‘උඹලට අදාළ නෑ! මේවා ප්‍රසන්නගේ ඉඩම්! වැඩක් බලාගෙන පලයල්ලා!’ ගම්පහ පොදු පිට්ටනියක වළවල් කපන්න ගිහින් ගම්මු එක්ක ගුටි කෙළියක්! ඇමැති ප්‍රසන්නගේ ආරක්ෂක නිලධාරියෙකුයි කාර්ය මණ්ඩල සාමාජිකයකුයි රෝහලේ! VIDEO I Sri Lanka Latest News

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඉඩමක පොල් වළවල් කැපීමේ සිද්ධියක් මුල් කරගෙන ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරීන් සහ ගම්මුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබේ. මෙම ගැටුමෙන් රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයතු තුවාල ලබා ඇත. සිද්ධියට ගම්වැසියන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමටද පොලිසිය පියවර ගෙන තිබේ.