයේ තතු ඉතා පැහැදිලිව සොයා බලමු. මෙම අරගලය නාමික වශයෙන් හඳුන්වා දී ඇත්තේ 2023 ඊශ්‍රායල අධිකරණ ප්‍රතිසංස්කරණ විරෝධතාව (Israeli Judicial Reform Protests) ලෙසිනි.

මෙලෙස ඊශ්‍රායල අධිකරණ ප්‍රතිසංස්කරණ විරෝධතාව සිදුවන්නේ කුමන ආකාරයකටද? මෙහිදී ජනතාව විසින් වීදි විරෝධතා සහ උද්ඝෝෂණ, වැඩවර්ජන, උපවාස මාලාවන් ආදිය සිදුකිරීමට කටයුතු කළහ. මෙම විරෝධතා මේ වන විට කඩින්කඩ මාස 04ක පමණ කාලයක් පුරා පැවැත්වෙයි. මෙහිදී විරෝධතා සංවිධාන කරනු ලබන විවිධ පාර්ශ්ව විසින් ජනතාව දැනුවත් කරනු ලැබුවේය. එහිදී ඔවුන් දැඩි ලෙස අවධාරණ්‍ය කර සිටියේ මෙම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළින් අධිකරණ ක්‍රියාවලියේ සැකැස්ම මුළුමනින්ම වෙනස් වන බවය.

එහිදී තේරීම් කමිටුවේ සැකැස්ම වෙනස් වනු ඇති අතර එමගින් විනිසුරුවරුන් පත්කිරීමේ පාලනය රජයට ඵලදායී වනු ැඅතිය. එසේම එහිදී බැරෑරුම් කාර්යයක් ලෙස සිදුවන්නේ මූලික නීතියක වලංගුභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් වළක්වනු ලැබීමය.

එසේම එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය අභිභවා යෑමට කටයුතු සැලසෙයි. තවද දැනට බලපවත්නා මූලික නීතියක් හෝ නිත්‍ය නීතියක් හෝ අවලංගු කර දැමීමේ වටපිටාවක්ද සැකසෙනු ඇතිය. එසේම මෙම ප්‍රතිසංස්කරණයන් හරහා දූෂිත දේශපාලකයන්ට නීතියෙන් රිංගා යෑමට පහසුවෙන්ම ඉඩකඩ සැලසෙන බව විවිධ පාර්ශ්ව චෝදනා කර සිටිති. එහිදී රාජ්‍ය පරිපාලනයට අවශ්‍ය ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රදාන විනිසුරුවරුන් පත්කිරීමටද අවකාශ සැලසෙනු ඇතිය.

එහිදී ඕනෑම බැරෑරුම් කාර්යයකදී පවා නීතිපති උපදෙස් පවා ප්‍රතික්ෂේප කිරීමේ වටපිටාවක්ද සැකසෙනු ඇතිය. මෙම වටපිටාවේදී සිදුවන බැරෑරුම්ම කාර්යය ලෙස හඳුන්වා දී ඇත්තේ එම ප්‍රතිසංස්කරණයන් මගින් අගමැතිවරයාටද අසීමිත බලයක් හිමිවීමය. යම් විටෙක තමන්ට එරෙහිව යම් දූෂණ වංචා චෝදනා ගොනු කළහොත් එම අපරාධවලින් ගැළවෙන්නට රාජ්‍ය නායකයන්ට මේ මගින් හැකි වන බවද පෙන්වා දී ඇත.

මෙම මහා ජන අරගලය අපගේ දෙනෙත් විස්මයට පත්කරන තරමටම පුදුමාකාරය. එම සේයාරූ දකින විට පෙනී යන්නේ ලක්ෂ ගණනක ජනතාව එකා මෙන් විශාල නගර තුළදී අරගලයෙහි නිරතව සිටින ආකාරයය. මෙම අවස්ථාවන්හි ගුවන් සේයාරූ දකින විට අපට එම විස්මය මහත් සේ පෙනෙයි. අප මෙම මහා ජන අරගලයේ ආරම්භයේ සිට පියවර කිහිපයක් ගැන සොයා බලමු.

මුලින්ම අරගලය ආරම්භ වන්නේ 2023 ජනවාරි 07 වැනිදාය. ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල් අවිව් නගරයෙන් විරෝධතාව මුලින්ම ආරම්භ වෙයි. ඉන් පසුව පෙබරවාරි 11 වැනිදා දක්වා නොකඩවා දින 34ක් අරගලය පැවැත්වෙයි. අග නගරයට අමතරව අනෙකුත් ප්‍රධාන නගරවලද ජන අරගලය පැවැත්වෙයි. එතැනින්ද නොනවතින අරගලය මාර්තු සහ අප්‍රේල් මාසවලදීද කඩින්කඩ පැවැත්වෙයි. අවසානයේදී මැය ිමාසය තෙක්ම අරගලය සාර්ථකව පැවැත්වෙයි.

මෙම ජන අරගලය සඳහා ඊශ්‍රායල කම්කරු පක්ෂය, ජාතික සමගි පක්ෂය ප්‍රධාන කරගත් තවත් ජනතා සංවිාධාන පහක් සහභාගි වී ඇත. එසේම කිසිදු සංවිධාන හෝ පක්ෂ සම්බන්ධතාවක් හෝ නැතිව ජනතාව ස්වාධීන වශයෙන්ද සහභාගි වෙති.

මෙතරම් ප්‍රබල ලෙස ජන අරගලය පැවැතියද රාජ්‍ය හමුදා පාර්ශ්ව විසින් විරෝධතාකරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ඉතා අවම වී ඇත. මෙසේ අරගලවලින් තුවාල ලැබූ පිරිස 30කට ආසන්න පිරිසක් පමණක් බවද පැවැසෙයි. අත්අඩංගුවට ගත් පිරිස 435ක් විය.

කෙසේ හෝ පසුගියදා ආරංචි වූ අලුත්ම පුවතකින් කියැවුණේ ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු තමන්ගේ මෙ අධිකරණ සංශෝධනය හකුලා ගැනීමට කටයුතු කරමින් සිටින බවය. ජනතාව එතරම් ප්‍රබලය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ඉතිං මොකේටද දං වළඳන්නේ, ඇබිත්තයා පාත්තරේ කොස් ඇට බැදං කාලා I Sri Lanka Latest News

Next Post

යුද්ධය දිනා අවුරුදු 14යි! ජනාධිපති රණවිරු සැමරුමට එක්වී දිවි පිදූ රණවිරුවන් සිහිකරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.