• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉතිං මොකේටද දං වළඳන්නේ, ඇබිත්තයා පාත්තරේ කොස් ඇට බැදං කාලා I Sri Lanka Latest News

May 19, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අඥානයනට පමණක් නොපෙනෙන තමන්ගේ අරුම පුදුම ඇඳුම ප්‍රදර්ශනය කිරීම සඳහා පෙරහැරින් වීදි සංචාරය කළ මහරජාණන්ගේ කතා පුවත නොදන්නෝ අපේ රටේ විරලයහ. හේවිසි හොරණෑකරුවන් සහිත නැට්ටුවන්ද පෙරදැරිව කොඩි ධජ සේසත් යටින් මෙන්ම රටේම මහජනයා මඟ දෙපස පෙළගැසී සිටිද්දී මහරජා ගරුගාම්භීර ලෙස හරියට අපේ නුවර පෙරහැරේ දියවඩන නිලමේ ගමන් ගන්නා සෙයියාවෙන් බරට අඩි තබමින් ගිය ආකාරය “පුහ්” බලා සිටින්නන්ට කොච්චර ආශික් වෙන්නට ඇත්ද?(Sri Lanka Latest News)

එහෙත් වැඩේ “වකූර්” වී ගියේ පොඩි එකකු “රජ්ජුරුවො හෙලුවෙං” නේදැයි තාත්තාගෙන් ඇසූ ප්‍රශ්නය දුරදිග යාමෙනි.

රටවැස්සා කියන දේ කුමක්දැයි වහා අවබෝධ කරගත් ඒ “ලොක්කා” නම් අහවල් එක නොහොත් “ටූල්” සැට් එක දෑතින් හෝ වස්ත්‍ර කැබැල්ලකින් හෝ “කවර්” කරගෙන පැත්ත පළාතේ නොසිට මාලිගාවටම ගියේ විළිලැජ්ජාව ඇති නිසා බව නම් උන්නැහේට ඇති ගෞරව පූරස්සකභාවය පෙරදැරිවම කිව යුත්තේමය.

ඒ ගෞරවය කිම්ද යත්,

මහජනයා කියන දේ එක සැරේටම තේරුම් ගැනීමට තරම් බුද්ධියක් හෝ සිහි කල්පනාවක් හෝ සමගම විළිලැජ්ජාව කියන දෙයක් උන්නැහේට තිබූ බව ඒ සිද්ධියේදී ඔහුගේ චර්යා රටාව “ඇනලයිස්” කර බලන කල හොඳටෝම පැහැදිලි වන නිසාය.

ඒකට අපේ බඩු. “කිරි ගහට මෝල් ගහෙන් තියා කෙළ මෝලෙන් ඇන ඇන” කීවත් වගේ වගක් නැත.

දැන් රටේ මිනිස්සුන්ට කන්න නැති බවට හතර අතින්ම සෑහෙන නොව නොසෑහෙන කාලයක් තිස්සේ සිටම මුරගානා හඬ ඇසෙන්නේය. මහ මිනිස්සුන්ට පමණක් නම් මදෑ, හයහතර නොදන්නා කිරිසප්පයන් පවා බඩගින්නේ අඬන විට දෙන්නට ඇත්තේ මුන්ගේ “ඇටකූරු” දැයි අසන්නට සිදුවී තිබේ.

රටේ තිස් ලක්‍ෂයකට වැඩි පිරිසක් දෙනා දවසේ තුන් වේලෙන් එක වේලක් කපාහැර ඇත්තෝ යැයි වාර්තා වේ. මන්දපෝෂණයෙන් පෙළෙන දරු පැටවුන් සංඛ්‍යාවද ඒ ගණන ඉක්මවා ඇත්තේමය. රටවැසියන්ට කෑම ටික සේම ලෙඩට දුකට බෙහෙත් හේත් ටික කලට වෙලාවට සපයාදීමද රට කරවන්නන්ට ඒ සඳහා බලය දුන් මහජනයා පැවරුව ප්‍රධාන වගකීමකි.

මේ වනවිට අත්‍යාවශ්‍ය ඖෂධ නැතැයි කියන “බණේ” බණක් නොව උදේ හවා ජප කෙරෙන මංත්‍රරාජයෙක්ව ඇත්තේය.

එහෙත් ඒ කාරණය දෙවැනි තැනට පත්ව දැන් ඉස්මතුවී ඇත්තේ මිනිසුන් “පොට්ට”භාවයට පත් කිරීම සඳහා අරූ “ගෙහෙඩියා” ඉන්දියාවටම ගොස් හොඳ කුට්ටියක් තියාගෙනම ‘පොට්ට බේත්’ ගෙනා බව කියන පුවතය. ඒ බෙහෙත්වලින් ප්‍රතිකාර කරනු ලැබූ රෝගීන්ගේ පෙනීම අඩුවී ඇතිබව වාර්තා කෙරේ. ඒ නිසා ඒ ඖෂධ භාවිතයෙන් ඉවත් කර ඇත්තේලු. මහජන සල්ලි ගසාකමින්ම මහජනයාට කරන මේ අපරාධය මේ රටේ ඉන්න (සිටින) දෙසිය ගණනින් එකකුට තබා දෙයියන්ටවත් නොපෙනෙන හැටි.

එහෙත් මුංනේ කටේ නරිවාදං, කෙළින පිස්සු.

පිස්සු කෙළින්නම උපන් එවුන් කෙළින පිස්සුවලට වඩා ඉවසන්න බැරි උන්නේ කටු සූප්පු කරන “කුක්කුර” පෝතකයන්ගේ “මියුරුහුඩු” ලෑම්ය. කොටියා කනවා ඉවසන්න පුළුවන් වුවත් බැරි කොහිල කටු ඇනෙන එකය.

රෝහිතයා පුරෝහිතයෙකි. ගොනාට අඳින ජොනා හරියට හනුමන්තා වගේය. අරූ වංශයක් තියා අංශයක්වත් නැති එකා දැන් ආයෙම දඟලන්නේ “ඔඩොක්කුවටම චක් ගුඩ්ඩා” පනින්න වගේය. ලජ්ජාවක් කියල දෙයක් තියෙන්න එපායැ. උන්ට මොන ලජ්ජාවක්ද? නේද?

Sri Lanka Latest News

හරි ඔය දේ ඇති. අපේ හංදියෙ කඩේ බඩ තඩි ලෙබ්බෙ මුදලාලි කියන්නහේ (කියනවා වාගෙ) “එල්ලාං ෂරි”ය. කටුලෙවි ලෝලී මාධ්‍ය කියන්නේ දැන් රටේ නෑ කියන්නට තරම් දෙයක් නැති තරම් බවය. ඔක්කොම තිබේ. තෙලුත් තිබේ. ගෑසුත් තිබේ. බිත්තරත් “ඕසෙට” (ඕනෑ පදං) තිබේ. නැත්තේ ඒවා පරිභෝජනේට මිනිසුන්ය.

ගිය fදාහේ අපේ පළාතේ වෙසක් එකට දන්සල් වැහි වැහැලාය. ඒ රටට කිරි ඉතිරිණු ලකුණු පේන්ට හෝ පෙන්වන්ටය. ඒ රනිල් මහත්තයා ආපු එකෙන් අපට පෑදිච්ච නොහොත් පාදා දුන් හතරමහ නිධානේ නිසා බව කියන්ටය. දන්සලකට රිංගා අපේ මහින්ද ලොක්කා ලෝස් නැතුවම කඩල බෙදූ බව ද ටැලිවිසොං පෙට්ටියෙන් දුටුම්හ. (ඒ දන්සල දුන් පුණ්‍යවන්තිය වනාහි විමල් අයියාගේ අක්කා බවද ඇසුණු කතාවකි)

ඕකේ ලස්සන කතාවක් ද තියේ.

මහජන ඡන්දයෙන් බලයට පත් (මහජනයා විසින් පසුව එළවා දමන ලද්දා වූද) මහින්ද ගොයියා එසේ කඩල බෙදන කල මහජනයා විසින් කුණු බක්කියටම තල්ලු කර දමන ලද කෙනා මේ රටේ අප (මහජනයා නියෝජනය කරමින්) වෙනුවෙන් මහා බි්‍රතාන්‍යයේ රාජාභිෂේකයට ගොස් කිරුළු පැලඳි රජ හා පයුරුපාසනයේ යෙදී සිටි අන්දම දක්නට තරම් අපේ නෙත් පින්කර ඇති බව පසක් විය. ඒ අපේ පුණ්‍ය මහිමයටමය. එවන් යුග පුරුෂයකු පහළ වූයේ අපේ කතපුඤ්ඤතාවයටමය. (පෙර කළ පිනට)

ඔය අන්දමට නැතත් “හිටං හුටං” ආවේ නහකුණු ගාගෙනය. “අරූ ආවනං මං අඩි හයක් පොළොව යට” යැයි කියාගෙනය. එසේ කියපු එකා අන්තිමට තොfඳාල් කර ඔඩොක්කුවටම ගත්තේය. පැත්තකින් තියන්නට වුණේ අධිකරණ තීන්දුවක් අනුවය. හිටං පාස්කු ප්‍රහාරයෙන් පස්ස පැත්තේ “ටිංකිරි” ගාගත්තේය. ඒවා නෝනා මාක් ටිංකිරිය. කවුරු හෝ එසේ නැතැයි කීවොත් ඒකත් පෙන්නන්න බැරිකමක් නැත. ඒ තරං ඒගොය්යා බයියා වගේය.

දැන් නාහෙන් අඬන්නේය. කබ කඳුළු පෙරන්නේය. හොටු සූරන්නේය. කෝටි ගණනක් ගෙවන්ඩ වුණේ පූරුවේ කරුමෙට යැයි කියන්නේය. හම්බකරපු දෙයක් නැතැයි දෙස්දෙවොල් තියන්නේය. එහෙත් එයාෆෝස් එතේ හිටිය මලයා පැන්සොන් ගිහින් දැන් ලක්සෙට නොව කෝටියට කොඩි දමා සිටින්නේය. කාමර සියයකද දාහකද හෝටලයක් විවෘත කරන බවට පුරසාරමක් ද දෙඩුවේය. ඉතින් පුතේ කෝටි දහය fදාළහක මලයට මොකක්ද? එයාගෙන්වත් කීයක් හරි ඉල්ලගත්තොත් නාකද? එහෙත් එසේ නොකර තම පළාතේ රිළව් ඝනත්වය ලක්‍ෂ ගණනින් වැඩිවී ඇතැයි වගපල කියන්නේය.

අපට එහෙව් සබ්බ සකල සෞභාග්ගිය පහළ කරදීමට එවන් යුගපුරුෂයෝ මෙන්ම පුරුෂියෝද කලින් කලට පලින්පල පහළ වෙත්. ඒ බව කියන්නට අමුඩ කෙටිය පවා පෙනෙන අන්දමට ඇඳිවත අංශක විසිතුනහමාරයි තව ඩිංගිත්තක් උඩට කැහැ (කැස) පොටගසා ගත් මාධ්‍ය උන්නැහේලාද සිටිත්.

පුරුසියෝ යැයි කියන්නේ එක් කලෙක අපේ චන්ද්‍රිකා නෝනා ද අපට කරන්නටම ආවාය. බලන්න එපායැ තොරණෙ විස්තරේ. හරියට වැනුවේ (වර්ණනා කළේ) විහාරමහාදේවි කොහෙfදා් යන ගමන පැත්තක දමා මෙහාටම කඩාපාත්වූ අන්දමටය. අපට කරන්නට දන්න ශිල්ප සියල්ලම දමා ඒ ඇත්තී කෙරුවාය. රැඟුවාය. ගෝඨලා මහින්දලා බුරුත්ත නයි පවා පෙන්නාගෙන පොහොට්ටුවක් අරං ආවත් ඇය අතේ තිබුණේ පිපුණු සුදු නෙලුමකි.

අන්තිමේදී බලන කල නටපු තොවිලෙකුත් නැත. බෙරේ බෑවකුත් නැත. ඉතුරු වුණේ වික්ටර් අයිවන් පෙන්නා දුන් චෞර රැජිණ පමණය.

කාන්තාවන්ද ප්‍රකාශ කළ පරිදි අනිත් යුගපුරුෂයා කාගෙවත් නොව අපේම මිනිහාය. අපට කන්න බොන්න නැතිවෙන තරමටම කෙරුවේය. අන්තිමට රටේත් නොසිට ඍර්ධි වූවේය. එසේ ඍර්ධි වෙන ගමනේදී පොකට් මනි වශයෙන් තිබී පොකට් එකෙන් හැලෙන්නට ඇති රුපියල් එක්කෝටි හැත්තෑ ලක්‍ෂයක් ද කොහෙද අපේ කොල්ලො ඇහිඳලා දුන්හ. ඒකට වෙච්චි දෙයක් දැන් අහන්නවත් කෙනකු නැති තරංය. ඇත්තට හැබෑවට මේ පොඩි එවුන් නරින්ට කුකුල්ළු බාරදීමේ විත්තිය අහලා නැද්ද?

ඉතින් ඔය නටපු ඒවා කෙසේ වෙතත් දැන් නටන සවුදං ගැන ඊයෙ පෙරේදා නිකුත් වූ මහබැංකු වාර්තාවෙන් එළිකර තිබේ.

රටේ සමස්ත ජනගහනයෙන් 14%කට වැඩි ප්‍රමාණයක් හෙවත් තිස්තුන් ලක්‍ෂයකට වැඩි ප්‍රමාණයක් දරිද්‍රතා රේඛාවෙන් පහළ මට්ටමේ සිටින බව දක්වන අතර එය නුදුරු අනාගතයේදී රටේ බිහිසුණු තත්ත්වයක් නිර්මාණය කරන බව කියයි.

ජනගහනයෙන් 68%ක් හෙවත් එක්කෝටි පනස් ලක්‍ෂයකට වැඩි දෙනකු වේල් තුනෙන් දෙවේලකින් පමණක් යැපෙන බවත් ඒකත් බඩගින්න නිවාගැනීම සඳහාවූ බුද්ධාගමේ කියන “කබලික” ආහාරවලින් බවත් කියති. රටේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරෙන මුදලින් 40%ක් අඩුකර ඇති බවද මහබැංකු වාර්තාව කියයි.

එසේ විස්තර සහිතව කීම ශිෂ්ට භාෂාවෙන් නම් නිරුවත දැක්වීමය. ගමේ උදවියගේ භාෂාවෙන් කියන්නේ නම් “රෙද්ද කඩා පෙන්නීමය”

එහෙව් කොට “අනේ ජෝන් ඉතිං තවත් මොන වන්නංද?”

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

අකුණු ගහද්දී ෆෝන් එක කනේ තියාගෙන ගිහින්! හබරණ තිදරු පියෙක් එතැනම මරුට (VIDEO) I Sri Lanka Latest News

Next Post

අධිකරණයට අත නොතබනු ප්‍රබල ඊශ්‍රායල් අගමැතිටයි-ආණ්ඩුවටයි එරෙහිව මුළු රටම පාරට බහී දැන් මාස ගණනක් උන් මහ පාරේ අරගල කරයි I Sri Lanka Latest News

MORE NEWS

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News
Exclusive

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේට සතියක් හිරේ ඉන්නකොට කෙඳිරි ගෑවෙන්න පටන් අරන්... සැලසුම හෙළිවෙනකොට සලේ කියනවා රාබුත් එක්ක බත් දෙන්නේ කියලා...- වසන්ත මුදලිගේ...

Read more
ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.