ආණ්ඩුව විසින් පළාත්පාලන මැතිවරණය කල් දැමීමට දරන උත්සාහය පිළිබදව අද දින ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා දැඩි කතාවක් කළේය.
එහිදී දිසානායක මහතා පෙන්වා දුන්නේ ජනවරමක් නොමැති ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය තනතුරු රැකගැනීම සදහා පාර්ලිමේන්තුව ඇතුළේ ගේම් ගසමින් සිටින බවත් ජනතාව විසින් නිසි අවස්ථාවේදී ඔවුනට ගේම ගැසීම නොවැළැක්විය හැකි බවත්ය.










