2105 චැඩ්, 2002 මෝල්ඩෝවා, 2005 ඩොමිනිකන් රිපබ්ලික්, 2007 ඉරාකය, 2007 බර්ලීස්, 2010 සීෂෙල්ස්. 2017 මොංගෝලියාව, 2020 ඉක්වදෝරය යන රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත්තද ඒ කිසිදු රටක් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකග නොවුණු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
එසේ තිබියදී ලංකාව පමණක් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකග වූයේ මන්ද යනුවෙන් හෙතෙම ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේය.










