අද සවස පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂයේ දැඩි විරෝධය නොතකා මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩු පක්ෂය තීන්දු කර ඇති බව වාර්තා වේ.
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පක්ෂ නායක රැස්වීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සිය දැඩි විරෝධය පළ කොට ඇති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් ආණ්ඩු පක්ෂය විපක්ෂයේ මෙම විරෝධය නොතකා හෙට දිනයේදී පනත් කෙටුම්පත ඡන්දයට ගැනීමට තීරණය කොට ඇත.
මෙම තීන්දුව පළමුව ගත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදීය. ඊට විපක්ෂනායකවරයා, අනුර දිසානායක, ඩලස් අලහප්පෙරුම සහ දෙමළ ජාතික සන්ධානය සහභාගී වී සිටියේ නැත.










