• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිටිහැටියේ සැඟවී ගිය ආයෙත් කොහෙන්දෝ මතුවුණු ඡන්ද කොමිසමේ චාල්ස්! එයා කවුද?

February 7, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
හිටිහැටියේ සැඟවී ගිය ආයෙත් කොහෙන්දෝ මතුවුණු ඡන්ද කොමිසමේ චාල්ස්! එයා කවුද?
Share on WhatsAppShare on Facebook

චාල්ස් කියූ සැණින් ලංකාවේ අපේ සිහියට එන්නේ එංගලන්තයේ චාර්ල්ස් කුමරාය. (රැජිනගේ මරණින් පසු නම් තුන්වැනි චාල්ස් රජුය) එහෙත් මේ දිනවල ලංකාවේ බොහෝ දෙනෙකුට චාල්ස් කියූ සැණින් සිහිවන්නේ වෙනත් චර්ල්ස් කෙනෙකි. ඒ, පී.එස්.එම්. චාල්ස් නොහොත් ප්‍රින්ස් සරෝජිනී මන්මතරජා චාල්ස්ය. පළපුරුදු රාජ්‍ය සේවිකාවක වන ඇය නීතිඥ නිමල් පුංචිහේවාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසමේ සාමාජිකාවකි.

ද්‍රවිඩ කතෝලික පවුලක දියණිකව උපන් ප්‍රින්ස් සරෝජිනී මන්මතරජා යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. එමෙන්ම ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සහ රජරට විශ්වවිද්‍යාලයෙන් ආපදා කළමනාකරණය සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිලාභිනියක්ද වන්නීය. රාජ්‍ය සේවිකාවක ලෙස වගකිවයුතු තනතුරු ගණනාවක් හොබවා ඇති ඕ යුද්ධය උත්සන්නව පැවැති 2008දී වවුනියාව දිස්ත්‍රික්කයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (AGA) ධුරය දැරුවාය. යුද්ධයේ අවසන් භාගය වනවිට වවුනියාවේ දිස්ත්‍රික් ලේකම් ධුරයට පත්වූ ඇය, යුද්ධය අවසන් වීමෙන් පසු වන්නියේ අවතැන් කඳවුරුවල පදිංචිව සිටි ලක්ෂ 3කට ආසන්න ජනතාවක් භාරව සිටි ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරිනියද වූවාය. 2012 වසරේදී මඩකළපුව දිස්ත්‍රික් ලේකම් ධුරයට පත්වන පී.එස්.එම්. චාර්ල්ස්, යහපාලන ආණ්ඩුව විසින් 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්කරන්නීය. රේගුව තුළ ඇගේ භූමිකාව සැබැවින් ආන්දෝලනාත්මක එකක් විය.

ජාවාරම් බහුල ස්ථානයක් වූ රේගුවේ සැකකටයුතු භාණ්ඩ බහාලුම් 143ක් සම්බන්ධයෙන් සිදුකරමින් පැවැති විමර්ශනවලට යහපාලන ආණ්ඩුවේ බලපෑම් එල්ල වූ බව කියැවේ. ඊට අමතරව රේගු අධ්‍යක්ෂවරිය ලෙස ඈ බරපතළ රේගු බදු දූෂණ චෝදනා යටතේ රේගු අධිකාරිවරුන් හත්දෙනෙක් අනිවාර්ය නිවාඩු යැවීය. රුපියල් බිලියන 16ක රේගු වංචාවක් පිළිබඳ යටගසා තිබූ පරීක්ෂණ නැවත ආරම්භ කිරීම, මෝටර් රථ ආනයනය කිරීමේදී සමාගමක් සිදුකරමින් පැවැති බරපතළ බදු වංචාවක් අණාවරණ කිරීම ඇතුළු කටයුතු කිහිපයක් නිසා ඇය යහපාලන රජයේ උදහසට ලක් වූ බව අනාවරණ විය. රටට විශාල වශයෙන් ආදායම් අහිමි කරන කරුංකා සහ ගම්මිරිස් ජාවාරමක් සිදුවන බවද එකල කරුණු අනාවරණ විය. ඒ සඳහා පෙර ආණ්ඩුවේ ප්‍රබලයන් එදා සම්බන්ධ වූ අතර වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් ද ඊට සම්බන්ධ බවට චාර්ල්ස් චෝදනා කළාය. සියලු අර්බුද අවසානයේ 2019 ජනවාරි මාසයේ ඈ රේගුවෙන් ඉවත්කිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කරන ලදී. එම ක්‍රියාන්විතය පිටුපස රේගු අධ්‍යක්ෂවරිය එම ධුරයට පත්කළ ඇමැති මංගල සමරවීරගේ ලේකම්වරයාද සිටි බව පසුව අනාවරණ විය. ඒ අනුව පී.එස්.එම්. චාල්ස් රේගුවෙන් නෙරපීම පිටුපස දේශපාලන කතාවක් තිබෙන බව පැහැදිලිය. කෙසේ වෙතත් වරාය සේවකයන්ගේ බලපෑම නිසා නැවතත් ඇය රේගු අධ්‍යක්ෂ ධුරයේ පිහිටුවීමට පාලකයනට සිදුවිය. රේගුවෙන් නික්මෙන පී.එස්.එම්. චාල්ස් ඉන් අනතුරුව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වන්නීය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනධිපති ධුරයට පත්වූ වහාම කළ සීමිත පත්වීම් අතර උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයද විය. 2019 දෙසැම්බර් මස 30 වැනිදා සිදුකළ එම පත්කිරීමේදී උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරිය ලෙස පත්කරන ලද්දේද ඇයයි. රාජ්‍ය සේවයේ මෙතරම් සංකීර්ණ භූමිකාවක් ඉටුකරන ලද පී.එස්.එම්. චාල්ස් රටේ මාතෘකාවක් වනුයේ 2021 ඔක්තෝබර් මාසයේ ඇය මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක ලෙස පත්කරනු ලැබීමෙන් පසුවය. එම පත්වීමද කරනු ලැබූවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි. ඒ අනුව ඉතා කෙටි කලක් තුළ රටේ වැදගත්ම ස්ථාන දෙකක මුල් පුටුවට පත්කරන්නට තරම් ඇය ජනධිපති ගෝඨාභය රාජපක්ෂගේ විශ්වාසවන්තියක වූ බව පැහැදිලය.

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පිහිටුවන ලද පාර්ලිමේන්තු කාරකසභාවේ නිර්දේශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරන්නට යෙදුණු මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ගණන පස්දෙනෙකි. එහි සභාපති ධුරය හොබවනු ලබන්නේ නීතිඥ නිමල් ජේ. පුංචිහේවා විසිනි. එස්.බී. දිවාරත්න, එම්.එම්. මොහොමඩ්, කේ.පී.පී. පතිරණ සහ පී.එස්.එම්. චාල්ස් එම කොමිසමේ සෙසු සාමාජිකයෝය. මැතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමත් සමගම රටේ ආයතන රැසක් මෙකී මැතිවරණ කොමිසමේ බලයට නතුවන්නේය. පූර්ණ බලැති ස්වාධීන ආයතනයක් වන මැතිවරණ කොමිසමට පත්වන සාමාජිකයන්ට ඉමහත් වූ වගකීම් සමුදායක් පැවරෙන්නේ එහෙයිනි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වූ පසු සම්මත කරගත් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු 19 වැනි සංශෝධනයෙන් පිහිටුවූ, 20 වැනි සංශෝධනයෙන් අහෝසි කළ ව්‍යවස්ථාදායක සභාව යළිත් පිහිටුවන්නේය. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුකූලව පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය සහිතව පත්කළ මැතිවරණ කොමිසම මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ වගකීම දරන්නේය. එකී කොමිසමේ එකම කාන්තා නියෝජනය වූයේ පෙර සඳහන් කරන ලද පී.එස්.එම්. චාල්ස් නොහොත් ප්‍රින්ස් සරෝජිනී මන්මතරජා චාල්ස්ය. මෙම මැතිවරණ කොමිසමට පෙර ක්‍රියාත්මක වූ මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමට හිමි නොවූ අවධානයක් වත්මන් කොමිසමට හිමිව තිබූ අතර, ඊට ප්‍රධාන හේතුව ප්‍රකාශයට පත්කර තිබූ පළාත් පාලන මැතිවරණය ආපසු හැරවීමට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් සිදුවෙමින් තිබූ බලපෑම්ය.

මින් පෙර ක්‍රියාත්මක වූ මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් සහ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අතර අර්බුද සහ ගැටුම් බහුල වුවත් එකල්හි කොමිසම මතවාදී වශයෙන් බෙදීම මැතිවරණය පැවැත්වීමට බාධාවක් බව කිසිවකුත් පැවැසූවේ නැත. එහෙත් මෙවර තත්ත්වය ඊට ඉඳුරාම වෙනස් විය. කොමිසම පැහැදිලිවම එකම ස්ථාවරයක සිට කටයුතු කරන බව දැක දැකත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි සාමාජිකයන් කැඳවා සියලු සාමාජිකයන් එක මතයක සිටින්නේදැයි විමසා සිටියේය. ඊට සමගාමීව කොමිසමේ සාමාජිකයන් බෙදීම මැතිවරණයට බාධාවක් බවට පුවත් පැතිර යන්නේය. එම ප්‍රචාරය කෙතරම් තදින් සමාජගත වූයේද යත්, කොමිසම බෙදී නැති බවට එහි සභාපතිට නිවේදනයක් නිකුත් කිරීමට පවා සිදුවිය.

මේ අතරතුර ප්‍රකාශිත මැතිවරණය ආපිට හරවන්නට ආණ්ඩුව බොහෝ සැලසුම් ක්‍රියාත්මක කරන්නට වූයේය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න නාමයෝජනා භාරගැනීම අත්හිටුවන ලෙස තේරීම් භාර නිධාරීන්ට ලිපියකින් දැන්වීම එහි එක් අවස්ථාවක් විය. මැතිවරණය පවත්වන්නේ නම් වැටුප් ගෙවන්නට මුදල් නැති බව පැවැසීම තවත් එක් උපක්‍රමයකි. මෙවැනි උත්සාහයන් මධ්‍යයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගිය 25දා රැස් වූයේය. එහිදී මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සඳහා නව නිලධාරීන් පත්කිරීමට තීරණය කරන ලද බව අනාවරණ විය. එදිනම මැතිවරණ කොමිසමේ සාමාජික පී.එස්.එම්. චාල්ස් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව මාධ්‍ය ඔස්සේ වාර්තා විය. ඒ පුවත ජනාධිපති කාර්යාලය නිතුත් කර තිබූ අතර, ඉන් කියැවුණේ චාල්ස් මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමුකරන ලද බවය. සාමාන්‍යයෙන් මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ පසු රජයේ කනිටු සේවකයෙක් පවා පත්කරන්නේ නැත. එහෙයින් එක සාමාජිකයෙක් අඩුව තිබියදී කොමිසමට ඡන්දය කරගෙන යා හැකිදැයි යන ගැටලුව සමාජයේ මතුවන්නට විය. මේ අවස්ථාව ඉතා තීරණාත්මක මෙන්ම බොහෝ දෙනාගේ හෘද ස්පන්දනය ඉහළ නංවන්නට සමත් එකක් විය. චාල්ස්ගේ ඉල්ලා අස්වීම හරහා ආණ්ඩුව කෙසේ හෝ මැතිවරණය කල්දමාගන්නට සමත්වන බවට බොහෝ දෙනා මත පළකරන්නට වූහ. ඒ අනුව මේ ලියුම්කරු 0112 868441 දුරකතන අංකය ඔස්සේ මැතිවරණ කොමිසම අමතන ලදී. එහිදී කොමිසමේ ප්‍රකාශකයකු කියා සිටියේ චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම තබා එහි පිටපතක්වත් තම ආයතනයට ලබී නැති බවය. එමෙන්ම ඈ ඒ පිළිබඳ කොමිසම හෝ එහි සභාපතිවරයා දැනුවත් කර නැති බවය. අනතුරුව ලියුම්කරු කොමිසමේ සාමාජිකා පී.එස්.එම්. චාල්ස් දුරකතනය මගින් සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්තද එය ව්‍යර්ථ විය.

මේ අතර පසුගිය 25 වැනිදා උදැසන 10 පමණ වන විට මෙරට වෙබ් අඩවි කිහිපයකම පළවූ පුවතකින් කියැවුණේ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා සහ සෙසු සාමාජිකයන්ද ඉල්ලා අස්වීමට ඉඩ ඇති බවය. මේ පුවත බහුතරයකගේ බලාපොරොත්තු සුන්කරන්නට සමත් වූ අතර, ප්‍රංශ විප්ලවයේ බැස්ටීලයට පහරදීමට පෙර තිබූ නිහැඬියාවට සමාන නිහැඬියාවක් සමාජයේ පතුරුවන්නට එය සමත් විය. නැවත වරක් මැතිවරණ කොමිසම ඇමතූ ලියුම්කරු කොමිසමේ සභාපතිවරයා සම්බන්ධ කරගනීමට උත්සාහගත් නමුදු එයද ව්‍යර්ථ විය. අවසානයේ එහි මාධ්‍ය ප්‍රකාශකගේ ජංගම දුරකතන අංකයට ඇමතුමක් ලබාදී පුවතේ සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීමට ලියුම්කරුට සිදුවිය. එහිදී තහවුරු වූයේ එම පුවතද කවුරුන් හෝ හිතාමතා ගොතන ලද්දක් බවය. ‘එහෙම දෙයක් නෑ. මේ වන විටත් කොමිසමේ සාමාජිකයන් වැඩකරනවා. එක්කෙනෙක් අස්වුණාට ඡන්දෙට බාධාවක් නෑ….’ මාධ්‍ය ප්‍රකශකයා පැවැසීය. ජනවාරි 28 වැනි දින ජනාධිපති මාධ්‍ය අංශය වෙතින් කියැවුණේ මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්. චාල්ස්ගේ ඉල්ලා අස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කර ඇති බවය. පුදුමය වන්නේ රටක් කැලඹූ එම ලිපිය ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපතිවරයා දින තුනක් වැයකර තිබීමය. යැවූ තැනක් හෝ දැක්ක කෙනෙක් නැති චාල්ස්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය පිළිබඳ අවධානය තුනී වෙද්දී වාර්තා වූයේ පී.එස්.එම්. චාල්ස් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස්වී නැති බවත්, මුද්‍රණයට යවා ඇති පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ ගැසට්ටුවට ඇයද අස්සන් තබා ඇති බවය. ඒ අනුව කියන්නට ඇත්තේ ‘නිවුස් ප්ලාන්ට් කිරීම කලාවක් නම් මේ ආණ්ඩුව එහි පිකාසෝලා’ බවය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පොහොට්ටු පක්ෂයට කියන්නේ අවුලවා ගන්න එපා අපිව! 13ට එරෙහිව වහාම නැගිටින්න! හොඳයි බලමුකෝ ක්‍රියාත්මක කරලා! ඇල්ලේ ගුණවංශ හිමි කරළියට එයි! VIDEO

Next Post

රනිල්-මූන් ඉදිරියේ පරිසර ගිවිසුමකට අස්සන් තියයි!

MORE NEWS

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

Load More
පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

බලංගොඩට සජබ ආසන සංවිධායකවරයකු නොමැති බවත්, පසුගියදා පොහොට්ටුව සජබ බලංගොඩ ආසන සංවිධායකවරයා සිය පක්ෂයට එක් කර ගත් බව කියමින් ජනතාව...

Read more
එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.