ඉදිරි දින කිහිපය තුළ ආණ්ඩුකාර තනතුරෙන් ඉවත්වීමට සිදුවනු ඇති බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි.
ඊයේ (06) ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති වෙසක් උත්සවයකදී ඇය මේ පිළිබඳව සඳහන් කළාය.
අදාළ උත්සවය අමතමින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසා ඇත්තේ නැගෙනහිර පළාත තුළ තමන් සිදුකරන අවසන් කතාව මෙය වනු ඇති බවය.










