• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝ ‌ගෝඨාගේ ‘ඉ‌කොනොමි ‌වෝ’ (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

January 24, 2020
in Exclusive, Gurudawa
Reading Time: 1 min read
A A
කෝ ‌ගෝඨාගේ ‘ඉ‌කොනොමි ‌වෝ’ (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

“ගෝඨා’ස් වෝ” නම් වූ පොත ලිව්වේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්ද්‍රප්‍රේමය. ඔහු ඒ පොතෙන් කියන්නේ ‌ගෝඨාභය යුද්ධය කළමනාකරණය කළ හැටිය. ඔහු කියන්නේ ගෝඨාභය යුද හමුදාවත්, නාවික හමුදාවත්, ගුවන් හමුදාවත් සම්බන්ධීකරණය කොට යුද්ධය ජයග්‍රහණය කරා ගෙන ගියා යැයි කියාය.
යුද්ධය ජය ගන්න නම් සරත් ෆොන්සේකා යුද හමුදාපති කළ යුතුය යන දැඩි මතයේ ගෝඨාභය සිටි බව චන්ද්‍රප්‍රේම කියයි. ඒ වගේම හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා දක්‍ෂයන්ට ඉදිරියට එන්න අවස්ථාව දිය යුතු යැයි ෆොන්සේකා හැමදාමත් දරපු මතය ජනාධිපතිවරයා ලවා ක්‍රියාත්මක කෙරෙව්වේ එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභයය. යුද හමුදාපති, ගුවන් හමුදාපති, නාවික හමුදාපති අතර ගැටුම් ඇති වූ විට ඒවා බේරුම් කළේත් ගෝඨාභය යැයි චන්ද්‍රප්‍රේම සිය පොතෙන් කියයි. චන්ද්‍රප්‍රේම කියන්නේ ගෝඨාභය නැතිනම් යුද ජයක් නැහැ කියාය. එහෙව් ගෝඨාභය අද රටේ ජනාධිපති ධුරයට පත්වී තිබේ. අද ඔහුට ජය ගන්න උතුරේ යුද්ධයක් නැත. ඒත් ඔහු ආරක්‍ෂක ලේකම් වන විට උතුරේ යුද්ධයටත් වඩා භයානක යුද්ධයක් අද රටේ තිබේ. ඒ ආර්ථික යුද්ධය නොහොත් ‘ඉකොනොමි වෝ’ එකය.
ගෝඨාභය ජනාධිපති වී ඔහුගේ ආණ්ඩුව බලයට පත්වී පහුගියදාට මාස දෙකකි. 2019 ජනාධිපතිවරණයේදී මිනිස්සු ගෝඨාභයට ඡන්දය දුන් පළමු හේතුව ජීවන වියදමය. ඒත් ජනාධිපතිවරණය ජයගෙන මාස දෙකක් ගතවී ඇතත් ජීවන වියදම මෛත්‍රි – රනිල් ආණ්ඩුවටත් වඩා අහස උසට ගිහින්ය. එළවළු මිල ඉතිහාසයේ කවදාවත් නැති විදියට ඉහළ ගොස් තිබේ. සහල් මිලත් එසේමය. අනෙක් අතට ජනාධිපතිවරණයේදී ගොවීන්ට පොරොන්දු වූ ඔවුන්ගේ වගාවන්ට දෙන ඉහළ මිලද තවම නිවුස් පමණි. රටපුරා පොහොර හිඟයක් පවතී. ඉන්ධන මිල වැඩි කරන්න වෙන බව ඇමැතිවරුම කියති. වතුර බිල ඉහළ දමන බව වාසු කියා සිටියේය. රාජ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනා කපා තිබේ. විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කරන්න මෛත්‍රි – රනිල් ආණ්ඩුව ගෙන ආ යෝජනා අවලංගු කොට තිබේ. පොහොට්ටුවම ජනතාවට තිත්ත කළ ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කරන බවට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හඬනඟයි. පාඩු ලබන රාජ්‍ය ආයතන ගොඩගන්නා සැලසුමක් පේනතෙක් මානයේ නැත. විදේශ ආයෝජකයන් ගෙන්වා ගන්නා වැඩපිළිවෙළක්ද පේන්න නැත. විදුලි අර්බුදය එහෙමමය. ඉදිරියේදී ලයිට් කපන්න වේ යැයි නිලධාරීන් අනතුරු අඟවයි. මෛත්‍රි – රනිල් ආණ්ඩුව පටන් ගත් නුවර අධිවේගී මාර්ගය අවසන් කරන්න සල්ලි නැහැ යැයි ආණ්ඩුවම කියයි. මහින්දගේ ආණ්ඩුව පටන්ගත් ව්‍යාපෘති නතර කරලා යැයි එදා පොහොට්ටුව මෛත්‍රී – රනිල් ආණ්ඩුවට කෑමොර දුන්නේය. එවිට මෛත්‍රි-රනිල් ආණ්ඩුව කීවේ මහින්දගේ ආණ්ඩුව එම ව්‍යාපෘතිවලට මුදල් ගෙවා නැති බවත්, භාණ්ඩාගාරයේ සල්ලි ශතපහක්වත් නැති බවත්ය. අද මේ ආණ්ඩුව කියන්නේත් මෛත්‍රි-රනිල් ආණ්ඩුව පටන්ගත් පාරවල් ඉවර කරන්න සල්ලි නැහැ කියාය. මේ හැමටත් වඩා මේ වසරේ ආණ්ඩුව චීනය ඇතුළු ණය ගත් ආයතනවලට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8ක් මේ වසරේදී ගෙවිය යුතුය. එම බිලියන 4.8 ගෙවන ක්‍රමයක් හෝ සැලසුමක් තියෙනවද දන්නේ නැත.
ඩොලරය තවත් උඩය. කොටස් වෙළෙඳපොළ නට්ටන්ය.
මේවාට මාස දෙකෙන් විසඳුම් දෙන්න ආණ්ඩුවකට හෝ ජනාධිපතිවරයකුට බැරිය. හැබැයි ඒවාට විසඳුම් හොයන බවවත් ජනතාවට පේන්න තිබිය යුතුය.
ගෝඨාභය 2005දී භාර ගත්තේත් අවුරුදු 22ක් පරණ යුද්ධයකි. හැබැයි ලංකාවේ ආර්ථික යුද්ධය ඊටත් පරණය. උතුරේ යුද්ධය දිනන්න බැරි වුණේ යුද්ධය දිනන්න බැහැ කී හමුදා නායකයන්, ඔවුන් අක්‍රීය කොට දුර්වල කළ හමුදාව, දුර්වල අදක්‍ෂ බුද්ධි අංශ, දූෂිත අවි ගනුදෙනු, වයස්ගත වැටුපට වැඩ කරන සම්ප්‍රදායික හමුදා නිලධාරී තන්ත්‍රය වැනි හේතු නිසාය. ආර්ථික යුද්ධය ජයගත්තත් බැරි ලෝක බැංකුවෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න නම් සහන කපන්න ඕන කියන සහ මුදල් අමාත්‍යාංශයේ අකාර්යක්‍ෂම නිලධාරීන්, මහින්දගේ ආණ්ඩු කාලයේ සිට බැඳුම්කර ගනුදෙනු කළ මහ බැංකුවේ දූෂිත නිලධාරීන්, රාජ්‍ය සේවය නොව දේශපාලන සේවය කරන රාජ්‍ය ආයතනවල සභාපතිවරු, රාජ්‍ය ආයතනවල දූෂණය, නාස්තිය, රාජ්‍ය සේවයේ අතිරික්ත සේවකයන්, වැඩ වර්ජන, රේගුවේ දූෂණ, ආදායම් බදු දෙපාර්තමේන්තුවේ දූෂණ, අලස රාජ්‍ය සේවය යනාදී මෙකී නොකී බොහෝ දේය.
ගෝඨාභය යුද්ධය දිනන්න යුද හමුදාවට භාර දුන්නේ ලංකාවේ දක්‍ෂතම, දරුණුතම සෙන්පතියා වූ ෆොන්සේකාටය. නාවික හමුදාව භාර දුන්නේත්, ගුවන් හමුදාව භාර දුන්නේත් වැඩකාරයන්ටය. ඒ වගේම ආර්ථික යුද්ධය ජය ගන්න නම් මහ බැංකුව මුදල් අමාත්‍යාංශය සහ රජයට ආදායම් උපදවන ආයතනවලට ෆොන්සේකලා, කරන්නාගොඩලා, ගුණතිලකලා වගේ ආර්ථික ක්‍ෂේත්‍රයේ දක්‍ෂ, නිර්භය ජෙනරාල්ලා පත්කළ යුතුය.
ඉන්දියානු ඉතිහාසයේ ප්‍රකට කතාවක් තිබේ. එනම් රජ්ජුරුවන්ට තමන්ගේ හමුදාවටත් වැඩිය බදු රැස් කරන නිලධාරීන් වැදගත් බවය. හේතුව හමුදාවට වැටුප් ගෙවන්නෙත් ඒ බදු නිලධාරීන් එක්රැස් කරන සල්ලිවලින්ය.
‘රජ්ජුරුවන් වෙනුවෙන් රට රකින්නේ මේ හමුදාව වූවාට රජ්ජුරුවන්ට වඩාත් වැදගත් බදු හමුදාවය.’
මේ ඒ ප්‍රකට කියමනය. එහෙම බලන කොට ගෝඨාභයට ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ රේගුව පෙනිය යුත්තේ හමුදාවක් ලෙසය. මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගුව ආර්ථික යුද්ධයේ ත්‍රිවිධ හමුදාවය. එහි සේවය කරන්නන් හමුදා භටයන් සේ දක්‍ෂ සහ කඩිසර විය යුතුය. උතුරේ යුද්ධයේදී හමුදාවෙන් අවශ්‍ය පළමු වැන්න රණකාමීත්වයය. ආර්ථික යුද්ධයේදී අවශ්‍ය පිරිසුදුකමය. අල්ලසට යට නොවන පිරිසුදුකමය.
‘කවුද ගෝඨාගේ ආර්ථික යුද්ධයේ ජෙනරාල්ලා…?’
ජනතාව බලා සිටින්නේ ඒ දෙසය. ඇත්තටම ආර්ථික යුද්ධය උතුරේ යුද්ධයට වඩා දරුණුය. ඒකට කකුල් කැඩිච්ච අශ්වයෝ දමල හරි යන්නේ නැත. ඒ ජෙනරාල්ලා ලංකාවෙන් හොයා ගන්න බැරි නම් පිටරටින් හරි හොයාගත යුතුය. ඉන්දියාවේ මෝඩි එරට ආර්ථික යුද්ධය ජය ගන්න උපදෙස් ගත්තේ එරට ධන කුවේරයන් වන අම්බානිලාගෙන්ය. කොම්පැනියකින් ලාභ හොයන හැටි දන්නේ ව්‍යාපාරිකයන්ය. අද ලංකාවේ පාඩු ලබන ආයතන සියල්ල 1956ට පෙර ලාභ උපයපු පෞද්ගලික ව්‍යාපාරයය. එක්කෝ මේ ආයතන පෞද්ගලික අංශයට දිය යුතුය. නැතිනම් පෞද්ගලික අංශයේ සිටින ව්‍යාපාරිකයන් ලවා මේ ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතුය.
‘ගෝඨා කොහොමද ඕවා කරන්නේ? ආර්ථිකය භාර මහින්දටනේ…’
කාට හෝ කියන්න පුළුවන ගෝඨාභය යුද්ධය කළේ මහින්ද ආරක්‍ෂක ඇමැතිව සිටියදීය. ඉතින් මහින්ද මුදල් ඇමැතිව සිටියදී ගෝඨාභයට ආර්ථික යුද්ධය කරන්න බැහැ කියනවා නම් බොරුය.
‘හැබැයි ඔය යුද්ධ කරන්න ගිහින් මහින්දගේ ඡන්ද පදනම කැඩෙයිද?’
මහින්දගේ ඡන්ද පදනම රාජ්‍ය ආයතන නොවිකුණන, රාජ්‍ය සේවකයන්ට සහන දෙන, වැඩවර්ජන ඉවසන, සුබසාධනවාදී ආර්ථිකයකට කැමැති ඡන්ද පදනමකි. මේ පදනම හැදුවේ 1956 එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකය. ඇත්තටම ලංකාවේ ආර්ථික යුද්ධයේ නිර්මාතෘ බණ්ඩාරනායකය. උතුරේ යුද්ධය නිර්මාණය වූයේ 83 ජූලි කලබලවලින්ය. ආර්ථික යුද්ධය නිර්මාණය වූයේ බණ්ඩාරනායක ලාභ ලබන පෞද්ගලික ආයතන රජයට පවරාගෙන ඒවාට දේශපාලන හෙංචයියන් පත්කරන්න ගිහින්ය. රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීම පටන්ගත්තේ බණ්ඩාරනායකය. යුද්ධයේ මුල එතැනය. 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභයට ලැබුණු ඡන්ද ලක්‍ෂ 69න්, 58ක්, ඒ බණ්ඩාරනායක ප්‍රතිපත්තියට ජය වේවා කියන අයය. හැබැයි ලක්‍ෂ 11ක් ගෝඨාභයට ආර්ථික යුද්ධයට යන්න අණ දුන්න ඡන්දදායකයන්ය. ගෝඨාභය දින්නේත් මහින්ද අගමැති වුණේත් ඒ ඡන්ද ලක්‍ෂ 11නිසාය. ඒ ඡන්ද ලක්‍ෂ 11 අර ලක්‍ෂ 58 අස්සේ පරෙස්සමට තියන්න ගියොත් වෙන්නේ වක්කඬේ හංගපු හකුරුවලට වෙච්ච දේය.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

බිටුමික්ස් සිසු සෙනෙහස පස්වැනි සංවත්සරය සමරයි

Next Post

අයියාට ‌මේ රජ ‌ගේ මල්ලි සදාලා…

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.