පිටරට තානාපති කාර්යාලවල රස්සා කරන මැතිඇමැතිවරුන්ගේ දරුවන්-ඥාති හිතවතුන්ගේ නම් ලිස්ට් එක හදලා ඉවරයි! ඒක එළියට දානවලු! හැබැයි අල්ලස් විදිහට බාර් ලයිසන්-ආණ්ඩුවේ අරමුදල් ගත්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලයිස්තුව තවම එළියට දැම්මේ නෑ! Sri Lanka Latest News

පසුගිය රජය සමයේදී විදේශ සේවය සඳහා පත් කරනු ලැබ සිටි මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ විස්තර ඇතුළත් වාර්තාවක් ලබාගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. (Sri Lanka Latest News) මෙම වාර්තාව සමාලෝචනය කරමින් සිටින බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. වාර්තාව ඉදිරියේදී ජනතාවගේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි. lankadeepa