• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජපක්ෂලා බණ්ඩාරනායකලා එක්වෙයිද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

February 8, 2020
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
රාජපක්ෂලා බණ්ඩාරනායකලා එක්වෙයිද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Sri Lanka's Prime Minister Mahinda Rajapaksa (R) smiles next to wife Shiranthi Rajapaksa (C) and former president Chandrika Kumaratunga (L) as they attend Sri Lanka's 72nd Independence Day celebrations in Colombo on February 4, 2020. (Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

Share on WhatsAppShare on Facebook

2015 ජනාධිපතිවරණ පරාජයට පසු රාජපක්‍ෂවරු ඉන්දියාවට බරපතළ චෝදනාවක් එල්ල කළහ. එනම් චන්‍ද්‍රිකා සහ මෛත්‍රි එකතු කොට මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව කඩන්න ඉන්දීය බුද්ධි අංශ ලොකු කාර්යභාරයක් කළා කියාය. ඔවුන් චෝදනා කළේ ඉන්දීය බුද්ධි අංශ චන්ද්‍රිකාව මෙහෙය වූ බවටය. ඉන්දියාවට එලෙස චෝදනා කළ රාජපක්‍ෂවරුන්ට පසුගියදා ඉන්දීය මහ කොමසාරිස් නිල නිවෙසේ පැවැ ති වත්මන් ඉන්දීය මහ කොමසාරිස්ගේ සමුගැනීමේ සාදයේදී චන්ද්‍රිකා හමුවිය. මහින්ද සහ ශිරන්ති චන්ද්‍රිකා සමඟ දිගු වේලාවක් අල්ලාප සල්ලාපයේ යෙදුණාහ. එම හමුවෙන් පසුව නිදහස් උළෙලට චන්ද්‍රිකාට රාජපක්‍ෂවරුන්ගෙන් ආරාධනා ලැබිණි. චන්ද්‍රිකා එම ආරාධනාව භාරගෙන නිදහස් සමරු උළෙලට ගොස් රාජපක්‍ෂවරුන් අසලින්ම අසුන්ගෙන සිටියාය.
චන්ද්‍රිකාට සමීප ආරංචි මාර්ග කියන්නේ මේ දවස්වල චන්ද්‍රිකාගේ ප්‍රධානතම මාතෘකාව මෛත්‍රිපාල සිරිසේන සහ රාජපක්‍ෂවරු සංසන්දනය කිරීම බවය. මහින්දට සමීප ආරංචි මාර්ග කියන්නේ චන්ද්‍රිකා සහ රාජපක්‍ෂවරුන් හමුවූ විටදීද දෙගොල්ලන්ගේ ප්‍රධාන මාතෘකාව මෛත්‍රිපාල සිරිසේන යැයි කියාය. මෛත්‍රිපාල මේ දෙගොල්ලන්ටම කොකා පෙන්වූයේය. වරක් ශ්‍රීපති සූරියආරච්චිත්, අනුර බණ්ඩාරනායකත් කීවේ බණ්ඩාරනායකවරුත්, රාජපක්‍ෂවරුත් කෙටෙව්වේ මෛත්‍රිපාල කියාය. එය මෛත්‍රිගේ ‘සත්තයි, ඇත්තයි ‘පොතේ සඳහන් වෙයි. එහි සඳහන් වන්නේ 2005 ජනාධිපතිවරණයේදී මහින්ද පරාජය කරන්න එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා කුමන්ත්‍රණය කරන බව ඔහු මහින්දට වක්‍රව කී බවය.
මහින්ද චන්ද්‍රිකාට වෛර කරන්න පටන් ගත්තේ ඉන් පසුවය. මහින්ද ජනාධිපති වූ විගස චන්ද්‍රිකාව නායකත්වයෙන් ඉවත් කරන ගේම ගැහුවේ පක්‍ෂ ලේකම් ලෙස මෛත්‍රිපාලය. පක්‍ෂ නායිකාව වශයෙන් ඇය පක්‍ෂයෙන් මධ්‍යම කාරක සභාවට පක්‍ෂ සම්මේලනයට ඒම වළක්වන්න ඇයට යවන ආරාධනා පත්‍රය හංගාගෙන හිටියේ මෛත්‍රිය. චන්ද්‍රිකා රටේ නොමැති වේලාවේ මහින්දව වැඩ බලන පක්‍ෂ සභාපති ලෙස නම් කළේත් මෛත්‍රිපාලය. චන්ද්‍රිකාගේ උපන් දින දවසේ ඇයව පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කරන ලිපිය යැව්වේත් මෛත්‍රිපාලය. මෛත්‍රිපාල පක්‍ෂ ලේකම් ලෙස මේ තීරණ ගත්තේ මහින්ද සහ රාජපක්‍ෂලාගේ උපදෙස් මත වුවත් අනුර බණ්ඩාරනායක කියන්නේ චන්ද්‍රිකා සහ මහින්ද අතර ගැටුම උග්‍ර කරන්න මෛත්‍රි සුවිශාල කාර්යභාරයක් ඉටු කළ බවය. 20-08-2006 දින අනුර බණ්ඩාරනායක මෛත්‍රිපාලට චෝදනා කරමින් යවපු ලිපියෙන් මෙසේ සඳහන් වෙයි.

‘ඔබව දේශපාලනයෙන් හදා වඩා ඔබව ඇමැතිවරයෙක් බවට පත් කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියට ඔබ කර ඇති තීන්දුව සුළුපටු නොවේ. ඔබ වැනි ගුණමකු මිනිසකු මා මීට පෙර දැක නැත. ඔබ ඇය ජනාධිපති ධුරයේ සිටියදී කී චාටු කතා මට හොඳට මතකය…’

අනුරගේ මේ ලිපියට පසු චන්ද්‍රිකාද මෛත්‍රිට සැර ලිපියක් ලියමින් කීවේ ඇයව පක්‍ෂ නායකත්වයෙන් පන්නා දැමීමේ කුමන්ත්‍රණයේ මෛත්‍රිපාල ප්‍රධාන චරිතයක් බවය.

එදා…

මෛත්‍රිපාල බණ්ඩාරනායකවරුන් පක්‍ෂයෙන් පන්නා දැමීමේ රාජපක්‍ෂවරුන්ගේ කුමන්ත්‍රණයේ ප්‍රධාන චරිතයක් රඟපෑවේ නිකම්ම නොවේ. ඔහු හිතුවේ මහින්දගේ ආණ්ඩුවේ අගමැති වී මහින්දගේ දෙවැනි නිල කාලය අවසන් වන විට ජනාධිපතිවරණයට තරග කරන්නටය. ඒකට පක්‍ෂය අරක්ගෙන සිටින බණ්ඩාරනායක පවුල පන්නා දැමීමට මහින්දට සහාය දිය යුතු යැයි ඔහු සිතුවේය. ඒ වන විට රාජපක්‍ෂ පවුල පක්‍ෂය තුළ මුල්බැසගෙන සිටියේ නැත. රාජපක්‍ෂ පවුල පක්‍ෂය තුළ මුල් බැසගත්තේ 2009 යුද ජයග්‍රහණයට පසුවය. රාජපක්‍ෂ පවුල පක්‍ෂය තුළ මුල් බැසගෙන මහින්දට තෙවැනි වතාවටත් ජනාධිපතිවරණයට තරග කළ හැකි ලෙස 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත් විට මෛත්‍රිපාලගේ අගමැති සහ ජනාධිපති සිහිනය එතැනින්ම බොඳ විය. ඔහු රාජපක්‍ෂවරුන්ට එරෙහිව චන්ද්‍රිකා සමඟ ගනුදෙනු කරන්න පටන් ගත්තේ ඉන් පසුවය. චන්ද්‍රිකා මුලින් මෛත්‍රිව විශ්වාස නොකළත් මෛත්‍රි රාජපක්‍ෂලාට එරෙහිව කේලාම් කියා රාජපක්‍ෂවරු පන්නා සන්ධානයේ පොදු අපේක්‍ෂකකම ලබා ගන්න චන්ද්‍රිකාව එකඟ කරවා ගන්න සමත් විය. මෛත්‍රිව විශ්වාස කළ හැකිදැයි රනිල් අහද්දි චන්ද්‍රිකා කීවේ ඇය මෛත්‍රිපාල ගැන ‘ගැරන්ට්‘ කරනවා කියාය.
අන්තිමේදී චන්ද්‍රිකාගේ කට වචනයට රනිල් මෛත්‍රිට පොදු අපේක්‍ෂකකම දෙන්න යූඇන්පීය එකඟකර ගත්තේය. මෛත්‍රි චන්ද්‍රිකාට පොරොන්දු වූයේ ජනාධිපතිවරණය ජයගත් විගස ශ්‍රීලනිප නායකත්වය චන්ද්‍රිකාට භාර දෙන බවය. හැබැයි මෛත්‍රි ජනාධිපති වූ විගස ශ්‍රීලනිප නායකත්වය ඔහු ගත්තේය. එතැන් සිට ඔහු බැලුවේ චන්ද්‍රිකාව පක්‍ෂයෙන් කොන්කොට රාජපක්‍ෂවරු හිරේ දමා 2019 ශ්‍රීලනිප ජනාධිපති අපේක්‍ෂක වෙන්නටය. ඒ ප්ලෑන හරි නොයන බව තේරුම් ගිය විට ඔහු මහින්දගේත්, රාජපක්‍ෂලාගේත් හිත දිනා ගන්න චන්ද්‍රිකාට ගහන්න පටන් ගත්තේය. යළිත් චන්ද්‍රිකාට පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්වීම්වලට ආරාධනා නොකරමින් 2006දී රාජපක්‍ෂලා එක්ක පක්‍ෂ ලේකම් ලෙස ගහපු ගේම පක්‍ෂ සභාපති ලෙස රාජපක්‍ෂලා පිනවමින් ගහන්න පටන් ගත්තේය. 2006දී වගේම චන්ද්‍රිකා ආපහු මෛත්‍රිට සැර ලියුම් ලියන්න පටන් ගත්තාය. චන්ද්‍රිකා මෛත්‍රිපාලවයි, මහින්දවයි සංසන්දනය කරන්න පටන් ගත්තේ එතැන් සිටය. 2019 ජනාධිපතිවරණයට පසු පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට පක්‍ෂ මූලස්ථානයට ආ චන්ද්‍රිකාට ‘හූ’ කියෙව්වේ මෛත්‍රිපාලය. ඉන්පසු කොළඹ ගාලුමුවදොර පැවැති බණ්ඩාරනායක ජන්ම දින උළෙලටවත් මෛත්‍රි චන්ද්‍රිකාට ආරාධනා කර තිබුණේ නැත. මෛත්‍රි චන්ද්‍රිකාව අත්තනගල්ල සංවිධායක ධුරයෙන්ද ඉවත් කරනු ලැබීය. මෛත්‍රි චන්ද්‍රිකාට ගැහුවේ ශ්‍රීලනිපය තුළ රාජපක්‍ෂවරුන්වත් ඉවර කරන්න බැරි වූ බණ්ඩාරනායක නාමය තමන්ට පවරා ගන්නටය. තවමත් මේ රටේ බණ්ඩාරනායක නමට ඡන්ද තිබේ. චන්ද්‍රිකා පක්‍ෂයට ආවොත් ඒ ඡන්ද චන්ද්‍රිකාගේ නමට යනවාට මෛත්‍රි බයය. මෛත්‍රිට ඕනෑ ඒ ඡන්ද රාජපක්‍ෂලාට විකුණලා තමන්ට තැනක් හදා ගන්නටය. අනෙක මෛත්‍රි හිතන්නේ රාජපක්‍ෂලා සහ බණ්ඩාරනායකලා යළි කවදාවත් එකතු වන්නේ නැහැ කියාය.
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සාදයේදී මහින්ද සහ චන්ද්‍රිකා හමුවන්නේ මේ අතරමැදදීය. මහින්දලාටත් දැන් මෛත්‍රිපාල හිසරදයක් වෙමින් තිබේ. මෛත්‍රි මහ මැතිවරණයට පොදු සන්ධානයකින් තරග කළ යුතු යැයි කියමින්, එම සන්ධානයේ සම නායකත්වය තමන්ට දිය යුතු යැයි කියමින් ගණන් පෙන්වයි. එසේම 2006 මහින්ද සහ චන්ද්‍රිකා කොටවා, චන්ද්‍රිකාව විනාශ කරන්න හැදුවා සේ, 2015දී මහින්ද සහ චන්ද්‍රිකා කොටවා මහින්දව විනාශ කරන්න හැදුවා සේ දැන් මහින්ද සහ ගෝඨාභය කොටවන්න මාන බලමින් සිටී. ඔහු ගෝඨාභයගේ ගුණ වයමින් ගෝඨාභයගේ දෑත් ශක්තිමත් කළ යුතු යැයි කියන්නේ ගෝඨාභය ලවා මහින්දව කොන්කරවා එතැනට ඔහු එන්නටය. එහෙත් මෛත්‍රිගේ ගැටවලට දැන් බණ්ඩාරනායකලාත්, රාජපක්‍ෂලාත් අහුවන්නේ නැත. මහින්දලාට ඕනෑ චන්ද්‍රිකාව පාවිච්චි කොට මෛත්‍රිපාලව විනාශ කරන්නටය. මෛත්‍රිපාලගේ ගණන් බස්සන්නටය. හේතුව විපක්‍ෂයේ සිටියදී මෙන් නොව ආණ්ඩුවක සිටියදී ශ්‍රීලනිපයෙන් පොහොට්ටුවට ආ බණ්ඩාරනායකවාදී ශ්‍රීලනිප පාක්‍ෂිකයන් තමන් ගැන කලකිරෙන්න තියෙන ඉඩ වැඩි බව රාජපක්‍ෂවරුන් දනී. ඇමැතිකම් නොලබන පොහොට්ටු මන්ත්‍රිවරුන් පරණ ශ්‍රීලනිප අතීතය අලුත් කරගෙන මෛත්‍රිට සෙට් වෙන්න තියෙන ඉඩත් වැඩි බව ඔවුන් දනී. 2015දී බිහි වූ මෛත්‍රිපාලලා, දුමින්දලා යළි බිහි නොවෙන්න ගේම ගහන්න ඕනෑ බව රාජපක්‍ෂවරුන් දනී.
ශ්‍රීලනිපයේ ජාතික චින්තන මතවාදයේ නිර්මාතෘ ආචාර්ය නලින් ඩී. සිල්වා පොහොට්ටුවට එරෙහිව ශ්‍රීල.නි.ප. උස්සන තර්ක ඉදිරිපත් කරන්නේ නිකම්ම නොවන බව රාජපක්‍ෂලා දනී. ආණ්ඩුව ගැන කලකිරෙන පොහොට්ටු දේශප්‍රේමීන් ශ්‍රීල.නි.ප.ය වටා පෙළගස්වන්න ඔහු මතවාදයක් හදමින් සිටී. එහිදී ඔහු උත්සාහ කරන්නේ පොහොට්ටුව තුළ මහින්ද සහ බැසිල් සිරකොට ගෝඨාභයව ශ්‍රීල.නි.ප.යේ නායකත්වයට ගෙන ඒමටය. ඔහුගේ තර්කයට ගැළපෙන්න මෛත්‍රිපාලගේ ගෝලයන්ද, මෛත්‍රිපාලද ගෝඨාභයව වර්ණනා කරමින් සිටී. අනෙක් අතට ඉදිරියේදි ආර්ථික අර්බුදයට මුහුණ දීමට ජාත්‍යන්තර බලවේගවලට හිස නමන්න ආණ්ඩුවට සිදුවුවහොත් ගෝඨාභයව බලයට ගෙන ආ දේශප්‍රේමී බලවේගවලට යන්න පුළුවන් හොඳම නැවැතුම්පොළ ශ්‍රිල.නි.ප.යය.
ඒ නිසා චන්ද්‍රිකා තුළ තියෙන මෛත්‍රි වෛරය මේ වේලාවේ රාජපක්‍ෂලාට මිල කළ නොහැකිය. චන්ද්‍රිකාටත් ඕනෑ මෛත්‍රිට පාඩමක් උගන්වන්නටය. මෛත්‍රිගේ අවස්ථාවාදයෙන් තම පියා හදපු පක්‍ෂය බේරා ගැනීමටද ඇයට වුවමනා විය හැකිය. ඉතින් යළිත් රාජපක්‍ෂවරු සහ බණ්ඩාරනායකවරු එක් වුවහොත් පුදුම විය යුතු නැත. හේතුව දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නැත.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

නවම් මහේ දහම් සිසිල ගලන ආණමඩුව ශ්‍රී ආනන්දාරාමය

Next Post

රනිල් ‌දේශපාලනය අතහරී: ‌ලොකු තනතුරකට පිටරට යන්න හදයි (රාජ්‍ය රහස්)

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.