• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොහොමද ඊළඟට එන නගර සභාව ප්‍රාදේශීය සභාව මෙහෙම එක්ක වුණොත්…

February 10, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
කොහොමද ඊළඟට එන නගර සභාව ප්‍රාදේශීය සභාව මෙහෙම එක්ක වුණොත්…
Share on WhatsAppShare on Facebook

තරුණ සංවර්ධන මධ්‍යස්ථානයක් – නව තාක්ෂණය ලබාදෙන ඒකකයක් – තරුණ උපදේශක සභාවක් – කැපවුණු කැපකරු ක්‍රමයක් – නොනිදන සභාවක් – පුනර්ජනනීය බලශක්තිය – ඩීල් දාලා ඉවරයි – පොලිටිකල් ඩීල් සංස්කෘතිය අවසන් – කොන්ත්‍රාත් තහනම්…

නොපවත්වනු ඇතැයි කල්යනු ඇතැයි කියූ පළාත් පාලන මැතිවරණයට මේ වනවිට දින නියමවී තිබේ. එය මේ වන විටත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයේ සහ පොදුජන පෙරමුණ එක්ව තරග කළද ඒ පාර්ශ්වයෙන් එතරම් උණුසුම් බවක් මැතිවරණය තුළ දක්නට ලැබෙන්නේ නැත. එහෙත්, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය කැපීපෙනෙන ඡන්ද සටනක් දක්නට ලැබේ. පළාත් පාලන ආයතනවලට ඉතිහාසයේ ප්‍රථම වතාවට සමගි ජන බලවේගයෙන් මහජන නියෝජිතයන් පත්වන්නේ මෙවරය. පළාත් පාලන මැතිවරණය සඳහා වූ කටයුතු ආරම්භ වීමත් සමග ඊට අයැදුම් කරන්න ඒ සමගි ජන බලවේගය පුවත්පත් දැන්වීම් දැමූ සැණින් අති විශාල අයැදුම්පත්‍ර ප්‍රමාණයක් ප්‍රධාන කාර්යාලය වෙත ලැබෙන්නට පටන් ගත්තේය.

දින දහයකට වැඩි කලක් සම්මුඛ පරීක්ෂණ පැවැති අතර ඒ කාලසීමාව තුළ විසිදහසකට ආසන්න පිරිසක් සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි විය. ඒ නිසාම පළාත් පාලන ආයතනවල සිටම මහජන නියෝජිතයින්ට සුවිශේෂ ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දියයුතු බව සජිත් විශ්වාස කළේය.

පළාත් පාලනය තුළ සමගි ජන බලවේගයට සුවිශේෂ වැඩපිළිවෙළක් තිබේ. වගවීම, වගකීම, විනිවිදභාවය කේන්ද්‍රීය පළාත් පාලනයක් ස්ථාපිත කිරීමට සමගි ජනබලවේගය තීන්දු කොට තිබේ. එහිදී දූෂණය, වංචාව, නාස්තියට තිත තැබීමට බලාපොරොත්තු වෙයි.

අලුත් සංස්කෘතියක් පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක කරමින් හැම පළාත් පාලන මන්ත්‍රීවරයකුටම මන්ත්‍රීවරියකුටම චර්යාධර්ම පද්ධතියක් සකස් කරනු ඇත. නීතිරීති මාලාවක්, ආචාරධර්ම පද්ධතියක් රෙගුලාසි මාලාවක්ද දැනටමත් සමගි ජනබලවේගය නිර්මාණය කොට ඇත. ඒ අනුව මින් ඉදිරියට පළාත් පාලන මන්ත්‍රීවරුන් සභාපති හා උපසභාපති කොන්ත්‍රාත් කළ කාලය අවසන් වේ. ඒ බව සජිත් කුරුණෑගල මංගල රැලියේදී කීවේය.

‘අපේ මන්ත්‍රීවරුන්ට කොන්ත්‍රාත් තහනම්. ඩීල් දාලා ඉවරයි. පාරට තාර දැමීමේ කොන්ත්‍රාත්, පස් කොන්ත්‍රාත්, වැලි ගොඩදැමීමේ කොන්ත්‍රාත් අවසන්. මින් ඉදිරියට එක එක්කෙනා තම තමන්ගේ පුද්ගලික වාසි තකා ඩීල් ගහපු පොලිටිකල් ඩීල් සංස්කෘතිය අවසන් කරනවා කියලා කියන්න කැමැතියි….’

ඉතිහාසය පුරා එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රීලංනිපයේ, පොදුජන පෙරමුණේ, ජවිපෙ, කොමියුනිස්ට් පක්ෂය ඇතුළු හැම පක්ෂයටම නගර සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සිටි නමුත් පළමුවැනි වතාවට අවුරුදු 3ක් වයසැති අලුත් පක්ෂය අලුත් ගමන අලුත් නායකත්වය, අලුත් දර්ශනය හා වැඩපිළිවෙළ යටතේ පළාත් පාලන මන්ත්‍රීවරු පත්වේ.

‘අපි බිහිකරන සභා නොනිදන සභා බවට පත්කරනවා. ප්‍රාදේශීය සභා නගර සභා ජංගම සේවා වැඩසටහන ක්‍රියාත්මක කරලා සභා රැස්වීම නොපවතින දිනවල සභාපති, උපසභාපති, මන්ත්‍රීවරු මන්ත්‍රීවරියන් ගමේ නගරයේ කුඩා ගම්මානයේ ග්‍රාම සේවා වසමේ ජංගම සේවා හරහා ජනතා ප්‍රශ්න විසඳීමෙන්….’

පළාත් පාලන ආයතන ‘ස්මාර්ට් කවුන්සිල්’ හෙවත් සුහුරු සභා බවට පත්කරන්නට සමගි ජනබලවේගය කටයුතු කරන අතර, පුනර්ජනනීය බලශක්තිය සූරියබල ශක්තිය සභා බලප්‍රදේශයේ ක්‍රියාත්මක වැඩපිළිවෙළ දියත් කරන කේන්ද්‍රස්ථානය බවට පත් කරන්නටද වැඩපිළිවෙළක් සකසා තිබේ. ඒ හරහා සභා බලප්‍රදේශවල නිවෙස්වල වහල උපයෝගී කරගෙන සුර්ය බලශක්තිය හරහා නිවෙසේ විදුලි පරිභෝජනයට අවැසි ශක්තිය ලබාදීමත් අතිරික්තය විදුලිබල මණ්ඩලයට අලෙවි කර ආදායම් මාර්ගයක් ඇතිකරන දියුණු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට සමගි ජනබලවේගය තීරණය කර ඇත.

එමෙන්ම සෑම පළාත් පාලන ආයතනයක්ම තරුණ සංවර්ධන මධ්‍යස්ථානයක් බවට පත්කරන්නට සමගි ජන බලවේගය තීරණය කර ඇත. සෑම පළාත් පාලන ආයතනයකම තොරතුරු තාක්ෂණ දැනුම, පරිගණ දැනුම, නව තාක්ෂණය ලබාදෙන ඒකකයක් හැම පළාත් සභාවකම ක්‍රියාත්මක කොට ගමේ ප්‍රාදේශීය සභාව නගර සභාව රටේ තාරුණ්‍යයේ සංවර්ධනයේ සභාව බවට පත්කරන බව ඔවුන් පවසයි.

සෑම සභාවකම වැඩකටයුතු අධීක්ෂණය කිරීමට අරගලයේ ඉල්ලීමක් වන මේ රටේ තාරුණ්‍යය උපයෝගී කරගෙන සෑම පළාත් පාලන ආයතනයකම තරුණ උපදේශක සභාවක් ඇති කොට ඒ තුළින් සභාවේ වැඩකටයුතු නිරීක්ෂණය කරන්නට, අධීක්ෂණය සහ පරීක්ෂා කරන්න අවැසි බලය මේ රටේ තාරුණ්‍යයට ලබාදෙන බව සමගි ජන බලවේගය පවසයි.

සෑම ප්‍රාදේශීය සභා නගර සභා බලප්‍රදේශයකම තරුණ තරුණියන්ගෙන් සමන්විත උපදේශක සභා බිහිකර සභාපතිට, උපසභාපතිට, මන්ත්‍රීවරුන්ට අවැසි ආකාරයට තම තමන්ගේ තනි කැමැත්තට වැඩ කරපු යුගය අවසන් කිරීම සමගි ජන බලවේගයේ අරමුණකි.

ජනාධිපති අගමැති ආණ්ඩු හෝ පළාත් සභා බලයක් නොමැතිව යම් හෙයකින් සමගි ජන බලවේගයට බලයක් ලැබුණොත් අපේ සභා කරගෙන යන්න හැකිවේද යන ප්‍රශ්නයට සමගි ජනබලවේගයට තීන්දුවක් තිබේ.

‘74 වසරක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ මේ රටේ වැඩක් කරපු සේවය කරපු සංවර්ධනයක් කරපු සහනයක් ලබාදුන් එකම දේශපාලන බලවේගය සමගි ජන බලවේගයයි. ඒ නිසා අලුත් සංකල්ප 2ක් හරහා අපි බලාපොරොත්තු වෙනවා සභාවලට මුදල් ලබාගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. ඉන් එකක් තමයි ජාත්‍යන්තරයේ ධනවත් රටවල ඇති පළාත් පාලන ආයතන සමග සහෝදරත්ව මිත්‍රත්ව සංකල්පය ක්‍රියාත්මක කිරීම. ඒකට කියන්නෙ සිස්ටසිටි බ්‍රදර් රිලේෂන්ෂිප් කියලා. 1993 වසරේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඒක ආරම්භ කළා. මොකද්ද ඒකේ තේරුම? රටේ තියෙන පළාත් පාලන ආයතන 341ම අපි බද්ධ කරනවා ධනවත් රටවල පළාත් පාලන ආයතන 341ත් සමග. මම සතුටින් තමුන්නාන්සේලාට කියන්න කැමැතියි මේ වන විට ඒ වැඩේ දැනටමත් පටන් අරගෙන කියලා. ඒ හරහා පොහොසත් රටවල පළාත් පාලන ආයතන සමග ඇති කරගන්නා මිත්‍රත්ව සංවිධානය තුළ අපේ පළාත් පාලන ආයතනවලට අවශ්‍ය සම්පත් ආදායම් ධනය ලබාගන්න පුළුවන්. ඒ වගේම සෑම පළාත් පාලන ආයතනයක් වෙනුවෙන්ම වෙනමම සත්කාරක කණ්ඩායමක් ඇති කරන්නත් අපේක්ෂා කරනවා….’

සජිත් ප්‍රේමදාස පවසන්නේ එසේය.

හැම පළාත් පාලන ආයතනයකටම ඒ වෙනුවෙන් කැපවුණු කැපකරු ක්‍රමයක් ආරම්භ කර මේ රට සහ පිටරටවල ධනවතුන් සම්බන්ධ කරගෙන සුවිශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සමගි ජනබලවේගය තීරණය කර ඇත.

සමගි ජන බලවේගය ලංකාවේ දැවැන්තම හරිත පක්ෂයයි. ඊට හරිත ප්‍රතිපත්තියක් තිබේ. නූතනවාදී පළාත් පාලන ආයතනය නිර්මාණය කිරීම අරමුණ කොටගෙන හරිත සංකල්පය පෙරදැරි පරිසර හා අපද්‍රව්‍ය කළමනාකරණයක් කෙරෙහි සමගි ජන බලවේගය මූලික මැදිහත්වීම සිදුකරයි.

පළාත් පාලන මට්ටමේ සිටම නිරෝගිමත් ප්‍රජාවක් සඳහා පෙලඹවීම ඉහළ නැංවීම මෙන්ම විධිමත්ව සැලසුම් කළ ප්‍රජා සේවාවන් නිර්මාණය කිරීමද සමගි ජන බලවේගයේ ප්‍රමුඛ ඉලක්කයකි.

ජීවනෝපාය සංවර්ධනය උදෙසා පළාත් පාලන ආයතන යොදාගැනීමට සමගි ජනබලවේගය තීරණය කර ඇත.

ආර්ථිකය හා ව්‍යවසායකත්වය සංවර්ධනය, විනයගරුක පළාත් පාලන නියෝජිතයන්ගේ පැවැත්ම තහවුරු කිරීමට පළාත් පාලන විනය මණ්ඩලයක් ස්ථාපිත කිරීම, මහජන පැමිණිලි හා දුක්ගැනවිලි කළමනාකරණයට (Ombudsman) විධිමත් ප්‍රවේශයක් ගැනීම, ග්‍රාම රාජ්‍ය සංකල්පය තුළින් පළාත් පාලනය ශක්තිමත් කිරීම, පළාත් පාලන ස්වයං ආදායම් මාර්ග ඉහළ නැංවීම, සුහුරු පළාත් පාලනය තුළ කඩිනම් මහජන සේවයට e – Government, සමාජ සාරධර්ම සංවර්ධනයට ප්‍රජා මූලික වැඩපිළිවෙළක් සැකසීම, ළමාවිය සංවර්ධනය ප්‍රමුඛතාව, ගෘහ ඒකක ආදායම් මාර්ග ශක්තිමත් කිරීම, කාන්තා සවිබල ගැන්වීමට ප්‍රමුඛතාව, ප්‍රදේශයේ අපදා කළමනාකරණ මධ්‍යස්ථාන, විවේකය හා විනෝදාස්වාදය සඳහා වූ පහසුකම් සැකසීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී දියුණු වැඩපිළිවෙළක් සමගි ජනබලවේගය හඳුන්වා දී තිබේ.

පළාත් පාලන ආයතන පිළිබඳ කලක් තිස්සේම ඇත්තේ දැඩි පිළිකුල්සහගත තත්ත්වයකි.

වරක් පළාත් පාලන මැතිවරණය අවසන් වූ විට බන්දුල ගුණවර්ධන කීවේ පොල් ලෙල්ලක් දැම්මත් පොහොට්ටුවෙන් දිනන බවය.

කීව වගේම එහෙම ආ පොල්ලෙලි පන්නයේ නියෝජිතයන් පළාත් පාලන ආයතන කුණු කඳු බවට පත්කරනු ලැබීය.

සමගි ජනබලවේගය ඒ කුණු කඳු ඉවත් කර පළාත් පාලන ආයතන ශුද්ධ කරනවාද නැද්ද යන්න බලන්නට වෙන්නෙ ඉදිරියටය.

ක්‍රිෂාන්ති පෙරේරා

SendShareShare
Previous Post

ලංකාවට ඇවිල්ලා මොනවද කළේ? රුසියාවත් එක්ක හොරෙන් ගනුදෙනු කළේ මොනවාද? ලංකාවේ ඉඳලා යනකොට ඇමෙරිකාවේදී අත්අඩංගුවට ගත්ත හිටපු රහස් ඔත්තු ලොක්කා චාල්ස් කවුද?

Next Post

පෙබරවාරි මාසයේ කරන්න තියෙන වියදම් මුදල් අමාත්‍යංශයේ ලේකම් තාම දීලා නෑ! සභාපති පුංචිහේවා සල්ලි මතක් කරයි!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.