නිදහස් උත්සව තිබ්බා! ජනරජ පෙරහැර තිබ්බා! අලුත් අවුරුදු උත්සව තිබ්බා! වෙසක් උත්සවය තිබ්බා! රණවිරු සැමරුම තිබ්බා! හැබැයි ‌පොසොන් රාජ්‍ය උත්සවය ගැන තවම කිසි කතාවක් නෑ! කිසිම නිලධාරියෙක් ඇවිල්ලත් නෑ! මිහින්තලා හාමුදුරුවෝ ආණ්ඩුවේ නියෝජිතයන් එක්ක ප්‍රසිද්ධියේ වචන හුවමාරුවක! VIDEO I Sri Lanka Latest News

පොසොන් උත්සවය පැවැත්වීම නිමිත්තෙන් මෙතෙක් කිසිදු වගකිවයුතු නිලධාරියකු ‌පැමිණ සාකච්ඡා කොට නොමැති බව මිහින්තලා විහාරාධිකාරී වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ. උන්වහන්සේ කියා සිටියේ සියලු උත්සව පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළද පොසොන් රාජ්‍ය උත්සවයට තවම මුදල් ලබා දී නොමැති බවකි. අද ඒ සම්බන්ධයෙන් විමසා බැලීමට වැඩබලන ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ සමග වචන හුවමාරුවක්ද සිදුවිය.